Home » පුද්ග­ල­වා­දය සහ පක්ෂ­වා­දය පසෙක තබා රට වෙනු­වෙන් එක් වී ඉදි­රි­යට යමු

පුද්ග­ල­වා­දය සහ පක්ෂ­වා­දය පසෙක තබා රට වෙනු­වෙන් එක් වී ඉදි­රි­යට යමු

‘එක්ව ජය ගමු - අපි මාතර’ ජන­හ­මුව අම­ත­මින් ජන­පති කියයි

by damith
July 1, 2024 1:06 am 0 comment

‘එක්ව ජය ගමු – අපි මාතර’ මැයෙන් විදු­ලි­බල සහ බල­ශක්ති අමාත්‍ය කංචන විජේ­සේ­කර මහතා විසින් සංවි­ධා­නය කර තිබූ මේ ජන හමු­වට පක්ෂ භේද­ය­කින් තොරව මාතර දිස්ත්‍රි­ක්කයේ ජන­තාව අති­වි­ශාල පිරි­සක් එක්ව සිටි­යහ.

ජන හමුව ඇමතූ ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා වැඩි­දු­ර­ටත් මෙසේද පැව­සීය:

“මට භාර දුන් ටයි­ටැ­නික් නැව මා දැන් වරා­යට ගෙනැ­විත් තිබෙ­නවා. අයිස් කන්දට බිය වී හිටපු කපි­තා­න්ව­රුන් සියලු දෙනා පැන ගියා. නැව ගිලිලා අප නැති වෙන­වාද, නැති නම් අප වරා­යට ගමන් කර­න­වාද කියා තීර­ණය කිරී­මට සිදු වුණා. දැන් අප වරා­යට පැමිණ තිබෙ­නවා. අප දැන් මේ නැවට මොකද කරන්නේ? අප නැව ඉදිරි වසර 50ට 100ට සරි­ලන ලෙස අලු­තින් සකස් කර­න­වාද, නැත්නම් මෙහෙම තිබෙන නැව පැනලා ගිය කපි­තා­න්ව­ර­ය­කුට භාර දෙන­වාද කියා තීර­ණය කළ යුතුයි.

“අද මා පැමි­ණෙන විට මේ මාතර ජන­තාව විඳි දුක සිහි­පත් වුණා. 2022 සිංහල අලුත් අවු­රුද්ද මා ගත කළේ මේ කඹු­රු­පි­ටියේ ප්‍රදේ­ශයේ. මා නැවතී සිටි හෝට­ලය ඉදි­රි­පිට ඉන්ධන පිරි­වු­ම්හ­ලක් තිබුණා. එතන දිගු වාහන පෝලිම් තිබුණා. ජන­තාව ආණ්ඩු­වට දෝෂා­රෝ­ප­ණය කර­මින් ඒ පෝලි­ම්වල දුක් විඳි­නවා මා දුටුවා. එදා මා තීර­ණය කළා මේ තත්ත්වය නැවත රටේ ඇති වෙන්න ඉඩ දෙන්න බැහැ කියලා. මා ඊට පෙර ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ ප්‍රධා­නීන් සමඟ සාකච්ඡා කර තිබුණා; ලෝක බැංකුව සමඟ සාකච්ඡා කර, ඒ පණි­විඩ පිළි­බඳ කිහිප වතා­වක් හිටපු ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා දැනු­ම්වත් කළා. කෙසේ හෝ අව­සා­නයේ මට මේ රට භාර ගැනී­මට සිදු වුණා. මා එලෙස රට භාර ගත්තේ ලෝක ඉති­හා­සයේ අලුත් ක්‍රම­යක් අනු­වයි. සියලු දෙනා පැන ගිය අව­ස්ථා­වක මට රට භාර ගැනී­මට සිදු වුණා. ව්‍යව­ස්ථා­නු­කූ­ලව ජනා­ධි­ප­ති­ව­රයා ඉල්ලා අස් වූ විට ආණ්ඩු පක්ෂ­යට එය භාර ගැනී­මට නොහැකි නම් විප­ක්ෂය එය භාර­ගත යුතුයි. නමුත් මේ සියලු දෙනා පැනලා ගියා. එදා කැඩී ගියේ අපේ ආර්ථික ක්‍රමය පම­ණක් නොවෙයි, දේශ­පා­ලන ක්‍රම­යත් කැඩී ගියා.

