Home » සුදු තිරි­වාණා නිධි­යක් පෙන්වා භාව­නා­යෝගී භික්ෂු­වගේ ලක්ෂ 27කට විදලා

සුදු තිරි­වාණා නිධි­යක් පෙන්වා භාව­නා­යෝගී භික්ෂු­වගේ ලක්ෂ 27කට විදලා

සැක­කාර හිමි­න­මක හා භෞත චිකි­ත්ස­ක­යකු සොයා විම­ර්ශන

by damith
July 1, 2024 1:20 am 0 comment

මහි­යං­ග­ණයේ ඇති සුදු තිරි­වාණා ගල් නිධි­යක් කුලි­යට ගෙන චීන සමා­ග­ම­කට බදු­දෙන බව පවසා භික්ෂූ­වක නොමඟ යව­මින් රුපි­යල් ලක්ෂ 27කට ආසන්න මුද­ලක් වංචා කිරීම සම්බ­න්ධ­යෙන් භික්ෂූ­ව­කට සහ භෞත චිකි­ත්ස­ක­ව­ර­ය­කුට එරෙ­හිව ලද පැමි­ණි­ල්ලක් මත කළු­තර විශේෂ අප­රාධ විම­ර්ශන ඒක­කය පරී­ක්ෂණ ආරම්භ කර තිබේ.

කළු­තර ප්‍රදේ­ශ­යේම භාවනා සෙන­සු­නක හිමි­න­මක විසින් කළ පැමි­ණි­ල්ලක් මත මෙසේ පරී­ක්ෂණ ආරම්භ කර තිබේ. මහි­යං­ගණ ප්‍රදේ­ශයේ ඇති තිරු­වා­නා­ගල් නිධි­යක් කුලි­යට ගෙන චීන සමා­ග­ම­කට බදු දෙන බවත්, ඒ සඳහා ආයෝ­ජ­නය කිරී­මට බව පව­ස­මින් ණයට මුදල් ලබා­ගෙන ඇති බව ද සඳ­හන් වේ.

සැක­කාර භික්ෂූව සිය මිතු­රකු වන කළු­බෝ­විල ශික්ෂණ රෝහලේ භෞත චිකි­ත්ස­ක­ව­ර­යකු සමඟ එක්ව වංචාව සිදු­කර ඇති බවට පැමි­ණිල්ලේ සඳ­හන්ව ඇතැයි ද පොලි­සිය පව­සයි.කළු­තර විශේෂ අප­රාධ විම­ර්ශන ඒක­කය වැඩි­දුර විම­ර්ශන පව­ත්වයි.

පොතු­පි­ටිය - සුමිත් ප්‍රේම­ති­ලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x