Home » වකු­ගඩු රෝගී ආධාර මුද­ලින් ගොඩනැඟුණු චෛත්‍යරාජ­යා­ සසු­නට පිදේ

වකු­ගඩු රෝගී ආධාර මුද­ලින් ගොඩනැඟුණු චෛත්‍යරාජ­යා­ සසු­නට පිදේ

by damith
July 1, 2024 1:10 am 0 comment

සිරි­පුර - මදු­ශානි අබේ­සිංහ

මීට වසර 14 කට පෙර වැඩ ආරම්භ කර ගම්මා­නයේ දායක කාර­කා­දීන්ගේ මූල්‍ය පරි­ත්‍යා­ග­ව­ලින් මෙන්ම ශ්‍රමය යොදවා පසු­ගි­යදා වැඩ නිම කරන ලද වැලි­කන්ද මැණි­ක්වෙල පූජා­රා­මයේ චෛත්‍යය රාජ­යා­ණන් වහ­න්සේගේ කොත නිරා­ව­ර­ණය කිරීමේ පුණ්‍ය මහෝ­ත්ස­වය ඉකුත් 29 වෙනිදා ඓති­හා­සික දිඹු­ලා­ගල ආරණ්‍ය සේනා­ස­නා­ධි­පති දිඹු­ලා­ගල රාහු­ලා­ලං­කාර නාහි­මි­යන්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් සිදු කැරිණි.

මැණි­ක්වෙල පූජා­රා­මා­ධි­පති වස්ක­ඩුවේ සෝභිත නාහි­මි­යන්ගේ අනු­ශා­සනා පරිදි, දාය­ක­කා­ර­කා­දීන් මෙන්ම ගම්මා­නයේ බාල, තරුණ, මහලු, වැඩි­හිටි, සෑම සියලු දෙනාගේ මූල්‍ය දාය­ක­ත්වය, හා ශ්‍රමය යොදවා මෙම චෛත්‍යය වසර දාහ­ත­රක් පුරා ඉදි­කෙ­රුණි.

මැණි­ක්වෙල අංක 83 ලිපි­නයේ පදිංචි 83, වියති වකු­ගඩු රෝගි­යකු වන පී.වී. පේමා­වතී මහ­ත්මි­යට, මුල් කාලයේ රජ­යෙන් ලැබුණ රුපි­යල් 2500 වකු­ගඩු ආධාර මුදල මාස දහ­යක් පමණ කාල­යක් එකතු කර රුපි­යල් 25,000ක මුද­ලක් මෙම චෛත්‍ය රාජ­යා­ණන් වහන්සේ ඉදි­කි­රී­මට පූජා කිරීම විශේ­ෂ­ත්ව­යක් විය.

පසුව රජ­යෙන් වකු­ගඩු රෝගීන් වෙනු­වෙන් මාසි­කව රුපි­යල් 5000 ක මුද­ලක් ලබා­දී­මට කට­යුතු කර තිබූ අතර එයින්ද මාස දෙකක මුද­ලක් පේමා­වතී මහ­ත්මිය ඉතිරි කර­ගෙන මෙම චෛත්‍යය රාජ­යා­ණන් වහන්සේ ඉදි­කි­රී­මට පරි­ත්‍යාග කර තිබෙන බව දායක සභාව සඳ­හන් කරයි.

රුපි­යල් ලක්ෂ 150කට වැඩි මුද­ලක් වැය­ක­ර­මින් ඉදි­ක­රන ලද පූජා­රා­මයේ චෛත්‍ය රාජ­යා­ණන් වහ­න්සේගේ ගර්භ නිදන් වස්තු තැන්පත් කිරීම සහ කොත නිරා­ව­ර­ණය කිරීමේ අව­ස්ථා­වට ඓති­හා­සික දිඹු­ලා­ගල ආරණ්‍ය සේනා­ස­නයේ වැඩ වාසය කරන ගරු­තර මහා සංඝ­ර­ත්නය වැඩම කර සිටි­යහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT