Wednesday, July 3, 2024
Home » මහින්ද රාජ­පක්ෂ ප්‍රමුඛ පොහො­ට්ටුව සෑම තීන්දු­වක්ම ගත්තේ මහ පොළොවේ ජීවත් වන ජන­තා­වගේ ජීවිත සුර­ක්ෂිත කර­න්නයි

මහින්ද රාජ­පක්ෂ ප්‍රමුඛ පොහො­ට්ටුව සෑම තීන්දු­වක්ම ගත්තේ මහ පොළොවේ ජීවත් වන ජන­තා­වගේ ජීවිත සුර­ක්ෂිත කර­න්නයි

ශ්‍රීල­පොපෙ ගම්පහ දිස්ත්‍රික් කැල­ණිය ආසන සමු­ළුව අම­ත­මින් මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ කියයි

by damith
July 1, 2024 1:05 am 0 comment

හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ ගනු ලැබූ සෑම තීන්දු­වක්ම ගෙන තිබෙන්නේ මේ මහ පොළොවේ ජීවත් වන ජන­තා­වගේ ජීවිත සුර­ක්ෂිත කිරී­මට බව ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ජාතික සංවි­ධා­යක සහ හම්බ­න්තොට දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ මහතා අව­ධා­ර­ණය කරයි.

අනා­ගත දරු පර­පුරේ හෙට දවස සුර­ක්ෂිත කරන්න පුළු­වන් නූතන පර­ම්ප­රාවේ දේශ­පා­ලන බල­වේ­ගය ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ බව පෙන්වා­දෙන ඒ මහතා ඉදි­රි­යේදී පැමි­ණෙන කුමන අභි­යෝ­ග­යක් වුවද ජය ගැනී­මට හැකි බව ද රටේ සහ ජාතියේ හෙට දවස වෙනු­වෙන් සවි­මත් දේශ­පා­ලන බල­වේ­ගය ලෙස නිර­න්ත­ර­යෙන් පෙනී සිටින බව ද පෙන්වා දෙයි.

ඒ මහතා මේ බව සඳ­හන් කළේ කිරි­බ­ත්ගොඩ නග­ර­යේදී පෙරේදා (29) පැවැති ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ගම්පහ දිස්ත්‍රික් කැල­ණිය ආසන සමු­ළුව අම­ත­මිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් පළ කළ පාර්ලි­මේන්තු මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ මහතා,

“අප අද­ටත් විශ්වාස කර­නවා මේ බදු ප්‍රති­ප­ත්තිය තුළ දේශීය ව්‍යාපා­රි­ක­යාගේ බදු අඩු වෙන්න ඕනෑ. රජ­යක් විදි­යට විදේශ ආයෝ­ජන සඳහා විශාල වශ­යෙන් සහන ලබා දෙනවා. ඒ සහන දේශීය ව්‍යාපා­රි­ක­ය­න්ටත් දෙන යුග­යක් අප ආරම්භ කළ යුතු වෙනවා. දේශීය ව්‍යාපා­රි­කයා දියුණු වුණොත් තමයි නව රැකියා උත්පා­ද­නය වන්නේ. නව රැකියා උත්පා­ද­නය වුණොත් තමයි අපේ දරු­වන් අතට සල්ලි ලැබෙන්නේ. බලා­පො­රො­ත්තු­වන් ඇති වෙන්නේ. විශ්ව­වි­ද්‍යා­ලය හෝ කාර්මික පුහු­ණුව හෝ තාක්ෂණ පීඨය හෝ මෙයින් ලැබෙන අධ්‍යා­ප­නය තුළ දරු­වන්ට නව රැකි­යා­වක් ලැබෙ­නවා. අසී­මිත බදු ප්‍රත්ප­ත්ති­යක් තුළ මේ රටේ ව්‍යාපා­රි­ක­යන්ට සාධා­ර­ණ­යක් ඉටු­වන්නේ නැහැ. බදු­වල ප්‍රති­ශ­ත­යට වඩා බදු ගෙවන ප්‍රති­ශ­තය වැඩි කරන්න අප උත්සාහ කර­නවා. ඒකට තාක්ෂ­ණ­යත් බද්ධ කර­නවා. අපට වැඩ­පි­ළි­වෙ­ළක් තිබෙ­නවා. ඔබේ දරුවා අපේක්ෂා කරන තාක්ෂ­ණික විප්ල­වය තුළ නිර්මා­ණය වන රැකි­යා­වට දරු­වන් රැගෙන යන්න අපට වැඩ­පි­ළි­වෙ­ළක් තිබෙ­නවා. ඒ තුළ අප විශ්වාස කරන්නේ ඉදි­රි­යේදී පැමි­ණෙන අභි­යෝ­ග­ව­ලට අපට සාර්ථ­කව මුහුණ දෙන්න පුළු­වන් කියලා. අප අද ආණ්ඩු­වත් ජනා­ධි­ප­ති­ව­ර­යාත් අපේ මන්ත්‍රී කණ්ඩා­යම කරන වැඩ­පි­ළි­වෙළ තුළ අද ණය ප්‍රති­ව්‍යූ­හ­ග­ත­ක­ර­ණය කර තිබෙ­නවා. ඒ ප්‍රති­ව්‍යූ­හ­ග­ත­ක­ර­ණය කළ ණය ප්‍රමා­ණය, ද්වීපා­ර්ශ්වික ණය එදා ගත්තේ මේ රටේ යටි­තල පහ­සු­කම් සංව­ර්ධ­නය කරන්න.

