ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයක් බියගම ආසනයේ සියඹලාපේවත්ත ප්‍රදේශයේදී පෙරේදා (29) පෙරවරුවේ විවෘත කරන ලදි.
බියගම ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක ප්‍රසන්න සම්පත් මහතාගේ මූලිකත්වයෙන් මෙය විවෘත කෙරිණි.
මේ අවස්ථාවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක (කාලගුණික විපර්යාස) හා හිටපු ඇමැති රුවන් විජයවර්ධන මහතා ඇතුළු බියගම ප්‍රාදේශීය සභාවේ හිටපු එ.ජා. පක්ෂ මන්ත්‍රීවරුන් හා පාක්ෂිකයෝ විශාල පිරිසක් සහභාගි වූහ.
එහිදී ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා විසින් එම ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලය පීත්ත පටියක් කපා විවෘත කළ අයුරු හා බියගම ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක ප්‍රසන්න සම්පත් මහතා විසින් මේ අවස්ථාවට පැමිණි රුවන් විජයවර්ධන මහතා පිළිගත් අයුරු ද මෙහි දැක්වෙයි.