Friday, July 5, 2024
Home » බිය­ග­මට ජනා­ධි­ප­ති­ව­රණ මෙහෙ­යුම් කාර්යා­ල­යක්

බිය­ග­මට ජනා­ධි­ප­ති­ව­රණ මෙහෙ­යුම් කාර්යා­ල­යක්

by damith
July 1, 2024 1:08 am 0 comment

ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ ජනා­ධි­ප­ති­ව­රණ මෙහෙ­යුම් කාර්යා­ල­යක් බිය­ගම ආස­නයේ සිය­ඹ­ලා­පේ­වත්ත ප්‍රදේ­ශ­යේදී පෙරේදා (29) පෙර­ව­රුවේ විවෘත කරන ලදි.

බිය­ගම ප්‍රාදේ­ශීය සභාවේ හිටපු විපක්ෂ නායක ප්‍රසන්න සම්පත් මහ­තාගේ මූලි­ක­ත්ව­යෙන් මෙය විවෘත කෙරිණි.

මේ අව­ස්ථා­වට ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ උප­දේ­ශක (කාල­ගු­ණික විප­ර්යාස) හා හිටපු ඇමැති රුවන් විජ­ය­ව­ර්ධන මහතා ඇතුළු බිය­ගම ප්‍රාදේ­ශීය සභාවේ හිටපු එ.ජා. පක්ෂ මන්ත්‍රී­ව­රුන් හා පාක්ෂි­ක­යෝ විශාල පිරි­සක් සහ­භාගි වූහ.

එහිදී ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ උප­දේ­ශක රුවන් විජ­ය­ව­ර්ධන මහතා විසින් එම ජනා­ධි­ප­ති­ව­රණ මෙහෙ­යුම් කාර්යා­ලය පීත්ත පටි­යක් කපා විවෘත කළ අයුරු හා බිය­ගම ප්‍රාදේ­ශීය සභාවේ හිටපු විපක්ෂ නායක ප්‍රසන්න සම්පත් මහතා විසින් මේ අව­ස්ථා­වට පැමිණි රුවන් විජ­ය­ව­ර්ධන මහතා පිළි­ගත් අයුරු ද මෙහි දැක්වෙයි.

මල්වාන සමූහ - මහා­නාම විතා­නගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x