Wednesday, July 3, 2024
Home » දේශ­පා­ලන එක­මු­තු­භා­ව­යට මේ සන්ධා­නය හොඳ ආද­ර්ශ­යක්
රට ගැන සිතා වැඩ කරන පිරි­සක් ශ්‍රීල­නිප ප්‍රමුඛ සන්ධා­නය සමඟ එක් වෙලා

දේශ­පා­ලන එක­මු­තු­භා­ව­යට මේ සන්ධා­නය හොඳ ආද­ර්ශ­යක්

ශ්‍රීල­නිප ප්‍රමුඛ නව සන්ධා­නය වැල්ල­වායේ පැවැත්වූ රැලි­යේදී ඇමැති නිමල් සිරි­පාල ද සිල්වා පව­සයි

by damith
July 1, 2024 1:04 am 0 comment

පටු දේශ­පා­ල­නික අර­මු­ණු­ව­ලින් තොරව හුදෙක් රට ගැන සිතා කට­යුතු කරන පිරි­සක් අද ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධා­න­යට එකතු වී සිටින බව ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ සභා­පති වරාය හා සිවිල් ගුව­න්සේවා අමාත්‍ය නිමල් සිරි­පාල ද සිල්වා මහතා පැවැ­සීය.

මේ රටේ සෑම පක්ෂ­යක්ම දෙකට තුනට කැඩී බෙදී වෙන්වී තිබුණු අව­ස්ථා­වක ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධා­නය දේශ­පා­ලන එක­මු­තු­භා­වය පිළි­බඳ නව අද­හ­සක් රටට ඉදි­රි­පත් කර තිබෙන බව ද ඒ මහතා කීය.

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධා­නය මඟින් පව­ත්වනු ලබන මහ­ජන රැලි මාලාවේ දෙවැනි රැලිය පෙරේදා (29) පස්ව­රුවේ වැල්ල­වාය නග­ර­යේදී පැවැ­ත්වුණු අව­ස්ථා­වේදී රැස්ව සිටි ජන­කාය අම­ත­මින් ඇමැ­ති­ව­රයා මේ බව අව­ධා­ර­ණය කළේය.

කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අම­ර­වීර, රාජ්‍ය අමා­ත්‍ය­ව­රුන් වන ලසන්ත අල­ගි­ය­වන්න, එස්. වියා­ලේ­න්ද්‍රන්, චාමර සම්පත් දස­නා­යක, පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් වන ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ මහ­ලේ­කම් දුමින්ද දිසා­නා­යක, අනුර ප්‍රිය­ද­ර්ශන යාපා, ජෝන් සෙනෙ­වි­රත්න, නිමල් ලන්සා හා මෙම රැලිය සංවි­ධා­නය කළ රාජ්‍ය අමාත්‍ය හා මොන­රා­ගල දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී ජගත් පුෂ්ප­කු­මාර මහ­ත්වරු ද හිටපු අමා­ත්‍ය­ව­රි­යක වන සුමේධා ජී. ජය­සේන මහ­ත්මිය ඇතුළු පිරි­සක් ද මේ අව­ස්ථා­වට සහ­භාගි වූහ.

මෙම රැස්වීම අමතා අැමැති නිමල් සිරි­පාල ද සිල්වා මහතා මෙසේ ද පැව­ැසීය.

“අපට අවශ්‍ය වන්නේ මේ එක­මු­තු­භා­වය තුළින් රට ජය­ග්‍ර­හ­ණය කර­වන්න. මේ රට ආර්ථික හා දේශ­පා­ල­නික අර්බු­ද­යෙන් ගොඩ ගැනී­මට නම් ශක්ති­මත් දේශ­පා­ලන සන්ධා­න­යක් අව­ශ්‍යයි. අද අප දෙන්නේ ඒ ශක්ති­යයි. අන්ත­වාදී වාම දේශ­පා­ල­නය අද ලෝකය පිළි ගන්නේ නැහැ. ගොලීය දේශ­පා­ල­නය තුළ ශ්‍රී ලංකාවේ අන­න්‍ය­තාව ඔය අන්ත­වාදී දේශ­පා­ල­න­යෙන් තහ­වුරු කරන්න බැහැ. ඒ සඳහා ශක්ති­මත් ආර්ථික හා දේශ­පා­ලන වැඩ­පි­ළි­වෙ­ළක් තිබිය යුතුයි.

පිකට් කළාට, උද්ඝෝ­ෂ­ණය කළාට, විරෝ­ධතා පැවැ­ත්වූ­වාට පිළි­ගත් ආර්ථික හා දේශ­පා­ල­නික වැඩ­පි­ළි­වෙ­ළක් නැත්නම් මේ රට ගොඩ­ගන්න බැහැ. ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධා­නයේ අර­මුණ ඒ සඳහා නාය­ක­ත්වය දීමයි.”

රාජ්‍ය ඇමැති චාමර සම්පත් දස­නා­යක මහතා.