රාජ්‍ය සම්ප­ත්ව­ලට ආයෝ­ජ­ක­යන් ගේන්න ඕනෑ. ඔවුන් ගෙනත් ඒවා පුළුල් කළ යුතු වෙනවා. ඒ තුළ නව රැකියා උත්පා­ද­නය කළ යුතු වෙනවා. නමුත් ආයෝ­ජ­ක­යාට පැමිණ ආයෝ­ජ­නය කළ හැකි පරි­ස­රය අප හදලා තිබෙන්නේ. අසී­මිත බදු බර, කාල­යෙන් කාල­යට වෙනස් වන ප්‍රති­පත්ති, දේශ­පා­ලන අස්ථා­ව­ර­ත්වය තුළ සාධා­ර­ණ­ත්වය අපේ දේශීය ව්‍යාපා­රි­ක­යන්ට හෝ විදෙස් ආයෝ­ජ­ක­යන්ට හෝ ඉටු­වෙන්නේ නැහැ. අප අවු­රුදු 30ක් යුද්ධ කළා. මහින්ද රාජ­පක්ෂ මහතා ඒක අවු­රුදු තුනෙන් අව­සන් කළා. ඒ සටන් පාඨය ඉවත් කළා. දැන් ඇතැ­මුන් උත්සාහ කර­නවා හොරු අල්ලන සටන් පාඨය ඊළඟ අවු­රුදු 30ට තමන්ගේ මැති­ව­රණ වේදි­කාවේ සටන් පාඨ­යක් කර­ගන්න.

ඔබේ දරු­වාට අනා­ග­ත­යක් තිබෙන්නේ වැඩ­පි­ළි­වෙ­ළක් හා දැක්මක් සමඟ දේශී­ය­ත්වය අගය කරන අපේ­ක­මට ගරු කරන ආගම දහම ආරක්ෂා කරන දේශ­පා­ලන බල­වේ­ග­ය­ටයි. අපේ සංස්කෘ­තිය අප රකින්න ඕනෑ. කිරි­බ­ත්ගොඩ නග­රය ඒකට හොඳ උදා­හ­ර­ණ­යක්. එදා අර­ග­ල­යෙන් කළේ අපේ සංස්කෘ­ති­යට ගහපු එක. සංස්කෘ­තිය වට්ටපු එක. ඔබ එදා ලබා­දුන් හයිය තුළින් ගොඩ­නැ­ඟුණු දේශ­පා­ලන සාර­ධර්ම ආරක්ෂා කරන්න ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ අපේක්ෂා කර­නවා. එදා ත්‍රස්ත­වා­දය අව­සන් කරන විට ඊට විරුද්ධ වූ පිරි­සක් හිටියා. අද­ටත් අපට ඇතැ­මුන් කිය­නවා යුද්ධය ගැන කතා කරන්නේ ඇයි කියලා. එහෙම කියන අය යුද්ධය සම්බ­න්ධ­යෙන් පොත් ලිය­නවා.

