Home » රජයේ වෛද්‍ය නිල­ධා­රීන්ගේ සංග­මයේ නව සභා­පති විශේ­ෂඥ වෛද්‍ය සංජීව තෙන්න­කෝන් ලේකම් ප්‍රභාත් සුග­ත­දාස

රජයේ වෛද්‍ය නිල­ධා­රීන්ගේ සංග­මයේ නව සභා­පති විශේ­ෂඥ වෛද්‍ය සංජීව තෙන්න­කෝන් ලේකම් ප්‍රභාත් සුග­ත­දාස

by damith
July 1, 2024 1:12 am 0 comment

රජයේ වෛද්‍ය නිල­ධා­රීන්ගේ සංග­මයේ නව සභා­ප­ති­ව­රයා ලෙස රාගම ශික්ෂණ රෝහලේ ළමා රෝග විශේ­ෂඥ වෛද්‍ය සංජිව තෙන්න­කෝන් සහ නව ලේක­ම්ව­රයා ලෙස වෛද්‍ය ප්‍රභාත් සුග­ත­දාස මහ­ත්වරු ඒක­ම­ති­කව තෝරා පත් කර­ගෙන තිබේ.

සංග­මයේ 97 වැනි සභා­ප­ති­ව­රයා සහ ලේක­ම්ව­රයා ලෙස සංග­මයේ සාමා­ජි­ක­ත්වය විසින් පෙරේදා (29) දිනයේ දී මෙම ධුර­යන් තෝරා පත්කර ගෙන ඇත.

සංග­මයේ ව්‍යව­ස්ථා­වට අනුව මෙම තෝරා පත් කර ගැනීම් සිදු කර ඇත.

වෛද්‍ය ප්‍රභාත් සුග­ත­දාස මහතා කොළඹ ජාතික රෝහලේ සේවයේ නියුතු අතර විශේ­ෂඥ වෛද්‍ය සංජීව තෙන්න­කෝන් මහතා රාගම ශික්ෂණ රෝහලේ සේවයේ නියු­තුව සිටියි.

සංග­මයේ ඉදිරි කට­යුතු ව්‍යව­ස්ථා­වට අනු­කූ­ලව විනි­වි­ඳ­භා­ව­ය­කින් යුතුව කර­ගෙන යාම­ටත්, සංග­මයේ සාමා­ජි­ක­ත්වයේ ගැටලු හා ඔවුන්ගේ අයි­ති­වා­සි­කම් ලබා­දී­මට මෙන්ම රෝගී ජන­තා­වට වඩාත් යහ­පත් සෞඛ්‍ය සේවා­වක් උරු­ම­කර දීම සංග­මයේ අපේ­ක්ෂාව බව නව නිල­ධා­රීහූ පැවැ­සූහ.

වෘත්තීය සමිති ක්‍රියා­මා­ර්ග­යන්ට අව­තීර්ණ වීම හැකි පමණ අවම කර­මින් සාකච්ඡා මාර්ග­යෙන් අවශ්‍ය ගැටලු විසඳා ගැනී­මට සැල­සුම් කරන බව ද ඔවුහු පැවැ­සූහ.

සංග­මයේ හිටපු සභා­පති විශේ­ෂඥ වෛද්‍ය දර්ශන සිරි­සේන සහ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහ­ත්වරු සංග­මයේ ව්‍යව­ස්ථා­වට අනු­කූ­ලව පසු­ගි­යදා සිය තන­තු­රු­ව­ලින් ඉවත් වූහ.

සන්ධ්‍යා කරු­ණා­රත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x