“අද මේ පැවැ­ත්වෙන රැලියේ වේදි­කාව දිහා මම බැලුවා. මේකේ දැලි පිහි­යෙන් කිරි පැණි කාලා, වඳු­ර­න්ගෙන් බණ අහලා, නේරං­ජ­නා­වෙන් ගොඩ­වෙච්ච කට්ට වෙට්ට පිත්තල ඔක්කොම ඉන්නවා. මම එහෙම කියන්නේ වෙන එකක් නිසා නොවෙයි. කිසි දිනෙක මැති­ව­ර­ණ­ය­කින් පරා­ජය නොවිච්ච පිරි­සක් අද මෙතැන ඉන්නවා. ඒ නිසා මේ ඉන්න ජන­ග­හ­නය දෙස බල­පු­වාම අප­ටත් ලොකු අභි­යෝ­ග­යක් තියෙ­නවා. මොකද මීළඟ රැස්වීම තියෙන්නේ බදුල්ලේ. අපට මීට වඩා ජන­කා­යක් සහ­භාගි කරන්න සිදු වෙනවා. ඒ වගේම මට වැල්ල­වාය ඡන්ද ප්‍රති­ඵ­ලය ගැනත් කියන්න වෙනවා. ගෝඨා­භය මහ­ත්තයා තරග කරපු ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී වැල්ල­වා­යෙන් සජිත්ට ඡන්ද 8000යි. හැබැයි ගෝඨා­භය මහ­ත්ත­යාට ඡන්ද 98,000යි. ඒ නිසා මොන­රා­ගල දිස්ත්‍රි­ක්කයේ වැල්ල­වාය ආස­නය කියන්නේ අප දින­වපු ආස­න­යක්. ඒකේ අයි­ති­කා­රයා ජගත් පුෂ්ප­කු­මාර මහ­ත්තයා. ඒ නිසා මෙවර ප්‍රති­ඵ­ල­යත් එහෙම තමයි කියලා අප දන්නවා.”

මන්ත්‍රී ජගත් පුෂ්ප­කු­මාර මහතා,

“අද මේ වන විට මෙම රැලි­යට 35,000කට වැඩි පිරි­සක් පැමිණ සිටින බවට මට තොර­තුරු වාර්තා වෙනවා. මේ වගේ ජන­ග­හ­න­යක් මින් පෙර කව­දා­වත් මෙවැනි දේශ­පා­ලන රැලි­ය­කට මොන­රා­ගල දිස්ත්‍රි­ක්කයේ සහ­භාගි වෙලා නැහැ. තමු­න්නා­න්සේලා දන්නවා. මේ රැලි මාලාව අප පව­ත්වන්නේ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධා­නයේ ශක්තිය පෙන්වීම සඳ­හායි. මින් පෙර විවිධ පක්ෂ මොන­රා­ගල දිස්ත්‍රි­ක්කයේ මහ­ජන හමු පැවැ­ත්වුවා. නමුත් ඔවුන් කළේ වෙනත් දිස්ත්‍රි­ක්ක­ව­ලින් සෙනඟ ගෙනල්ලා පුර­වන එක.

සම­හරු මට යෝජනා කළා පොළ භූමියේ මේ රැලිය පව­ත්වමු කියලා. මම කිව්වා නෑ, මම මේක පව­ත්වන්නේ වැල්ල­වාය පිට්ට­නියේ කියලා. අද මේ ක්‍රීඩාං­ග­ණය විත­රක් නෙවෙයි. මුළු නග­ර­යම අප මහ­ජ­න­තා­ව­ගෙන් පිරෙව්වා. අද ම‌ෙග් දේශ­පා­ලන ජීවි­ත­යට වසර 30ක් සම්පූර්ණ වෙනවා. එවැනි දිනෙක මගේ මොන­රා­ගල ජන­තාව මට ලොකු තෑග්ගක් දී තිබෙ­නවා. ඒ තමයි, ඔවුන් වසර තිහක් තිස්සේ මා කෙරෙහි තැබූ විශ්වා­සය අද නැව­තත් ඔවුන් තහ­වුරු කර තිබීම.”

මන්ත්‍රී අනුර ප්‍රිය­ද­ර්ශන යාපා මහතා,

“අද මට මොන­රා­ගල ත්‍රිත්ව­යක් මතක් වෙනවා. ඒ තමයි සුමේධා ජය­සේන මැති­නිය, ජගත් පුෂ්ප­කු­මාර හා විජ­ය­මුනි සොයිසා යන පිරිස. සුමේධා ජය­සේන මැති­නිය හා ජගත් පුෂ්ප­කු­මාර මහතා අද මෙතැන ඉන්නවා. විජ­ය­මුනි සොයිසා මහතා ඉදි­රි­යේදී අපට එකතු වනු ඇතැයි මම හිත­නවා. ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය කියන්නේ ගාමක බල­වේ­ග­යක්. එහි ගාමක බල­වේ­ගය වන්නේ මහ­ජ­න­තා­වයි. අද මේ නව සන්ධා­නය තුළ රටේ හතර දිග්බා­ගයේ සිටින සිංහල, දෙමළ හා මුස්ලිම් සියලු මන්ත්‍රී­වරු අපට එකතු වෙනවා. අපත් එක්ක සාකච්ඡා කර­නවා. ඒ කරන්නේ හෙටට හොඳ රටක් නිර්මා­ණය කරන්න. ඒ වගේම අර පාර­ම්බාන හැට­න­ව­ල­ක්ෂයේ ඡන්ද පද­නම නොබිඳී ආරක්ෂා කර ගැනී­මට. ඒ ජන බලය සම­හර නාය­ක­යන්ගේ ක්‍රියා­ක­ලා­පය නිසා බිඳ වැටෙ­මින් තිබුණා. අද අපට කෙටි කාල­යක් තුළ දීර්ඝ ගම­නක් යෑමට සිදු වෙනවා. ඒක ලොකු අභි­යෝ­ග­යක්. නමුත් අප ඒ අභි­යෝ­ගය ජය­ගත යුතුයි. ඒ නිසා තමයි අප මෙම රැලි මාලාව සංවි­ධා­නය කර තිබෙන්නේ.”

වැල්ල­වාය විශේෂ - ජී.අයි.ආර්. ගරු­සිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x