Friday, July 5, 2024
Home » පොලි­සි­යට අසු නොවූ මහ පරි­මාණ දැව ජාවා­රම ප්‍රා. ලේ. අල්ලා දෙයි

පොලි­සි­යට අසු නොවූ මහ පරි­මාණ දැව ජාවා­රම ප්‍රා. ලේ. අල්ලා දෙයි

ජාවා­ර­ම්කරු පොලි­සිය හවුල් කර­ගෙන ගස් කැපූ බව ඉඩ­ම්හි­මියා කියයි

by damith
July 1, 2024 1:12 am 0 comment
රිදී­මා­ලි­යද්ද ප්‍රාදේ­ශීය ලේක­ම්ව­රිය දැව තොගය නිරී­ක්ෂ­ණය කර­මින්.

රිදී­මා­ලි­යද්ද ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සට අයත් බුබුළ ග්‍රාම නිල­ධාරි වසමේ බඹ­ර­ග­හ­උ­ල­පොත ප්‍රදේ­ශයේ පෞද්ග­ලික ඉඩ­මක කැපූ තේක්ක දැව තොග­යක් බල පත් නොමැ­තිව ප්‍රවා­හ­නය කිරී­මට සූදා­නම් බවට ප්‍රාදේ­ශ­වා­සීන් විසින් රිදී­මා­ලි­යද්ද පොලි­සි­යට වෙත තොර­තුරු ලබා දී ඇති අතර පොලි­සිය සිද්ධිය සම්බ­න්ධ­යෙන් ක්‍රියා නොකි­රීම නිසා ප්‍රදේ­ශ­වා­සීන් රිදී­මා­ලි­යද්ද ප්‍රාදේ­ශීය ලේකම්තුමිය දැනු­වත් කර ඇති අතර රිදී­මා­ලි­යද්ද ප්‍රාදේ­ශීය ලේකම් තක්ෂිලා ගුණ­රත්න සහ තවත් නිල­ධා­රීන් දෙදෙ­නෙකු සමඟ 29දා ඒම ස්ථාන­යට ගොස් එම දැව තොගය නිරී­ක්ෂ­ණය කර එම දැව තොගයේ කුට්ටි වාර්තාව ගෙන රිදී­මා­ලි­යද්ද පොලි­සි­යට භාර දී ඇත.

දින කිහි­ප­යක සිට බුබුළ ග්‍රාම නිල­ධාරි වසමේ ඉඩ­මක තේක්ක ගස් කිහි­ප­යක් කපා බල­පත්‍ර නොමැ­තිව ප්‍රවා­හ­ණය කිරී­මට සූදා­නම් කර ඇති බවට තමන්ට තොර­තුරු ලැබුණ බවත් එම තොතුරු මත මහි­යං­ගණන වන සංර­ක්ෂණ කාර්යා­ලයේ නිල­ධා­රීන් දැනු­වත් කළ බවත් වන සංර­ක්ෂණ කාර්යා­ලය ඉකුත් 28 වන දින රාත්‍රියේ එම ස්ථාන­යට ගොස් දැව තොගය සොයා­ගෙන ඇති අතර හිමි­ක­රු­වෙකු ඉදි­රි­පත් නොවීම හේතු­වෙන් එම දැව කඳන් තොගය අත්අ­ඩං­ගු­වට ගැනීමට නොහැකි බව තමන් දැනු­වත් කළ බවත් ප්‍රාදේ­ශීය ලේකම් තක්ෂිලා ගුණ­රත්න මහ­ත්මිය කීවාය.

කෙසේ නමුත් මෙම දැව ජාවා­රම සම්බ­න්ධ­යෙන් ප්‍රදේ­ශ­වා­සීන් දින කිහි­ප­ය­කට පෙර රිදී­මා­ලි­යද්ද පොලිස් ස්ථාන­යට ද තොර­තුරු ලබා දී ඇති අතර එවැනි සිදු­වී­මක් පොලි­සි­යට සොයා ගැනී­මට නොහැකි බව තොර­තු­රු­ක­රු­වන්ට දැනු­ම්දී­මෙන් අන­තු­රුව තොර­තු­රු­ක­රු­වන් ප්‍රාදේ­ශීය ලේක­ම්ව­රිය දැනු­වත් කර මෙම වැට­ලීම සිදු­කර ඇති බවට තොර­තුරු අනා­ව­රණය වී ඇත.

අදාළ ඉඩමි හිමි­යා­ගෙන් ප්‍රාදේ­ශීය ලේකම් වරිය විසින් සිදු­කළ විම­සී­ම්ව­ලදී ඉඩම් හිමියා කියා සිටියේ පුනැ­ගෑව ප්‍රදේ­ශයේ දැව විකු­ණන පුද්ග­ල­යෙ­කුට තේක්ක ගස් විකුණු බවත් එම පුද්ග­ලයා බල­පත් නොමැ­තිව පොලි­සිය සම්බන්ධ කර­ගෙන මෙම ගස් කැපු බවත්ය.

අදාළ දැව ජාවා­රම සම්බ­න්ධ­යෙන් රිදී­මා­ලි­යද්ද පොලි­සිය විසින් මෙම දැව තොගය සහ පුද්ග­ල­යන් දෙදෙ­නෙකු අත්අ­ඩං­ගු­වට ගෙන ඇති බව පොලි­සිය කීය.

පොලි­සිය මේ පිළි­බඳ වැඩි­දුර පරී­ක්ෂණ පව­ත්වයි.

බදුල්ල දකුණ සමුහ - විමුක්ති සංජය පෙරේරා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x