“මම මේ රටේ ජනා­ධි­පති ධුරය භාර ගත්තා. සියලු දෙනා කිව්වා මෙය සාර්ථක වෙන්නේ නැහැ කියලා. නමුත් මට මේ රටේ ජන­තාව ගැන සහ මම ගැන දැඩි විශ්වා­ස­යක් තිබුණා. ඉන්දි­යාව, බංග්ලා­දේ­ශය වැනි රට­වල් අපට ආධාර ලබා දුන්නා. මේ අතර 2022 – 2023 යල කන්නය සාර්ථක කර දෙන්න කියලා අපි ගොවි ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටියා. ඒ අනුව අපට සාර්ථක අස්වැ­න්නක් ලැබුණා. ඒ අනුව රටේ ජන­තා­වට පසු­ගිය සිංහල අලුත් අවු­රුද්ද, වෙසක් උත්ස­වය, පොසොන් උත්ස­වය උත්ක­ර්ෂ­වත්ව සැම­රී­මට හැකි වුණා. ඒ වගේම සංචා­රක ව්‍යාපා­රය දියුණු කිරීම වෙනු­වෙන් දකුණේ ජන­තාව විශාල සහා­යක් දුන්නා. අපේ රටට සංචා­ර­ක­යන් පැමි­ණී­මට පටන් ගත්තා. එවිට අපේ රටට අවශ්‍ය විදේශ විනි­මය ලැබුණා. අපි මේ සිය­ලු­දෙ­නාගේ සහාය ඇතිව රට ඉදි­රි­යට ගෙන ආවා.

“රටේ ආර්ථි­කය ස්ථාවර කිරී­මට අප ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සමග එකඟ වී තිබෙ­නවා. ඒ අනුව අපට මුදල් මුද්‍ර­ණය කිරී­මට සහ බැංකු­ව­ලින් ණය ගැනී­මට අව­ස්ථා­වක් නැහැ. ඒ නිසා අපට ආදා­යම් උපයා ගැනීමේ නව ක්‍රම­වේද අනු­ග­ම­නය කිරී­මට සිදු වුණා. බදු වැඩි කිරීම අසීරු තීර­ණ­යක්. එහෙත් අප එම තීර­ණය ගත්තා. අද රටේ ආර්ථි­කය ස්ථාවර වී තිබෙ­නවා. ඉදි­රි­යේදී සාමාන්‍ය ජන­තා­වට මේ බදු බර දැරී­මට සිදු වන්නේ නැහැ. මේ අතර අපි 2023 වස­රේදී අස්වැ­සුම වැඩ­ස­ට­හන ආරම්භ කර සමෘ­ද්ධිය වගේ තෙගු­ණ­යක් ප්‍රති­ලාභ ජන­තා­වට දුන්නා. ප්‍රති­ලා­භීන්ගේ සංඛ්‍යාව ලක්ෂ 16 සිට 24 දක්වා වැඩි කළා. ආර්ථි­කය හොඳට තිබූ කාලයේ කිරී­මට නොහැකි වූ දේ අපි බංකො­ලොත් කාලයේ කළා. සිංහල අලුත් අවු­රුදු සමයේ ජන­තා­වට සහල් කිලෝ 10 බැගින් මාස දෙකක් දුන්නා. රජයේ සේව­ක­යන්ට රුපි­යල් දස දහ­ස­කින් වැටුප් වැඩි කළා. ඒ වගේම රජයේ ඉඩ­ම්වල ජීව­ත්වන සිය­ලු­දෙ­නාට සින්න­ක්කර ඉඩම් ඔප්පු ලබා­දීමේ උරු­මය වැඩ­ස­ට­හන ක්‍රියා­ත්මක කර තිබෙ­නවා. ඒ වගේම ඉදිරි සති­යේදී කොළඹ අඩු ආදා­ය­ම්ලාභී ජන­තාව ජීව­ත්වන මහල් නිවා­ස­වල අයි­තිය එම ජන­තා­වට ලබා­දීමේ වැඩ­ස­ට­හන ක්‍රියා­ත්මක කර­නවා.

