Friday, July 5, 2024
Home » කළු­ගඟ මැණික් මුද­ලා­ලි­ගෙන් කෝටි දෙකක කප්ප­මක් ඉල්ලූ ඩුබායි පාතා­ල­යාගේ අනි­යම් බිරිය අත්අ­ඩං­ගු­වට

කළු­ගඟ මැණික් මුද­ලා­ලි­ගෙන් කෝටි දෙකක කප්ප­මක් ඉල්ලූ ඩුබායි පාතා­ල­යාගේ අනි­යම් බිරිය අත්අ­ඩං­ගු­වට

by damith
July 1, 2024 1:18 am 0 comment

මාතලේ ලග්ගල කළු­ගඟ ප්‍රදේ­ශයේ මැණික් ව්‍යාපා­රි­ක­යෙ­කු­ගෙන් රුපි­යල් කෝටි දෙකක කප්පම් මුද­ලක් ලබා දෙන ලෙස ඩුබා­යිහි ජීව­ත්වන කඩු­වෙල මුතු නමැති පාතාල කල්ලි සාමා­ජි­කයා විසින් දුර­ක­ත­න­යෙන් කරන ලද තර්ජ­න­ය­කට අනුව සිදු කරන ලද පරී­ක්ෂ­ණ­යක දී ඔහුගේ අනි­යම් බිරිඳ උස්කැ­ට­කෙ­යි­යාව පමු­ණු­ගම, ප්‍රදේ­ශයේ දී පෙරේදා (29) වන දින අත්අ­ඩං­ගු­වට ගත් බව ලග්ගල පොලි­සිය පව­සයි.

මාතලේ ලග්ගල කළු­ගඟ හත්තොට අමුණ ප්‍රදේ­ශයේ ප්‍රසිද්ධ මැණික් ව්‍යාපා­රි­ක­යෙ­කු­ගෙන් රුපි­යල් කෝටි දෙකක කප්පම් මුද­ලක් ඉල්ලා තර්ජ­නය කර ඇති අතර එම මුද­ලින් අත්ති­කා­ර­මක් ලෙස රුපි­යල් 650000 ක මුද­ලක් උස්කැ­ට­කෙ­යි­යාව පමු­ණු­ගම ප්‍රදේ­ශයේ පදිංචි කාන්තා­ව­කගේ බැංකු ගිණු­ම­කට තැන්පත් කර ඇති අතර ඒ පිළි­බඳ මෙම මස (26) වන දින ලග්ගල පොලි­සිය වෙත අදාළ ව්‍යාපා­රි­කයා විසින් පැමි­ණිලි කර තිබේ.

එම පැමි­ණි­ල්ලට අනුව සිදු­ක­රන ලද විම­ර්ශ­න­යේදී ඩුබායි රටෙහි ජීව­ත්වන කඩු­වෙල මුතු නමැති පාතාල කල්ලි සාමා­ජි­කයා විසින් මැණික් ව්‍යාපා­රි­ක­යාට දුර­ක­ත­න­යෙන් බැණ තර්ජ­නය කොට කප්පම් මුදල උස්වැ­ට­කෙ­යි­යාව පමු­ණු­ගම පදිංචි ඔහුගේ අනි­යම් බිරි­ඳගේ බැංකු ගිණු­මට බැර කරන ලෙස ඉල්ලා ඇති බවට සිදු කරන ලද පරී­ක්ෂ­ණ­ය­න්ගෙන් අනා­ව­ර­ණය වී ඇත.

අදාළ සැක­කාර කාන්තාව 2021 වස­රේදී ඩුබායි රටට ගොස් කඩු­වෙල මුතු නමැත්තා සමඟ එකට ජීවත්වී නැවත 2023 අගදී ලංකා­වට පැමිණ ඇති අතර ඇයට ජීව­ත්වීම සඳහා කඩු­වෙල මුතු නමැත්තා මෙම කප්පම් මුදල් ඉල්ලා ඇති බවට පොලි­සිය සැක කරනු ලබයි.

මෙම වැට­ලීම මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී ලලිත් රෝහණ ගමගේ මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් ලග්ගල පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ධම්මික පද්ම­රාජ අප­රාධ අංශ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක චමින්ද , උප පොලිස් පරී­ක්ෂක රාජ­පක්ෂ පොලිස් සැර­යන් වරුන් වන (14751) කුමා­ර­සිංහ (21662) රංජිත් පොලිස් කොස්තා­පල් (87174) රාජ­පක්ෂ හා කාන්තා පොලිස් කොස්තා­පල් (12213) කෞශල්‍යා යන අය විසින් සිදු කර තිබේ.

අදාළ සිද්ධි­යට සම්බන්ධ ඩුබායි රටේ ජීවත් වන ප්‍රධාන සැක­කරු අත්අ­ඩං­ගු­වට ගැනීමේ විම­ර්ශන කට­යුතු සිදු කරන අතර අත්අ­ඩං­ගු­වට ගත් කාන්තාව ලග්ගල අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය.

මාතලේ මධ්‍යම සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x