පොදු ගමනාගමන සේවා අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් රජය විසින් ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබ ඇත.
1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනත අනුව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව එම ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබ ඇත්තේ ජනාධිපති ලේකම්වරයා විසිනි. මේ අනුව මගීන් හෝ භාණ්ඩ ප්‍රවාහනය සඳහා හෝ පොදු ගමනාගමන සේවා මෙන්ම මංමාවත්, පාලම් බෝක්කු දුම්රිය මාර්ග ඇතුළුව මං මාවත් දුම්රිය මාර්ග මගින් ගමනාගමන සේවා පහසුකම් සැලසීම සහ පවත්වාගෙන යෑම එම ගැසට් පත්‍රය මඟින් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර තිබේ. ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් පසුගිය 29 වැනිදා මේ ගැසට් පත්‍රයට අත්සන් තබා ඇති අතර එදින සිට මෙය බලාත්මක වේ.
සුභාෂිණී සේනානායක