“අප බංකො­ලො­ත්භා­ව­යෙන් ඉවත් වී සිටි­නවා. ඒ අනුව අප ණය කළ­ම­නා­ක­ර­ණය කර­ග­නි­මින් ඉදි­රි­යට යනවා. එහිදි සහන ගෙන තිබෙ­නවා. අපේ සම්පුර්ණ ණය දළ දේශීය නිෂ්පා­ද­න­යෙන් 108%යි. අපි අපිට ණය ලබා­දුන් රට­වල් සමඟ සාකච්ඡා කළා. අපිට දැන් ණය ගෙවි­මට කාලය ලබා­දී­මට ඔවුන් එකඟ වි සිටි­නවා. 2042 වන තෙක් ණය ගෙවී­මට කාලය දී තිබෙ­නවා; ඒ වගේම ගෙවන ණය ප්‍රමා­ණය අඩු වී තිබෙ­නවා. ඒ නිසා අප ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සමඟ වැඩ­ස­ට­හන ක්‍රියා­ත්මක කර­නවා නම් මේ සියලු සහන ගත හැකි බව ඔවුන් දැනුම් දී තිබෙ­නවා. මේ එක­ඟතා දෙකම පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කිරී­මට මම බලා­පො­රොත්තු වෙනවා. අපට නිල වශ­යෙන් ණය දුන් රට­වල් හැර අපි පෞද්ග­ලික අය­ගෙන් බැඳු­ම්ක­ර­ව­ලින් ණය ගෙන තිබෙ­නවා. මේ ගිවි­සු­මට අත්සන් තැබී­මෙන් පසු එම බැඳු­ම්කර හිමි­යන්ගේ නියෝ­ජි­ත­යන් අප සමඟ සාකච්ඡා කර­නවා. මේ සඳහා මාස­යක් වැනි කාල­යක් ගත වෙයි කියා මා සිතු­වත් මේ වන විට එම කට­යුතු සාර්ථ­කව සිදු වෙනවා. ඒ නිසා ලබන සතිය වන විට මේ කට­යුතු සාර්ථ­කව අව­සන් කර­ගැ­නී­මට හැකි වෙතැයි කියා අප බලා­පො­රොත්තු වෙනවා. ඒ අනුව මා රාජ්‍ය මූල්‍ය කමි­ටුවේ සභා­පති හර්ෂ ද සිල්වා මහ­තාට දැනුම් දුන්නා මේ ගිවි­සුම් තුනම පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කර සාකච්ඡා කරමු කියලා. මට කරුණු සියල්ල සඳ­හන් කිරී­මට නොහැකි වුණාට ඒ ගැන දීර්ඝ පැහැ­දිලි කිරී­මක් සිදු කිරී­මට මම බලා­පො­රොත්තු වෙනවා. අපි මේ පිළි­බඳ සාකච්ඡා කර රාජ්‍ය මූල්‍ය කමි­ටුව එය පරීක්ෂා කළ පසු වාර්තා­වක් සකස් කර ඡන්ද­ය­කට යමු කියා මා දැනුම් දී තිබෙ­නවා. පාර්ලි­මේ­න්තුවේ පක්ෂ මීට ඡන්දය ප්‍රකාශ කළ යුතුයි.