එදා අප විශ්වාස කළේ රණ­සිංහ ප්‍රේම­දාස මහතා විත­රයි එල්.ටී.ටී.ඊ.යට තුවක්කු දුන්නේ කියලා. පිල්ලෙ­යාන් ඇමැ­ති­ව­රයා ප්‍රකා­ශ­යක් කර තිබෙ­නවා තවත් දේශ­පා­ලන පක්ෂ­යක් එල්.ටී.ටී.ඊ.යට තුවක්කු දුන්නා කියලා. එලෙස තුවක්කු දී තිබෙ­නවා නම් ඒ සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂ­ණ­යක් සිදු කළ යුතු වෙනවා. ඇත්ත­ටම එහෙම දේශ­පා­ලන පක්ෂ­ය­කට තුවක්කු තිබුණා ද එල්.ටී.ටී.ඊ.යට දෙන්න. එලෙස තුවක්කු දුන්නා නම් එම දේශ­පා­ලන පක්ෂයේ ප්‍රති­පත්ති සම්බ­න්ධ­යෙන් රටේ ජන­තාව දැනු­වත් විය යුතු වෙනවා. අප වැඩ­පි­ළි­වෙ­ළක් එක්ක යමු. ඔබේ දරු­වාගේ හෙට දවස සුර­ක්ෂිත කරන්න පුළු­වන් නූතන පර­ම්ප­රාවේ දේශ­පා­ලන බල­වේ­ගය ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මු­ණයි. ඒ නිසා පොදු­ජන පෙර­මුණ වටා එක් වෙන්න. මේ පිරිස රටට, ජාති­යට ආද­රය කරන පිරි­සක්. මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ ප්‍රති­පත්ති සමඟ බද්ධ වුණු සහ එම ප්‍රති­ප­ත්ති­ව­ලට ආද­රය කළ පිරි­සක් ලෙස අපේ බල­වේ­ග­යත් එක්ක එකතු වෙන්න කියා ආරා­ධනා කර­නවා. ප්‍රසන්න රණ­වීර මහතා ඉතා හොඳින් මේ ආස­නයේ සංවි­ධාන කට­යුතු කර­නවා. හැම අව­ස්ථා­ව­කම මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ දෑත් ශක්ති­මත් කරන්න ඒ මහතා කට­යුතු කර තිබෙ­නවා.”

ඇමැති ප්‍රසන්න රණ­තුංග මහතා,

“ඉතාම සාර්ථක ලෙස ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ කැල­ණිය ආසන සම්මේ­ල­නය අද කිරි­බ­ත්ගොඩ නග­ර­යේදී පැවැ­ත්වෙ­නවා. ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ කියන්නේ අද ශ්‍රී ලංකාවේ තිබෙන ශක්ති­මත්ම දේශ­පා­ලන පක්ෂය. පසු­ගිය ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් ගෝඨා­භය රාජ­පක්ෂ මහතා වැඩි ඡන්ද­යෙන් ජය ගත්තා. එතුමා බල­යට පැමිණි පසුව අපේ රටට කොවිඩ් – 19 වසං­ග­තය බල­පෑවා. රට වහන්න එපා, රට වැහු­වොත් ආර්ථික වශ­යෙන් දැඩි බල­පෑ­ම­කට ලක්වන බවට ආර්ථික විශේ­ෂ­ඥ­යන් ප්‍රකාශ කළා. නමුත් වෛද්‍ය­වරු පැව­සුවා රට වහන්න එසේ නැති නම් ලක්ෂ­යක් දෙකක් පමණ ජන­තා­වක් මේ වසං­ග­ත­යෙන් මිය යන බවට ප්‍රකාශ කළා. ඒ අනුව ආර්ථි­කය කෙසේ වෙතත් ජන­තාව ජීවත් විය යුතු බවට ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා තීර­ණය කළා. ඒ අනුව වෛද්‍ය­ව­රුන්ගේ උප­දෙස් අනුව අවස්ථා කිහි­ප­ය­කදී රට වසා දමන්න පිය­වර ගත්තා. ඒ අනුව රට වසා දමා ජන­තා­වට එන්නත් තුනම ලබා දෙන්න අවශ්‍ය පිය­වර ගත්තා. කෙසේ වෙතත් පසුව අපට විවිධ බාධක පැමි­ණියා. මිනි­සුන්ගේ පීඩාව හේතු­වෙන් සාම­කාමී අර­ග­ලය ආරම්භ කළත් විප­ක්ෂයේ දේශ­පා­ලන පක්ෂ ඒ තුළට පැමි­ණීම හේතු­වෙන් දේශ­පා­ලන අව­ශ්‍යතා සමඟ ගමන් කළා.”

රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණ­වීර මහතා,

“අපේ මන්ත්‍රී­ව­රුන්ගේ නිවා­ස­ව­ලට ගිනි තබලා, පාක්ෂි­ක­යන්ට පහ­ර­දීලා අපේ දේශ­පා­ලන ගමන නව­ත්වන්න පුළු­වන් කියා ඇතැ­මුන් සිතන්න ඇති. නමුත් අපේ දේශ­පා­ලන ගමන නව­ත්වන්න බැහැ. මහින්ද රාජ­පක්ෂ මහතා ඇතු­ළුව 2015 වස­රේදී අපව කුම­න්ත්‍ර­ණ­කාරී ලෙස පරා­ජ­යට පත් කළා. අපව මහ පාරේ ඇවි­ද්ද­ව­නවා කිව්වා. නමුත් මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ නාය­ක­ත්ව­යෙන් බැසිල් රාජ­පක්ෂ මහ­තාගේ සංවි­ධා­ය­ක­ත්ව­යෙන් ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ පිහි­ටු­වූවා. අපේ පක්ෂය පිහි­ටු­වී­මෙන් පසුව පැවැති පළමු පළාත් පාලන මැති­ව­ර­ණ­යෙන් සිය­යට 80ක පමණ ඡන්ද ප්‍රති­ශ­ත­යක් ලබා­ගන්න පුළු­වන් වුණා. එයින් පසුව ජනා­ධි­ප­ති­ව­ර­ණය ද වැඩි ඡන්ද­යෙන් ජය ගන්න අපට පුළු­ව­න්කම ලැබුණා.”

