Friday, July 5, 2024
Home » ලෙන ආශ්‍රිත පෙදෙසේ සංව­ර්ධ­නය කෙරෙහි දූත පිරිසේ අව­ධා­නය
චීන දූත පිරි­සක් පාහි­ය­න්ගල නිරී­ක්ෂණ චාරි­කා­වක:

ලෙන ආශ්‍රිත පෙදෙසේ සංව­ර්ධ­නය කෙරෙහි දූත පිරිසේ අව­ධා­නය

by damith
July 1, 2024 1:11 am 0 comment

චීන සමූ­හා­ණ්ඩුව සහ ශ්‍රී ලංකා රජය අතර මිත්‍ර­ත්වය වර්ධ­නය කර­මින් පාහි­ය­න්ගල ඓති­හා­සික ලෙන ආශ්‍රිත ප්‍රදේ­ශයේ ආග­මික හා සංස්කෘ­තික වැඩ­ස­ට­හන් රැසක් සිදු කිරීම සඳහා පසු­ගිය 22 වැනිදා අමාත්‍ය විදුර වික්‍ර­ම­නා­යක මහතා සමඟ චීන ජාතික දූත පිරි­සක් පාහි­ය­න්ගල ප්‍රදේ­ශයේ නිරී­ක්ෂණ චාරි­කා­වක නිරත වී තිබේ.

පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ අනු­ග්‍ර­හය ඇතිව පාහි­ය­න්ගල ඓති­හා­සික ලෙන ආශ්‍රි­තව සංර­ක්ෂණ කට­යුතු සිදු කිරීම හා පාහි­ය­න්ගල ලෙන ආශ්‍රිත ප්‍රදේ­ශයේ ආග­මික, සංස්කෘ­තික කට­යුතු සංව­ර්ධ­නය කිරීම පිළි­බ­ඳව මෙහිදී චීන දූත පිරිසේ අව­ධා­නය යොමු වී ඇත. මෙම අව­ස්ථා­වට බුද්ධ ශාසන, ආග­මික හා සංස්කෘ­තික කට­යුතු අමාත්‍ය විදුර වික්‍ර­ම­නා­යක මහතා, පාහි­ය­න්ගල යට­ග­ම්පි­ටිය විහා­රා­ධි­පති පූජ්‍ය යට­ග­ම්පි­ටියේ චන්දිම හිමි, විහා­රා­ධි­කාරී ආනන්ද සාගර හිමි ඇතුළු සංඝ රත්නය සහ පුරා­විද්‍යා අධ්‍යක්ෂ ජන­රාල් මහා­චාර්ය තුසිත මැන්දිස් මහතා, මධ්‍යම සංස්කෘ­තික අර­මු­දලේ ආධ්‍යක්ෂ ජන­රාල් ගාමිණී රත්න­වීර මහතා ඇතුළු පිරි­සක් සහ­භාගී වූහ.

මීග­හ­තැන්න සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x