Home » පොදු ප්‍රවා­හ­නය අත්‍ය­වශ්‍ය සේවා­වක් කරයි

පොදු ප්‍රවා­හ­නය අත්‍ය­වශ්‍ය සේවා­වක් කරයි

by damith
July 1, 2024 1:13 am 0 comment

පොදු ගම­නා­ග­මන සේවා අත්‍යා­වශ්‍ය සේවා­වක් බවට පත් කර­මින් රජය විසින් ගැසට් පත්‍ර­යක් නිකුත් කරනු ලැබ ඇත.

1979 අංක 61 දරන අත්‍යා­වශ්‍ය මහ­ජන සේවා පනත අනුව ජනා­ධි­ප­ති­ව­ර­යාට පැවරී ඇති බල­තල ප්‍රකා­රව එම ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබ ඇත්තේ ජනා­ධි­පති ලේක­ම්ව­රයා විසිනි. මේ අනුව මගීන් හෝ භාණ්ඩ ප්‍රවා­හ­නය සඳහා හෝ පොදු ගම­නා­ග­මන සේවා මෙන්ම මංමා­වත්, පාලම් බෝක්කු දුම්රිය මාර්ග ඇතු­ළුව මං මාවත් දුම්රිය මාර්ග මගින් ගම­නා­ග­මන සේවා පහ­සු­කම් සැල­සීම සහ පව­ත්වා­ගෙන යෑම එම ගැසට් පත්‍රය මඟින් අත්‍ය­වශ්‍ය සේවා­වක් බවට පත් කර තිබේ. ජනා­ධි­පති ලේකම් සමන් ඒක­නා­යක මහතා විසින් පසු­ගිය 29 වැනිදා මේ ගැසට් පත්‍ර­යට අත්සන් තබා ඇති අතර එදින සිට මෙය බලා­ත්මක වේ.

සුභා­ෂිණී සේනා­නා­යක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x