“ඒ වගේම අප මෙය පිළි­ග­න්න­වාද, නැද්ද කියලා ලෝකය දැන ගැනී­මට කැමැ­තියි. කිසි­යම් පක්ෂ­යක් ප්‍රකාශ කර­නවා නම් මීට වඩා වෙනස් වික­ල්ප­යක් තිබෙ­නවා කියලා ඒ අයට ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල වෙත ගොස් ඔවුන් සමඟ සාකච්ඡා කිරී­මට අව­ස්ථාව සලසා දීමට මා සූදා­නම්. ඒ අයට අවශ්‍ය ගුවන් බල­පත්‍ර සහ නවා­තැන් පහ­සු­කම් සඳහා අවශ්‍ය මුදල් ආණ්ඩු­වෙන් සලසා දීමට පිය­වර ගන්නවා. ඔබ ගොස් සාකච්ඡා කරන්න. ඒවා හොඳයි කියා හිත­නවා නම් අප ඒ පිළි­බ­ඳව පාර්ලි­මේ­න්තුවේ සාකච්ඡා කරමු.

“එහෙත් අපට තව­දු­ර­ටත් පැරණි දේශ­පා­ල­නයේ නිරත වෙන්න බැහැ. අප අද ගන්නා තීර­ණය අපේ අනා­ග­ත­යට බල­පා­නවා. අප මෙයින් ඉවත් වුණ හොත් ඉදි­රි­යට යන්නේ කෙසේද? මේ වැඩ­ස­ට­හන හැර අපට අනා­ග­ත­යත් තිබෙ­න­වාද? නැවත පෝලිම් යුග­ය­කට යන්න පුළු­වන්ද? අප මේ සාම්ප්‍ර­දා­යික දේශ­පා­ල­න­යෙන් ඉවත් විය යුතුයි. ස්ථිර තීර­ණ­ය­කට එළැ­ඹිය යුතුයි. අප අනා­ග­ත­යේදී ඉන්ධ­න­ව­ලට මුදල් ගෙවන්නේ කොහො­මද? නැවත ණය ගැනී­මට අව­ශ්‍යද? අපි අලුත් වැඩ­පි­ළි­වෙ­ළක් ඔස්සේ ඉදි­රි­යට නොගිය හොත් තවත් වසර 15කින් මීට වඩා දරුණු ආර්ථික අර්බු­ද­ය­කට මුහුණ දීමට සිදු වෙනවා.

“ඒ නිසා අප අප­න­යන ආර්ථි­ක­ය­කට යා යුතුයි. අප මේ තීරණ ගන්නේ ඔබ සියලු දෙනා වෙනු­වෙන්. අපේ තරුණ පර­පු­රට නැවත මෙවැනි ආර්ථික අර්බු­ද­යක් උරුම කර­න­වද, නැත්නම් දියුණු රටක් ලෙස ඉදි­රි­යට යන­වාද කියා අප තීර­ණය කළ යුතුයි. ඒ නිසයි අප රට වෙනු­වෙන් එකට වැඩ කරමු කියා මම සෑම දේශ­පා­ලන නාය­ක­ය­කු­ටම කියන්නේ. මේ ඇමැති මණ්ඩ­ලය මොන පක්ෂ­ය­ටද අයත් වෙන්නේ කියලා අහ­නවා. මෙතන ඉන්නේ රට වෙනු­වෙන් එකතු වුණු අය. පොහො­ට්ටුවේ සිටි බොහෝ දෙන­කුට ඇමැ­ති­කම් නැති වුණා. එහෙත් ඔවුන්ට දැනට එය දීමට මට හැකි වුණේ නැහැ. ඔවුන් ඒ සියල්ල දරා­ගෙන අද රට වෙනු­වෙන් එක් වී සිටි­නවා. මෙතන සෑම පක්ෂ­යක්ම නියෝ­ජ­නය කරන පිරිස් සිටි­නවා. අපට එක පක්ෂ­යක් නැහැ. අද සියලු දෙනා රට වෙනු­වෙන් එකතු වෙලා තිබෙ­නවා. ඒ නිසා අපි නව දේශ­පා­ලන ගම­නක් ආරම්භ කර තිබෙ­නවා. රට පෙරට පක්ෂය ඉන් පසුව. කුමන දේශ­පා­ලන පක්ෂයක් නියෝ­ජ­නය කළද රට වෙනු­වෙන් වැඩ කළ හැකි කණ්ඩා­ය­මක් මෙහි සිටි­නවා. අප මේ දේශ­පා­ලන ක්‍රමය ඉදි­රි­යට ගෙන යා යුතුයි. මේ ගමන ආරක්ෂා කර­ගත යුතුයි. ඒ නිසා පක්ෂ භේද­යෙන් තොරව අප සියලු දෙනා ඉදි­රි­යට යමු කියා මම ආරා­ධනා කර­නවා. මා විප­ක්ෂ­යට ආරා­ධනා කර­නවා අපත් සමඟ එක් වෙන්න කියලා. අප මේ අලුත් මාර්ගයේ යමු. කොහො­මද රට ගොඩ­න­ඟන්නේ කියා එවිට මගෙන් ඔබට ඉගෙ­න­ගත හැකියි. අප සිය­ලු­දෙනා එක් වී මේ නව දේශ­පා­ලන ගමන ආරක්ෂා කර­ගැ­නී­මට කැපවෙමු. අපට අද තිබෙන්නේ පුද්ග­ල­වා­දය හෝ පක්ෂ­වා­දය නොවෙයි. අපට තිබෙන්නේ රට පෙරට තබා ඉදි­රි­යට යෑමයි. මේ රටේ ජන­තාව විඳි දුක ගැන මම කන­ගාටු වෙනවා. අප ගත් පිය­වර ආරක්ෂා කර­ග­නි­මින් ඉදි­රි­යට යමු කියා මම ඔබ සියලු දෙනා­ගෙන් ඉල්ලා සිටි­නවා.”

