Wednesday, July 3, 2024
Home » ජාතික බාලදක්ෂ සේවා සහ සම්බන්ධතා මාසය අද සිට

ජාතික බාලදක්ෂ සේවා සහ සම්බන්ධතා මාසය අද සිට

by chanaka
July 1, 2024 2:47 pm 0 comment

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය මඟින් සංවිධාන කරනු ලබන ‘‘ජාතික බාලදක්ෂ සේවා සහ සම්බන්ධතා මාසය‘‘ අද (01) ආරම්භ කෙරේ.

ඒ අනුව එම සේවා සම්බන්ධතාව මේ මස 31 වැනිදා දක්වා ක්‍රියාත්මක කෙරෙන අතර ශ්‍රී ලංකා පුරා විසිරී සිටින 110000කට අධික බාලදක්ෂ බාලක බාලිකාවන් මෙම කාලය තුළ බාලදක්ෂ සේවාවන් වල නිරත වෙති.

ඕනෑම අභියෝගයකට බාලදක්ෂයන් මුහුණ දෙන බවට සනාථ කරමින් මෙම කාලය තුළ විවිධ සමාජ සේවා කටයුතු වල නිරත බාලදක්ෂයන් තුළ ශ්‍රමාභිමානය හා අවංක සේවයෙහි ඇති වටිනාකම පිළිබඳ ආකල්ප ඇති කිරීම සහ බාලදක්ෂ කණ්ඩායම් පවත්වා ගෙන යාම හා ඒවායෙහි ක්‍රියාකාරකම් හා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරනු ලබන අරමුදල් රැස්කිරීම සේවා මාසයෙහි ප්‍රධාන අරමුණ වේ.

මෙම මාසය තුළ සේවා කාඩ්පත රැගෙන පැමිණෙන බාලදක්ෂ බාලක බාලිකාවන්හට සේවාවක් පවරමින් දායකත්වය සපයා දෙන ලෙස ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මෙම වැඩසටහන මූලස්ථාන කොමසාරිස්, ආචාර්ය අනිල් පෙරේරා මහතා විසින් සංවිධාන කරනු ලබයි.

 

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x