Friday, July 5, 2024
Home » අධික වේග­යෙන් පැමිණි කන්ටේ­නර් රිය යතු­රු­පැ­දි­ක­රු­වකුට මරු කැඳ­වයි

අධික වේග­යෙන් පැමිණි කන්ටේ­නර් රිය යතු­රු­පැ­දි­ක­රු­වකුට මරු කැඳ­වයි

අසල නිවෙ­සකටත් දැඩි හානි

by damith
July 1, 2024 1:10 am 0 comment

අධික වේග­යෙන් පැමිණි කන්ටේ­නර් රථ­යක් යතු­රු­පැ­දි­ය­කින් ගමන් කර­මින් සිටි පුද්ග­ල­යකු යට­ක­ර­මින් අසල නි‍ෙව­ස­කට කඩා වැදී තිබූ බව පොලි­සිය කියයි.

ඉකුත් 23 දා දහ­වල් බෝපි­ටිය පොලිස් වසමේ කොළඹ – කටු­නා­යක අධි­වේගී මාර්ගයේ බෝපි­ටිය පිවි­සු­මේදී මෙම අන­තුර සිදුව තිබේ. අධි­වේගී මාර්ගය දෙස සිට අධික වේග­යෙන් පැමිණි කන්ටේ­නර් රථය මාර්ගය මැද ඇති දූපත උඩින් පැමිණ මාර්ගයේ ගම­න්ගත් යතු­රු­පැ­දි­ක­රු­වකු ද යට කර­මින් අසල නි‍ෙව­ස­කට කඩා වැදී ඇත. අන­තු­රින් නි‍ෙව­සට ද බර­ප­තළ හානි සිදු තිබේ. එහිදී යතු­රු­පැ­දිය සුනු විසුනු වී ගොස් යතු­රු­පැ­දියේ ගමන් ගත් අය එම ස්ථාන­යේ­දීම මරු­මු­වට පත් විය. අන­තු­රින් එම ස්ථානයේ තිබූ බාබර් සාප්පු­වක සිටි අයකු ද තුවාල ලබා ඇත.

මෙම අන­තු­රින් මිය­ගොස් තිබුණේ අංක 387/ඒ, පරණ අම්බ­ලම උස්වැ­ට­කෙ­යි­යාව පදිංචි සුරේෂ් රොෂාන් (43) නමැති පාසල් වියේ පසු­වන දරු­වන් දෙදෙ­නෙකු සිටින පියෙකි. මිය ගිය අය විදේ­ශ­ග­තව සිට ටික කල­කට පෙර ලංකාව ට පැමිණි අයෙකි. මිය­ගිය අය සිය බිරි­යව ඇයගේ සේවා ස්ථාන­යට ඇර­ලවා නි‍ෙව­සට අවශ්‍ය එළ­වළු රැගෙන එමින් සිටි­යදී අන­තු­රට ලක්ව තිබේ. අන­තු­රින් පසුව කන්ටේ­නර් රථයේ රියැ­දුරු පොලිස් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. සිද්ධිය සම්බ­න්ධ­යෙන් වැඩි­දුර පරී­ක්ෂණ කට­යුතු බෝපි­ටිය පොල­සිය විසින් සිදු කරනු ලබයි.

ජා ඇල සමූහ - ප්‍රසංග පෙරේරා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x