නාග­රික සංව­ර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණ­තුංග මහතා:

“යහ­පා­ලන ආණ්ඩු කාලයේ රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට විරු­ද්ධව ‘මහින්ද සුළඟ’ ගෙනල්ලා ආණ්ඩු­වක් සකස් කළ ප්‍රසන්න රණ­තුංග වගේ කෙනෙක් මෙහෙම කියන්නේ ඇයි කියලා ඔබ හිත­නවා ඇති. මීට වසර දෙකක කාල­යක් ඇතු­ළත රනිල් වික්‍ර­ම­සිංහ ජනා­ධි­ප­ති­තුමා රට වෙනු­වෙන් කළ කාර්ය­භා­රය ඔබ සියලු දෙනා අත්දැක්කා. ඒ වගේම මේ රට බංකො­ලො­ත්භා­ව­යෙන් මුදා­ගෙන නිවැ­රදි ආර්ථික සැලැ­ස්මක් ක්‍රියා­ත්මක කිරී­මට ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා කට­යුතු කළා. තවම ආර්ථික ප්‍රශ්න විසඳී නැහැ. මේ අර්බු­ද­යෙන් රට මුදා­ගැ­නී­මට නම් අත්දැ­කීම් තිබෙන අභි­යෝග භාරගත හැකි නාය­ක­යෙක් අව­ශ්‍යව තිබෙ­නවා. ඒ සඳහා හොඳම නාය­කයා රනිල් වික්‍ර­ම­සිංහ මහ­තායි. තවම එතුමා ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට එන බව ප්‍රකාශ කර නැහැ. ඒත් මේ ජන රැලි මාලාව මඟින් ජන­තාව එතුමා ඉල්ලා සිටි­නවා කියන එක මට විශ්වා­සයි.”

