Wednesday, July 3, 2024
Home » ණය ප්‍රති­ව්‍යූ­හ­ග­ත­ක­රණ විවා­දය හෙට-අනිද්දා

ණය ප්‍රති­ව්‍යූ­හ­ග­ත­ක­රණ විවා­දය හෙට-අනිද්දා

විවා­දය කඩා­ක­ප්පල් කිරී­මට විප­ක්ෂයේ සූදා­න­මක්

by damith
July 1, 2024 1:14 am 0 comment

මෙරට ණය ප්‍රති­ව්‍යූ­හ­ගත කිරීම සම්බ­න්ධ­යෙන් තොර­තුරු වඩාත් නිවැ­රැ­දිව සමා­ජ­ගත කිරීම සඳහා හෙට (2) සහ අනිද්දා (3)දෙදින පාර්ලි­මේන්තු විවා­දය පව­ත්වන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවි­ධා­යක, නාග­රික සංව­ර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණ­තුංග මහතා පව­සයි.

ඒ අනුව ණය ප්‍රති­ව්‍යූ­හ­ගත කිරී­මෙන් මෙර­ටට ලැබෙන වාසි හා අවාසි පිළි­බඳ ජන­තා­වට අව­බෝ­ධ­යක් ලැබුණු ඇතැ­යිද අමා­ත්‍ය­ව­රයා අව­ධා­ර­ණය කරයි.

එබැ­වින් තැන් තැන්වල රොක්වී ජන­තාව නොමඟ යවන අසත්‍ය තොර­තුරු පව­ස­නවා වෙනු­වට මෙම විවා­ද­යට සහ­භාගී වී රටට හා ජන­තා­වට වැද­ගත් යෝජනා හා අද­හස් ඉදි­රි­පත් කිරීමේ හැකි­යාව විප­ක්ෂ­යට පව­තින බව ද අමාත්‍ය ප්‍රසන්න රණ­තුංග මහතා කීය. නමුත් පාර්ලි­මේන්තු ස්ථාවර නියෝ­ග­ව­ලට මුවාවී මෙරට ණය ප්‍රති­ව්‍යු­හ­ගත කිරීමේ පාර්ලි­මේන්තු විවා­දය කඩා­ක­ප්පල් කර­මින් සුපු­රුදු අඳ­බාල දේශ­පා­ල­නය කිරීමේ ක්‍රියා­ව­ලි­යක නිර­ත­වී­මට විප­ක්ෂය සූදා­නම් වන බව ද අමා­ත්‍ය­ව­රයා අව­ධා­ර­ණය කරයි. මෙම අසීරු මොහො­තේ­දීත් ජනතා විමුක්ති පෙර­මුණ හා සමඟි ජන බල­වේ­ගය එවන් ප්‍රථ­මික දේශ­පා­ල­න­යක නිර­ත­වීම සම්බ­න්ධ­යෙන් තමන් කන­ගා­ටු­වට පත්වන බව කී අමාත්‍ය ප්‍රසන්න රණ­තුංග මහතා විප­ක්ෂයේ සැබෑ උව­ම­නාව ජන­තා­වගේ කඳුළු මතින් දේශ­පා­ලන කිරීම බව ද සඳ­හන් කළේය. ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ නාය­ක­ත්ව­යෙන් යුතු රජය රටට හා ජන­තා­වට අහි­ත­කර කිසිඳු යෝජ­නා­වක් ක්‍රියා­ත්මක නොක­රන බව ද කීවේය.

විප­ක්ෂයේ මජර දේශ­පා­ලන ක්‍රියා­ව­ලිය පරා­ජය කිරී­මට ආණ්ඩු පක්ෂය හොඳින් සූදා­නම් බව ද අව­ධා­ර­ණය කළ අමාත්‍ය ප්‍රසන්න රණ­තුංග මහතා ඒ සඳහා විප­ක්ෂයේ රටට ළැදි මන්ත්‍රී­ව­රුන්ගේ සහ පක්ෂ නාය­ක­යන්ගේ සහ­යද රජ­යට ලැබෙන බව ද වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x