Friday, July 5, 2024
Home » රංගේ බණ්ඩා­රගේ පුතු පැදවූ සුපිරි රියේ ගැටුණු ත්‍රිරෝ­දයේ රියැ­දු­රුට බර­ප­ත­ළයි

රංගේ බණ්ඩා­රගේ පුතු පැදවූ සුපිරි රියේ ගැටුණු ත්‍රිරෝ­දයේ රියැ­දු­රුට බර­ප­ත­ළයි

by damith
July 1, 2024 1:03 am 0 comment
  • යශෝධ රංගේට ලක්ෂ 5ක ශරීර ඇප
  • කලි­නුත් අධික වේග­යෙන් ගෙද­රක හැප්පිලා

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහ­තාගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර විසින් පද­වනු ලැබූ සුඛෝ­ප­භෝගී මෝටර් රථය හා ත්‍රිරෝද රථ­යක් ගැටී­මෙන් පෙරේදා (29) අලු­යම සිදු වූ රිය අන­තු­රින් ත්‍රිරෝද රථයේ රියැ­දුරු බර­ප­තළ තුවාල ලබා පුත්ත­ලම මූලික රෝහ­ලට ඇතු­ළත් කර ඇති බව කරු­ව­ල­ග­ස්වැව රථ වාහන පොලි­සිය සඳ­හන් කරයි.

මෙසේ අන­තු­රට ලක්ව ඇත්තේ පුත්ත­ලම සිට අනු­රා­ධ­පුර දෙසට ධාව­නය වූ සුඛෝ­ප­භෝගි මෝටර් රථය හා අනු­රා­ධ­පුර සිට පුත්ත­ලම දෙසට ධාව­නය වූ ත්‍රිරෝද රථ­යකි. අදාළ මෝටර් රථය තබ්බෝව හතේ කණුව මීඔය ප්‍රදේ­ශ­යේදී රියැ­දු­රුට එහි වේගය පාල­නය කර­ගැ­නී­මට නොහැ­කිව යෑමෙන් මාර්ග­යෙන් ඉව­තට පැන, ඉදි­රි­යෙන් පැමිණි ත්‍රිරෝද රථයේ ගැටී­මෙන් මේ අන­තුර සිදුව ඇත. අන­තුර සිදු වන අව­ස්ථාවේ මෝටර් රථයේ රියැ­දුරු සහ ත්‍රිරෝද රථයේ රියැ­දුරු පම­ණක් සිට ඇති බව පොලි­සිය කියයි. අන­තු­රින් බර­ප­තළ තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියැ­දුරු පුත්ත­ලම මූලික රෝහලේ නේවා­සි­කව ප්‍රති­කාර ලබන අතර, ඔහු සිර­ම්බි­අ­ඩිය, මාන­වේ­රිය ප්‍රදේ­ශයේ පදිංචි 34 හැවි­රිදි කෝට්ටගේ දොන් ජූඩ් සාන්ත නම් අයෙකි. සිද්ධි­ය සම්බ­න්ධ­යෙන් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහ­තාගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර, කරු­ව­ල­ග­ස්වැව පොලි­සිය මඟින් අත්අ­ඩං­ගු­වට ගෙන, පුත්ත­ලම මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව රුපි­යල් ලක්ෂ 5ක් වූ ශරීර ඇප­යක් මත මුදා­හැ­රී­මට කට­යුතු කර ඇත. මෝටර් රථයේ රියැ­දු­රුගේ රියැ­දුරු බල­ප­ත්‍රය තාව­කා­ලි­කව අත්හි­ටු­වී­මට අධි­ක­ර­ණය නියෝග කළේය.

සිද්ධිය සම්බ­න­ධ­යෙන් කරු­ව­ල­ග­ස්වැව පොලිස් රථ වාහන අංශයේ නිල­ධා­රීහු පුළුල් විම­ර්ශන ආරම්භ කර තිබිණි. අන­තු­රින් ත්‍රිරෝද රථ­ය­ටද දැඩි අලාභ හානි සිදුව ඇති අතර, මෝටර් රථ­ය­ට ද අලාභ හානි­යක් සිදුව ඇති ආකා­ර­යක් දක්නට ලැබේ. මීට පෙර මේ මෝටර් රථ රියැ­දුරු පැදවූ ඩබල් කැබ් රථ­යක් වේගය පාල­නය කර­ගැ­නී­මට නොහැ­කිව හලා­වත පුත්ත­ලම මාර්ගයේ කෝට්ට­පි­ටිය මංස­න්ධි­යේදී නිවෙ­සක ගැටී අන­තු­රක්ද සිදු වී තිබිණි.

වනා­ත­වි­ල්ලුව සමූහ - කේ. ප්‍රියං­කර කළු­ප­හන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x