Friday, July 5, 2024
Home » මාන්කු­ලම් අන­තු­රින් සිව්වැ­න්නාත් මරු දකී

මාන්කු­ලම් අන­තු­රින් සිව්වැ­න්නාත් මරු දකී

by damith
July 1, 2024 1:15 am 0 comment

කිළි­නො­ච්චිය මාන්කු­ලම් පනි­ච්ච­කු­ලම් ප්‍රදේ­ශයේ දී පසු­ගිය 25දා සිදු වූ අති­සු­ඛෝ­ප­භෝගී බස් රථ හා ලොරි අන­තු­රෙන් බර­ප­තළ ලෙස තුවාල ලබා සිටි අයකු 29 දා මිය­ගොස් තිබේ. මොහු මිය­ගොස් ඇත්තේ කිළි­නො­ච්චිය රෝහලේ ප්‍රති­කාර ලබ­මින් සිටින අත­ර­වා­ර­යේ­දීය. එම අන­තු­රෙන් සිද්ධිය වූ ස්ථාන­යේ­දීම තුන් දෙනෙකු මිය­ගොස් හතර දෙනෙකු තුවාල ලබා තිබුණි. යාප­නයේ සිට කොළඹ බලා ගමන් කරන ලද අති සුඛෝ­ප­භෝගී බස් රථ­යක් කාර්මික දෝෂ­ය­කට ලක් වීම නිසා එම බස් රථය මාර්ගය අයිනේ අලු­ත්වැ­ඩියා කර­මින් සිටි­යදී පිටු­ප­සින් පැමිණි ලොරි­යක් බස් රථයේ ගැටීම නිසා මෙම අන­තුර සිදු විණි. බස් රථය හා ලොරිය එකි­නෙක ගැටී­මත් සමඟ ම ලොරි­යට යට­වී­මෙන් හා වාහන දෙක මැදට හසු වීමෙන් බස් රථය අලු­ත්වැ­ඩියා කර­මින් සිටි පිරි­සෙන් තුන් දෙනකු එතැ­නම මිය ගිය අතර තවත් හතර දෙනෙකු බර­ප­තළ තුවාල ලැබීය. මිය­ගිය පුද්ග­ල­යාගේ මළ සිරුර පරී­ක්ෂණ කට­යු­තු­ව­ලින් පසුව ඔහුගේ ඥාතීන් වෙත බාර දී තිබේ.

උතුරු පළාත් විශේෂ - රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x