Friday, July 5, 2024
Home » බෙල්ලට කඩුව තියා රන් භාණ්ඩ කොල්ල­කාලා

බෙල්ලට කඩුව තියා රන් භාණ්ඩ කොල්ල­කාලා

රන් ආභ­රණ වෙළෙ­ඳ­සල් හිමි­යකු ඇතුළු 4ක් කොටු

by damith
July 1, 2024 1:12 am 0 comment

මහ­මඟ ගමන් ගන්නා කාන්තා­වන් ඇතුළු ජන­තා­වගේ බෙල්ලට කඩු­වක් තබා මරණ බිය ඇති කර රන් ආභ­රණ කොල්ල­ක­කෑමේ යෙදුණු කල්ලි­ය­කට සම්බන්ධ රන් ආබ­රණ වෙළෙ­ඳ­සල් හිමි­යකු, කාන්තා­වක ඇතුළු සිවු දෙනකු එසේ කොල්ලකෑ රන් ආභ­රණ කිහි­ප­යක්, කඩු­දෙ­කක් හා අත්බෝ­ම්බ­යක් ද සමඟ පෙරේදා (29) අත්අ­ඩං­ගු­වට ගත් බව දිවු­ල­පි­ටිය පොලි­සිය කියයි.

කලක් තිස්සේ මර­ද­ග­හ­මුල, දූන­ගහ අවට ගම්මා­න­වල අතුරු මාර්ග­වල පවා ගමන් ගත් කාන්තා­වන්ගේ රන් ආභ­රණ සොයා ගැනීමේ සිද්ධීන් පිළි­බඳ වාර්තා වීමත් නිසා දිවු­ල­පි­ටිය පොලි­සිය දැඩි විම­සි­ල්ලෙන් සිටිය දී පල්ලි­ය­පි­ටිය ප්‍රදේ­ශ­යේදී රන් දම්වැල් දෙකක් කඩා­ගෙන පලා යමින් සිටි යතු­රු­පැ­දි­යක් ලුහු­බැඳ ගොස් ඇත.

පොලිස් කණ්ඩා­යම යතු­රු­පැ­දිය හඹා යද්දී බඩ­ල්ගම පොලිස් වසමේ හොර­ක­ඳ­විල ප්‍රදේ­ශ­යේදී සැක­ක­රු­වන් දෙදෙනා ගමන් ගත් යතුරු පැදිය ලොරි­යක ගැටී පෙර­ළුණු අව­ස්ථාවේ ප්‍රදේ­ශ­වාසී ජන­තා­වගේ ද සහ­යෙන් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. යතුරු පැදි­යට ද බර­ප­තළ හානි සිදුවී ඇත.

ඔවුන් කඩා ගත් රන්මාල මෙන්ම කාන්තා­වන් බිය ගැනී­මට යොදා­ගත් කඩු දෙකක් ද සැක­ක­රු­වන් සතුව තිබී හමු වී ඇති අතර ඔවුන් හැඳ සිටි කලි­සම් සාක්කු­වල තිබී හෙරො­යින් මත්ද්‍රව්‍ය පැකට් කිහි­ප­යක් ද සොයා­ගත් බව පොලි­සිය කියයි. සැක­ක­රු­වන් ගමන් ගත් යතු­රු­පැ­දිය ද පොලිස් භාර­යට ගෙන තිබේ. මෙසේ අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ මිනු­ව­න්ගොඩ, හොර­ම්පැල්ල ප්‍රදේ­ශයේ තාව­කා­ලි­කව පදිං­චිව සිටින මීරි­ගම, හල්පෙ පදිං­චි­ක­රු­වකු සහ ජා ඇළ ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වෙකි.

සැක­ක­රු­ව­න්ගෙන් කළ ප්‍රශ්න කිරී­ම්ව­ලදී හෙළි වූ තොර­තුරු අනුව එක් සැක­ක­රු­වකු හොර­ම්පැල්ලේ තාව­කා­ලික පදිංචි නි‍ෙවසේ වැසි­කි­ළිය අසල සඟවා තිබූ අත්බෝ­ම්බ­යක් ද සොයා­ගැ­නී­මට පොලි­සි­යට හැකි වී ඇත.

