Wednesday, July 3, 2024
Home » ජනා­ධි­ප­ති­ව­රණ නිවේ­ද­නය ප්‍රකාශ කිරී­මට 17දාට පසුව කොමි­ස­මට බලය ලැබෙ­නවා

ජනා­ධි­ප­ති­ව­රණ නිවේ­ද­නය ප්‍රකාශ කිරී­මට 17දාට පසුව කොමි­ස­මට බලය ලැබෙ­නවා

මැති­ව­රණ කොමි­ෂන් සභාවේ සභා­පති ආර්.එම්.ඒ.එල්. රත්නා­යක

by damith
July 1, 2024 1:03 am 0 comment

ජනා­ධි­ප­ති­ව­ර­ණය පිළි­බඳ නිවේ­ද­නය ප්‍රකාශ කිරීම සඳහා එළ­ඹෙන ජූලි මස 17 දායින් පසුව මැති­ව­රණ කොමි­ස­මට බලය ලැබෙන බව මැති­ව­රණ කොමි­ෂන් සභාවේ සභා­පති ආර්.එම්.ඒ.එල්. රත්නා­යක මහතා දින­මි­ණට පැව­සීය.

ජනා­ධි­ප­ති­ව­ර­ණය පැවැ­ත්විය යුතු වන්නේ සැප්තැ­ම්බර් 17ත් ඔක්තෝ­බර් 16ත් අතර දින­ය­කදී බව කියා සිටි සභා­ප­ති­ව­රයා ඒ අනුව කොමි­සම මැති­ව­ර­ණය සඳහා සුදුසු දින­යක් ප්‍රකා­ශ­යට පත් කරන බවද ප්‍රකාශ කළේය. මැති­ව­රණ කොමි­සම ඕනෑම මැති­ව­ර­ණ­ය­කට සූදා­නම් බවද කියා සිටි සභා­ප­ති­ව­රයා මේ මැති­ව­ර­ණය සඳහා 2024 ඡන්ද හිමි නාම ලේඛ­නය උප­යෝගි කර­ගැ­නී­මට හැකි බවද වැඩි­දු­ර­ටත් කීවේය.

සුභා­ෂිණී සේනා­නා­යක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x