Home » නව වැඩ බලන නීති­පති පාරින්ද රණ­සිංහ

නව වැඩ බලන නීති­පති පාරින්ද රණ­සිංහ

by damith
July 1, 2024 1:12 am 0 comment

නව වැඩ බලන නීති­ප­ති­ව­රයා ලෙස ජ්‍යෙෂ්ඨ අති­රේක සොලි­සි­ටර් ජන­රාල් ජනා­ධි­පති නීතිඥ පාරින්ද රණ­සිංහ (කනිෂ්ඨ) මහතා අද (01) දිවු­රුම් දීමට නිය­මි­තය. නීති­ප­ති­ව­රයා ලෙස කට­යුතු කළ සංජය රාජ­ර­ත්නම් මහතා විශ්‍රාම යාමෙන් පසු පුර­ප්පාඩු වූ නීති­පති ධුරයේ කට­යුතු කිරීම සඳහා ඉකුත් 28 වැනිදා ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා විසින් පාරින්ද රණ­සිංහ මහතා පත් කරන ලදී.

ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ 61E(b) සහ 41(c) යන ව්‍යව­ස්ථා­ව­ලින් පවරා ඇති බල­තල අනුව මෙම පත් කිරීම කර තිබේ. එම පත්වීම ජුනි මස 28වැනිදා සිට ජූලි මස 11වැනිදා තෙක් බල­ප­ව­ත්වන පරිදි සිදු කර ඇත. නීති­පති දෙපා­ර්ත­මේ­න්තුවේ රජයේ නීතී­ඥ­ව­ර­යකු ලෙස සේව­යට එක් වූ ඒ මහතා රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ, නියෝජ්‍ය සොලි­සි­ටර් ජෙන­රාල්, අති­රේක සොලි­සි­ටර් ජන­රාල් සහ ජ්‍යෙෂ්ඨ අති­රේක සොලි­සි­ටර් ජෙන­රා­ල්ව­රයා ලෙස විවිධ තන­තුරු දර­මින් වසර තිස් එකක් නීති­පති දෙපා­ර්ත­මේ­න්තුවේ සේවය කළ ජ්‍යෙෂ්ඨ නිල­ධා­රි­යෙකි. ජාත්‍ය­න්තර සමුද්‍ර නීතිය ඇතුළු නීති කේෂත්‍ර කිහි­ප­යක නීති ශාස්ත්‍ර­පති උපා­ධිය ලබා ගෙන ඇති ඒ මහතා මෝල්ටාව සහ සිංග­ප්පූ­රුවේ වැඩි­දුර නීති අධ්‍යා­ප­නය ලබා ගෙන ඇත. ඒ මහතා ශ්‍රී ලංකාවේ 38 වැනි අග­වි­නි­සු­රු­ව­රයා වන පාරින්ද රණ­සිංහ මහ­තාගේ පුත්‍රයා ද වෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x