මෙම සැක­ක­රු­වන් දෙදෙනා මෙසේ කාන්තා­ව­න්ගෙන් පැහැ­ර­ගන්නා රන්දම් වැල් හොර­ම්පැල්ලේ තාව­කා­ලි­කව පදිං­චිව සිටින සැක­කරු විසින් සහ හල්පේ පදිං­චිව සිටින ඔහුගේ නැග­ණිය විසින් දිවු­ල­පි­ටිය ප්‍රදේ­ශයේ රන් භාණ්ඩ අලෙ­වි­ස­ල­කට විකුණා ඇති බව අනා­ව­ර­ණය වී තිබේ.

ඒ අනුව අදාළ වෙළෙඳ ආය­ත­නයේ හිමි­ක­රු­වකු ද අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. සැක­ක­රු­වන් විසින් ගෙන­විත් දුන් බව කියන සොර­කම් දෙක­කට අදාළ උණු කරන ලද රත්ත­රන් ප්‍රමා­ණ­යක් ද එම වෙළෙ­ඳ­සලේ හිමි­ක­රු­ගෙන් කළ ප්‍රශ්න කිරී­ම්ව­ලින් පසු පොලි­සි­යට සොයා­ගැ­නී­මට හැකි වී ඇත.

ගත වූ කාලය සීමා­වේදී සිදු වූ රන් භාණ්ඩ කොල්ල­කෑම් නව­ය­කට මෙම සැක­ක­රු­වන් සම්බන්ධ වී ඇති බවට පොලි­සිය කරුණු හෙළි කර­ගෙන තිබේ.

එම සියලු රන් ආභ­රණ දිවු­ල­පි­ටියේ වෙළෙඳ ආය­ත­න­යට විකුණූ බව ඔවුන් හෙළි කර ඇතත් එම වෙළෙඳ ආය­ත­නයේ හිමි­කාර සැක­කරු පවසා ඇත්තේ සිද්ධීන් දෙකක දේපළ පම­ණක් මිලදී ගත් බව යැයි ද පොලි­සිය සඳ­හන් කරයි.

මෙම සැක­ක­රු­වන් විසින් කොල්ලකා විකු­ණන ලද අනෙ­කුත් මංකො­ල්ල­කෑ­ම්ව­ලට අදාළ රන්ආ­භ­රණ සොයා ගැනීම සඳහා ප්‍රධාන සැක­ක­රු­වන් දෙදෙනා රඳවා ගැනීමේ නියෝග යටතේ තබා තව­දු­ර­ටත් ප්‍රශ්න කරන බව පොලි­සිය කියයි.

සෙසු සැක­කරු හා සැක­කා­රිය මිනු­ව­න්ගොඩ මහෙ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව තිබිණි.

මීග­මුව කොට්ඨාස භාර පොලිස් අධි­කාරි එරික් පෙරේරා මහ­තාගේ උප­දෙස් හා සහ­කාර පොලිස් අධි­කාරි ඒ. එදි­රි­සිංහ මහ­තාගේ මෙහෙ­ය­වීම යටතේ දිවු­ල­පි­ටිය පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක චන්ද්‍ර­සිරි හිරි­යා­දෙ­ණිය, අප­රාධ විම­ර්ශන අංශයේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක හේමාල් ලිය­නගේ, පොලිස් සැර­යෙන් (32650) කුමා­ර­ති­ලක, පොලිස් කොස්තා­ප­ල්ව­රුන් වන (72419) සඳ­රු­වන්, (102390) දේශාන්, (102513) දිමුතු සහ කාන්තා පොලිස් කොස්තා­පල් (6793) ශාලිකා යන නිල­ධා­රීහු මෙම සිදු­වීම් සම්බ­න්ධ­යෙන් තව­දු­ර­ටත් පරී­ක්ෂණ පව­ත්වති.

ගම්පහ දිස්ත්‍රික් විශේෂ සිසිල ගුණ­ති­ලක කොට­දෙ­ණි­යාව සමූහ එම්. පුෂ්ප­කු­මාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x