Friday, July 5, 2024
Home » සජිත්-රාජිත-චතුර හිරු­ණිකා බලන්න යති

සජිත්-රාජිත-චතුර හිරු­ණිකා බලන්න යති

by damith
July 1, 2024 1:03 am 0 comment

වැලි­කඩ බන්ධ­නා­ගා­රයේ කාන්තා අංශයේ R වාට්ටුවේ රදවා සිටින සිර­ද­ඬු­වම් විඳින හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රීනි හිරු­ණිකා ප්‍රේම­චන්ද්‍ර මහ­ත්මිය බැලී­මට විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස සහ සමඟි ජන බල­වේ­ගයේ පාර්ලි­මේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනා­රත්න සහ චතුර සේනා­රත්න මහ­ත්ව­රුන් පෙරේදා (29) බන්ධ­නා­ගා­ර­යට ගොස් තිබේ. අවස්ථා දෙක­කදී මේ පිරිස එහි ගොස් ඇය සමග පැය බාග­යක් පමණ සුහද කතා­බ­හක නියැළී ඇති බව වාර්තා වේ.

වසර තුනක බර­ප­තළ වැඩ­ස­හිත සිර­ද­ඬු­වම් නියම වූ හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රීනි හිරු­ණිකා ප්‍රේම­චන්ද්‍ර මහ­ත්මිය වැලි­කඩ බන්ධ­නා­ගා­රයේ කාන්තා අංශයේ රඳවා සිටින්නේ සාමාන්‍ය වාට්ටු­ව­කය. සිර­ද­ඬු­වම් ලැබූ කාන්තා රැඳ­වූ­වන්ට නිය­මිත ඇඳුම (සුදු රෙද්දක් සහ හැට්ට­යක්) ඇඳ සිටින ඇයට අවශ්‍ය ආර­ක්ෂාව බන්ධ­නා­ගා­රය තුළ සපයා තිබේ. ඇය විසින් විශේෂ ඉල්ලීම් කිසි­වක් සිදු කර නැති අතර, ඇය විශේෂ වාට්ටු­වක රැඳ­වීමේ අව­ශ්‍ය­තා­වක් මේ දක්වා පැන­නැඟී නැති බවද බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කරයි. තරු­ණ­යකු පැහැ­ර­ගෙන ගොස් පහර දීමට ආධාර අනු­බල දීමේ චෝද­නා­වට වර­ද­කා­රිය වී කොළඹ මහා­ධි­ක­ර­ණය විසින් හිරු­ණිකා ප්‍රේම­චන්ද්‍ර මහ­ත්මි­යට වසර 3ක බර­ප­තළ වැඩ සහිත සිර දඬු­වම් පසු­ගි­යදා (28) නියම කරනු ලැබීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x