කුරු­ණෑ­ගල දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා,

“1971 වස­රේදී ජනතා විමුක්ති පෙර­මුණ තුව­ක්කුව අතට ගත්තා. එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවි­ධා­නය ආයුධ අතට ගත්තේ 1976 වස­රේදී. හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහතා මේ රටේ අනා­ග­තය දෙස බලා සංව­ර්ධ­නය කළා. අධි­වේගි මාර්ග හැදුවා. අනෙ­කුත් මාර්ග කාපට් කළා. ගමට යන කුඩා පාර­වල් ද කාපට් කරන්න මහින්ද රාජ­පක්ෂ මහතා පිය­වර ගත්තා. කාපට් මාර්ග තිබුණේ එක්තරා පැලැ­න්ති­ය­කට පම­ණයි. නමුත් රටේම පාර­වල් කාපට් කරන්න අවශ්‍ය පිය­වර ගත්තා. වරා­ය­වල්, ගුව­න්තො­ටු­පො­ළ­වල් මහින්ද රාජ­පක්ෂ මහතා විසින් නිර්මා­ණය කළා. එතුමා කළ සංව­ර්ධන කට­යුතු දෙස බලා ඇතැ­මුන් ඊර්ෂ්‍යා­වෙන් කට­යුතු කර­නවා. අප­හාස කර­නවා. නමුත් මේ සංව­ර්ධන කට­යුතු ක්‍රියා­ත්මක කළේ අනා­ග­තය වෙනු­වෙන්.”

දිගා­ම­ඬුල්ල දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී ඩී. වීර­සිංහ මහතා,

“හොරු අල්ලන්න ඕන, රට හදන්න අපට දෙන්න කියා ජනතා විමුක්ති පෙර­මුණ කිය­නවා. අනුර කුමාර දිසා­නා­ය­ක­ලාගේ පක්ෂය තමයි මේ රටට හොර­කම කියා දුන්නේ. ඒ වගේම මේ රටේ භීෂ­ණය නැති කරන්න කියා ඔවුන් ඡන්දය ඉල්ල­නවා. මේ රටට භීෂ­ණය කියලා දුන්නෙත් ජනතා විමුක්ති පෙර­මු­ණයි. එදා රත්ම­ලාන ගුවන් හමුදා කඳ­වු­රට පහර දීලා ආයුධ රැගෙන ගියා. අද­ටත් ඔවුන් සතුව ඒ ආයුධ තිබෙ­නවා.”

බදුල්ල දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටි­ආ­රච්චි මහතා,

“එදා ජේ.ආර්. ජය­ව­ර්ධන මහතා මේ රටට විවෘත ආර්ථි­කය හඳුන්වා දුන්නා. නමුත් ඒ මහතා මිනී­මැ­රුවේ නැහැ. ප්‍රේම­දාස ජනා­ධි­ප­ති­ව­රයා ඒකට මර­ණ­යෙන් උත්තර දුන්නා. 1994 වස­රේදී චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක මහ­ත්මිය ජනා­ධි­ප­ති­නිය වශ­යෙන් පත් වුණා. එයින් පසුව දෙවැනි වර­ටත් ඒ මහ­ත්මිය කුමක් හෝ නිසා බල­යට පැමි­ණියා. නමුත් මෙවැනි රැස්වී­මක් එදා මේ ස්ථානයේ පව­ත්වන්න පුළු­වන් තත්ත්ව­යක් තිබුණේ නැහැ. කොයි වෙලාවේ බෝම්බ පුපු­රයි ද දන්නේ නැහැ. ඒ නිසා 2005 වස­රේදී බල­යට පැමිණි මහින්ද රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­තු­මා­ගෙන් ඉල්ලුවේ යුද්ධය අව­සන් කර දෙන්න කිය­ලයි. ඒ කාර්යය මහින්ද රාජ­පක්ෂ මහතා අකු­ර­ටම කළා.”

රාජ්‍ය ඇමැති ඉන්දික අනු­රුද්ධ මහතා සහ පාර්ලි­මේන්තු මන්ත්‍රී­වරු, පළාත් සභා සහ ප්‍රාදේ­ශීය සභා මන්ත්‍රී­ව­රුන් ඇතුළු විශාල පිරි­සක් මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

මහින්ද අලු­ත්ගෙ­දර‍, රාගම සමූහ - කුසුම් එස්. හැන්නදි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x