දකුණු පළාත් ආණ්ඩු­කාර ලක්ෂ්මන් යාපා අබේ­ව­ර්ධන මහතා:

“රටේ ආර්ථි­කය වගේම ජන­තාව වෙනු­වෙන් කට­යුතු කරන නාය­ක­යෙක් අපට අව­ශ්‍යයි. කවුරු මොන දේ කිවු­වත් මේ ගෙන යන ආර්ථික වැඩ­පි­ළි­වෙළ වැර­දුණහොත් වස­රක් යෑමට පෙර යළිත් රටේ අර්බු­ද­යක් ඇති වීම වැළැ­ක්විය නොහැ­කියි. ඒ නිසා අප සියලු දෙනා නැවත වරක් ගිලෙන්නේ නැතිව එක්ව ඉදි­රි­යට යා යුතුයි. ඒ සඳහා පළ­පු­රුදු, දැක්මක් ඇති එකම නාය­කයා රනිල් වික්‍ර­ම­සිංහ මැති­තුමා පම­ණයි.”

විදේශ කට­යුතු අමාත්‍ය ජනා­ධි­පති නීතිඥ අලි සබ්රි මහතා:

“මා එක්සත් ජාතික පක්ෂ නියෝ­ජි­ත­යන් සමඟ එක්ව ජන හමු­වක් අම­තන පළමු අව­ස්ථාව මෙයයි. ජාතික ආර­ක්ෂාව කියන්නේ සීමා බෙදා බේරා­ගැ­නීම නොවෙයි. රටක් ලෙස රට­ව­ලින් යැපී­මට නොහැකි තත්ත්ව­ය­කට ශ්‍රී ලංකාවේ ආර්ථි­කය ගොඩ­නැ­ඟීම ජාතික ආර­ක්ෂාවේ මුල් කට­යු­ත්තයි. එය නිය­මා­කා­ර­යෙන් කිරී­මට රනිල් වික්‍ර­ම­සිංහ ජනා­ධි­ප­ති­ව­ර­යාට හැකි වුණා. එතු­මාගෙ දක්ෂ­තාව ගැන එක් උදා­හ­ර­ණ­යක් කිය­න්නම්. පසු­ගිය දව­සක බංග­ලා­දේ­ශයේ අග­මැ­ති­තු­මිය මට හමු­වුණා. අමෙ­රි­කානු ඩොලර් 200ක ණය මුදල ශ්‍රී ලංකාව ආපසු ගෙවනු ඇති බව කිසි­වි­ටක හිතුවෙ නෑ කියා එතු­මිය කිවුවා. මේ සියල්ල සිදු කළේ වික්‍ර­ම­සිංහ ජනා­ධි­ප­ති­ව­ර­යාගේ ආර්ථික දැක්ම නිසයි.”

ජාතික ආර­ක්ෂාව පිළි­බඳ ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ උප­දේ­ශක, ජනා­ධි­පති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්න­යක මහතා:

“රනිල් වික්‍ර­ම­සිංහ මහතා රටේ අනා­ග­තය වෙනු­වෙන් අසීරු නමුත් වැද­ගත් තීන්දු තීරණ ගත්තා. මේ රටේ පැවැති බදු ක්‍රමය ප්‍රති­සං­ස්ක­ර­ණය කිරී­මට පිය­වර ගත්තා. ජාත­්‍යන්තර මූල්‍ය අර­මු­දලේ සහාය ඇතිව වැටුණු තැනින් රට ඉදි­රි­යට ගෙන යෑමේ වැඩ­පි­ළි­වෙළ ආරම්භ කළා. ආණ්ඩු මාරු වන විට වෙනස් නොවන ප්‍රති­ප­ත්ති­යක් මේ රටට අව­ශ්‍යයි. ඒ සඳහා ඍජු නාය­ක­ත්ව­යක් අව­ශ්‍යයි. ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා ප්‍රමුඛ රජය අද කට­යුතු කරන්නේ පළ­මුව මේ රටේ ආර්ථි­කය කඩි­න­මින් සකස් කිරී­ම­ටයි. ඒ සඳහා සහාය දැක්වී­මට මෙසේ පෙළ ගැසීම මේ රටේ සමස්ත ජන­තාව වෙනු­වෙන් අගය කළ යුතුයි.”

