Friday, July 5, 2024
Home » මිතු­රකු සමඟ ටියු­ෂන් ගිහින් එද්දී යතු­රු­පැ­දි­යෙන් වැටුණු තරු­ණයා පිටු­ප­සින් ආ ලොරි­යට බිලි

මිතු­රකු සමඟ ටියු­ෂන් ගිහින් එද්දී යතු­රු­පැ­දි­යෙන් වැටුණු තරු­ණයා පිටු­ප­සින් ආ ලොරි­යට බිලි

by damith
July 1, 2024 1:17 am 0 comment

බක­මුණ සොමි­යල් හංදියේ දී ⁣යතු­රු­පැදි දෙකක් එකට ගැටී­මෙන් පාසල් සිසු­වෙකු මිය­ගොස් ඇති අතර තවත් තරු­ණ­යකු තුවාල ලබා බක­මුණ රෝහ­ලට ඇතු­ළත් කර ඇත.

යතු­රු­පැදි අන­තු­රින් මිය­ගොස් ඇත්තේ නික­පි­ටිය ඉහළ නුගේ පාර පදිංචි ⁣වෙල­න්ගහ වත්තේ ගෙදර ලකිඳු පින්සර නැමැති 18 හැවි­රිදි බක­මුණ මහ­සෙන් මහා විදු­හලේ ඉගෙ­නුම ලබන සිසු­වෙකි.

පෙරේදා උදේ මාතලේ පැවැති උප­කාර පංති­ය­කට සහ­භා­ගිවී නැවත බක­මුණ නග­ර­යට පැමිණ බක­මුණ සිට නික­පි­ටිය නිවස බලා සැගල ගම්මා­නයේ පදිංචි හිත­ව­තකු සමඟ පැමි­ණෙන අත­ර­තුර සොමි­යල් හංදියේ දී මෙම අන­තුර සිදුවි තිබේ. බක­මුණ සිට පැමිණි යතු­රු­පැ­දිය පිටු­ප­සින් පැමිණි මෙම මාර්ග­යේම ගමන් ගත් වෙනත් යතු­රු­පැ­දි­යක ගැටී මිය­ගිය තරු­ණයා යතුරුපැදි­යෙන් ඉව­තට වැටි ඇති බවද යතු­ර‍ෙ­පැ­දි­යෙන් මාර්ග­යට වැටණු අව­ස්ථාවේ මාර්ගයේ ගමන් ගත් ලොරි­යක ගැටී තුවාල ලබා ඇති බව ද අන­තුර පිළි­බඳ පරී­ක්ෂණ පව­ත්වන බක­මුණ පොලි­සිය සඳ­හන් කළේය.

අන­තු­රින් තුවාල ලැබු ඔහු බක­මුණ රෝහ­ලට ඇතු­ළත් කළ පසු මිය­ගොස් තිබේ. අන­තු­රින් තුවාල ලැබු ⁣සැගල ගම්මා­නයේ පදිංචි තරු­ණයා පොලො­න්න­රුව රෝහ­ලට ඇතු­ළත් කර ඇත.

යතු­රු­පැ­දියේ ගැටුණු ⁣පිටු­ප­සින් පැමිණි යතු­රු­පැ­දිය පැදවූ පුද්ග­ලයා සහ ලොරි රථයේ රියැ­දුරු බක­මුණ පොලි­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. බක­මුණ පොලි­සිය අන­තුරු දෙක පිළි­බඳ පරී­ක්ෂණ පව­ත්වයි.

ඇල­හැර - සරත් වෙල­ගෙ­දර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x