මහියංගණයේ ඇති සුදු තිරිවාණා ගල් නිධියක් කුලියට ගෙන චීන සමාගමකට බදුදෙන බව පවසා භික්ෂූවක නොමඟ යවමින් රුපියල් ලක්ෂ 27කට ආසන්න මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් භික්ෂූවකට සහ භෞත චිකිත්සකවරයකුට එරෙහිව ලද පැමිණිල්ලක් මත කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
කළුතර ප්‍රදේශයේම භාවනා සෙනසුනක හිමිනමක විසින් කළ පැමිණිල්ලක් මත මෙසේ පරීක්ෂණ ආරම්භ කර තිබේ. මහියංගණ ප්‍රදේශයේ ඇති තිරුවානාගල් නිධියක් කුලියට ගෙන චීන සමාගමකට බදු දෙන බවත්, ඒ සඳහා ආයෝජනය කිරීමට බව පවසමින් ණයට මුදල් ලබාගෙන ඇති බව ද සඳහන් වේ.
සැකකාර භික්ෂූව සිය මිතුරකු වන කළුබෝවිල ශික්ෂණ රෝහලේ භෞත චිකිත්සකවරයකු සමඟ එක්ව වංචාව සිදුකර ඇති බවට පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි ද පොලිසිය පවසයි.කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර විමර්ශන පවත්වයි.
පොතුපිටිය - සුමිත් ප්‍රේමතිලක