සංචා­රක, ඉඩම්, ක්‍රීඩා හා යෞවන කට­යුතු ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා:

“ශ්‍රී ලංකාව කියන නැව මුහුදේ කුණා­ටු­ව­කට හසු වී බේරා­ගන්න කිසිම කපි­තාන් කෙනෙක් දිරි­පත් නොවූ වෙලා­වෙදි රනිල් වික්‍ර­ම­සිංහ කියන කපි­තා­න්ව­ර­යාට ඒ නැව භාර­ගෙන නිරු­ප­ද්‍රි­තව වරා­යට ගෙන ඒමට හැකි වුණා. දැන් මේ තියෙන්නේ ඉදිරි වසර පහ සඳහා නැවත මුහු­දට දියත් කිරීමේ වෙලා­වයි. එම නැවේ කපි­තාන් තන­තුර නැවත රනිල් වික්‍ර­ම­සිංහ මහ­තා­ටම දීමට ඔබට හැකි­යාව තිබෙ­නවා. ඒ කළ­ගුණ සැල­කීම වෙනු­වෙන් ඔබ බලා­ගෙන සිටි­නවා. ජන­තාව නිවැ­රදි වෙලා­වෙදි නිවැ­රදි තීන්දු ගත යුතුයි. ඒ නිසා ඉදිරි වසර පහ සඳහා රට රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට භාර දීම ඔබට බාරයි.”

කර්මාන්ත හා සෞඛ්‍ය ඇමැති රමේෂ් පති­රණ මහතා:

“ඔබට මතක ඇති එදා අපේ රට වෙනු­වෙන් ගත් ණය ගෙවා­ගත නොහැ­කිව අස­ර­ණ­භා­ව­යට පත් වුණා. අද ඒ රටේ ආර්ථි­කය යහ­පත් මට්ට­ම­කට ඇවිත් තිබෙ­නවා. රනිල් වික්‍ර­ම­සිංහ මහතා ඒ අභි­යෝ­ගා­ත්මක අව­ස්ථාවේ මේ රට භාර නොග­ත්තා­නම් අද රටේ තත්ත්වය සිතා­ගත නොහැ­කියි. රටේත් රටේ ජන­තා­ව­ගේත් වාස­නා­වට එතුමා ඒ අභි­යෝ­ග­යට බයේ පැන ගියේ නැහැ. රටට නිවැ­රදි නාය­ක­ත්ව­යක් ලැබුණේ ඒ නිසයි. අද රට පුරා පෝලිම් දකින්න නැත්තේ ඒ නිසයි. එදා ඉන්ධන, ඖෂධ, ගෑස් පෝලි­ම්වල පැය ගණන් ගත කළ තත්ත්වය අම­තක කරන්න දෙන්න හොඳ නැහැ. ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා නොවන්න අපට අද මේ තත්ත්ව­යෙන් නැඟි­ටින්න ලැබෙන්නේ නැති බව අම­තක නොකළ යුතුයි.”

කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානා­ය­ක්කාර මහතා:

“කයි­ය­නා­ය­කලා, ජෝකර්ලා බේර­ගන්න බෑ කියපු මේ රට, රනිල් වික්‍ර­ම­සිංහ මහතා වසර දෙකක් ඇතු­ළත ආර්ථික බංකො­ලො­ත්භා­ව­යෙන් මුදා­ගැ­නී­මට කට­යුතු කළා. දුක්වි­ඳපු ජන­තාව සුව­පත් කිරී­මට එතුමා කොන්දේසි විර­හි­තව කට­යුතු කළා. එදා විදේ­ශ­ගත ශ්‍රමි­ක­යන් විසින් අවු­රු­ද්ද­කට එවනු ලැබූ ඩොලර් මිලි­යන 220, වර්ත­මා­නය වන විට මාස­ය­කට ඩොලර් මිලි­යන 700ක් දක්වා පමණ ඉහළ ගොස් තිබෙ­නවා. එදා 73%ක්ව පැවති උද්ධ­ම­නය අද වන විට තනි ඉල­ක්ක­මට ගෙනැ­විත් තිබෙ­නවා. රු. 4,500ක්ව පැවැති ගෑස් සිලි­න්ඩ­රය අද රුපි­යල් 2,982ක් දක්වාත්, එදා රු. 660ක් වූ පරිප්පු කිලෝව රු. 360 දක්වාත් අඩු වී තිබෙ­නවා. පසු­ගිය කාලයේ මැති­ව­රණ පැවැ­ත්වූයේ ආගම රට බේරා ගැනී­ම­ටයි. ඒත් මෙවර මැති­ව­ර­ණය පව­ත්වන්නේ ඔබ ඔබ­වම බේරා­ගැ­නීම සඳ­හායි. මෙවර ඔබ ගන්නා තීර­ණය වැර­දු­ණොත් ඔබ බේරා­ගැ­නී­මට කවු­රු­වත් ඉදි­රි­පත් වෙන එකක් නැහැ. ඒ නිසා රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට නැවත රට භාර දෙමු.”

