Wednesday, July 3, 2024
Home » විදේශ රැකියා පෙන්වා මුදල් වංචාකර සැගවී සිටි කතුන් කොටු කරගත් මෙහෙයුම

විදේශ රැකියා පෙන්වා මුදල් වංචාකර සැගවී සිටි කතුන් කොටු කරගත් මෙහෙයුම

by chanaka
July 1, 2024 3:31 pm 0 comment

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකර සැගවී සිටි කාන්තාවන් දෙදෙනෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන තිබේ.

රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින් දෙදෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 7ක මුදලක් වංචාකර අධිකරණය මගහරිමින් සැගවී සිටි කාන්තාවක් රත්නපුර, කහවත්ත ප්‍රදේශයේදී ජූනි මස 29 වන දින කාර්යාංශයේ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. සැකකාරියට එරෙහිව කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත ලද පැමිණිලි දෙකට අදාළව ගම්පහ අධිකරණයේ නඩු පවරා ඇති අතර, එම කාන්තාව අධිකරණයට ඉදිරිපත් නොවී සැගවී සිට තිබේ. සැකකාරිය කහවත්ත ප්‍රදේශයේ සිටින බවට ලද තොරතුරක් අනුව විමර්ශන නිළධාරීන් අදාළ ස්ථානයට ගොස් ඇය අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට ගත් සැකකාරිය ඊයේ(30) පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත මුදාහරින ලද අතර, ජූලි මස 5 දින ගම්පහ අධිකරණයේ පෙනී සිටීමට මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.

මේ අතර, රාජගිරියේ HNS International නමින් වංචනික විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යමින් ඕස්ට්‍රේලියාව, රැමේනියාව, කැනඩාව ඇතුළු යුරෝපානු රටවල රැකියා ලබාදෙන බව පවසා රුපියල් එක් කෝටි පනස් හත් ලක්ෂයක් වංචාකර සැගවී සිටි කාන්තාවක්ද කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ජූනි මස 28 දින අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාරිය විදේශ රැකියා වංචාවන්ට අදාළව මීට පෙර දෙවරක් අත්අඩංගුවට පත්ව ඇති තැනැත්තියක වන අතර, එම කාන්තාව රාජගිරිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ වෙළඳසැලකට පැමිණෙන බවට ලද තොරතුරක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකොට තිබේ. අත්අඩංගුවට ගත් සැකකාරිය මැයි 29වැනිදා අලුත් කඩේ අංක 5 අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද(01) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x