විදු­ලි­බල හා බල­ශක්ති ඇමැති කංචන විජේ­සේ­කර මහතා:

“ඉදිරි මැති­ව­ර­ණ­ව­ලදී කතා­වට පම­ණක් සීමා වූ නාය­ක­යන් පත් කර නොගත යුතුයි. අපේ අනා­ග­තය ශක්ති­මත් කළ හැකි නාය­ක­යෙක් අව­ශ්‍යයි. අප මේ රට ඉදි­රි­යට ගෙන­යෑ­මට එතු­මාට සහාය නොදුන්නා නම් අද රටේ තත්ත්වය වෙනස් වෙන්න ඉඩ තිබුණා. ඉදි­රි­යේ­දීත් අප ජන­තා­වට සහන දෙන වැඩ­පි­ළි­වෙළ ක්‍රියා­ත්මක කර­නවා. මේ රටට අවශ්‍ය බෙදන හෝ කයි­වාරු ගහන නාය­ක­යන් නෙවෙයි. මේ රටට අවශ්‍ය ජන­තාව වෙනු­වෙන් නිවැ­රදි තීන්දු තීරණ ගත හැකි නාය­ක­ත්ව­යක්. එවැනි නාය­ක­ත්ව­යක් අද රටට ලැබී තිබෙ­නවා. ඒ නිසා ජනා­ධි­ප­ති­ව­ර­ණය ප්‍රකාශ කළාට පස්සෙ, එක්කෙ­නෙක් දෙන්නෙක් නෙවෙයි; පොදු ජන පෙර­මුණේ මහා පලු­වක් ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට සහාය දැක්වී­මට සූදා­නම් බව මේ අව­ස්ථාවේ ප්‍රකාශ කර­නවා.”

මහා සංඝ­ර­ත්නය ප්‍රමුඛ සෙසු ආග­මික නාය­ක­යන්, නියෝජ්‍ය කථා­නා­යක අජිත් රාජ­පක්ෂ, ඇමැති ඩග්ලස් දේවා­නන්දා, රාජ්‍ය ඇමැ­ති­ව­රුන් වන රෝහණ දිසා­නා­යක, කනක හේරත්, විජිත බේරු­ගොඩ, පාර්ලි­මේන්තු මන්ත්‍රීන් වන මහි­න්දා­නන්ද අලු­ත්ග­මගේ, වජිර අබේ­ව­ර්ධන, ප්‍රේම­නාත් සී.දොළ­වත්ත, වෘත්තිය සමිති කට­යුතු පිළි­බඳ ජනා­ධි­පති අධ්‍යක්ෂ ජන­රාල් සමන් රත්න­ප්‍රිය, ජනා­ධි­පති නීතිඥ ජයන්ත වීර­සිංහ මහ­ත්ව­රුන්, පළාත් පාලන ආය­තන නියෝ­ජි­ත­යන් ඇතුළු පිරි­සක් සහ අති­වි­ශාල ජන­තා­වක් ජන හමු­වට එක්ව සිටි­යහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x