Home » IMF විස්තීර්ණ ණය-විදේ­ශීය ණය ගිවි­සු­ම්ව­ලට එකඟ නොවන්නන්ට රට බේරාගන්න බෑ

IMF විස්තීර්ණ ණය-විදේ­ශීය ණය ගිවි­සු­ම්ව­ලට එකඟ නොවන්නන්ට රට බේරාගන්න බෑ

ඇමැති, ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන

by damith
July 1, 2024 1:04 am 0 comment
ඇමැති, ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන, රාජ්‍ය ඇමැති දිලුම් අමු­ණු­ගම රාජ්‍ය සංව­ර්ධන සහ නිර්මාණ නීති­ගත සංස්ථාවේ සභා­පති කුෂාන් දේවින්ද මහ­ත්ව­රුන් ඇතුළු පිරිස උමං පදික මාරු­වක් පරී­ක්ෂා­වට ලක්කළ අයුරු.

2024දී මාර්ග කිලෝ­මී­ටර් 1500ක් ප්‍රති­සං­ස්ක­ර­ණය කිරීමේ ව්‍යාපෘ­තිය යටතේ කාපට් අතුරා සංව­ර්ධ­නය කරන ලද මහ­නු­වර දිස්ත්‍රි­ක්කයේ හේවා­හැට, කිවු­ල­තැන්න, තොල­බෝ­තැන්න, අපො­න්සු­වත්ත මාර්ගය ජනතා අයි­ති­යට පත්කි­රීම ආයෝ­ජන ප්‍රව­ර්ධන රාජ්‍ය ඇමැති දිලුම් අමු­ණ­ගම මහ­තාගේ ආරා­ධ­න­යෙන්, ප්‍රවා­හන හා මහා­මාර්ග සහ ජන­මාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහ­තාගේ අතින් සිදු විය.

දෛනි­කව විශාල පිරි­සක් ගම­නා­ග­මන අව­ශ්‍යතා වෙනු­වෙන් භාවිත කරන මේ මාර්ගය දීර්ඝ කාල­ය­කින් කිසිදු ප්‍රති­සං­ස්ක­ර­ණ­ය­ක්‌ ­සිදු නොවීම හේතු­වෙන් ප්‍රදේ­ශ­වාසී ජන­තාව අප­හ­සුතා රැස­කට මුහුණ දුණි.

මේ තත්ත්වය පිළි­බ­ඳව රාජ්‍ය ඇමැති දිලුම් අමු­ණු­ගම මහතා විසින් ඇමැති, ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහ­තාගේ අව­ධා­න­යට යොමු කිරී­මෙන් අන­තු­රුව මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ සෘජු ශ්‍රම දාය­ක­ත්වය යටතේ මාස 4ක පමණ කෙටි කාල­ය­කදී මේ මාර්ගය කාපට් අතුරා සංව­ර්ධ­නය කිරී­මට කට­යුතු කරන ලදි.‍

මේ අව­ස්ථා­වට එක් වෙමින් අද­හස් දැක්වූ ඇමැ­ති­ව­රයා මෙලෙස ද කීවේය.

“ගම­නා­ග­ම­නය සඳහා ඉතා­මත් අප­හසු තත්ත්වයේ පව­තින මංමා­වත් ඇතුළු විදු­ලිය, සෞඛ්‍ය, අධ්‍යා­පන පහ­සු­කම් සංව­ර්ධ­නය කිරී­මේදී ජන­තාව මුහුණ දෙන ගැටලු බොහො­ම­ය­කට තනි තනිව විස­ඳුම් සොයා ගැනීමේ හැකි­යා­වක් කිසි­ව­කු­ටත් නෑ. එම පොදු ගැට­ලු­ව­ලට ගැළ­පෙන විස­ඳුම් සලසා දීමට ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ලෙස රජ­යන් බල­යට පත් කර­නවා. එලෙස පත් කරන රජ­යන් රටේ සම්පත් දූර­දර්ශී ලෙස කළ­ම­නා­ක­ර­ණය නොක­ළොත් එයින් ඇති වන ප්‍රති­ඵ­ල­ව­ලට මුහුණ දීමට අපට සිදු වෙනවා. නිද­හ­සින් පසුව අපේ රට එදි­නෙදා පව­ත්වා­ගෙන යෑමට අවශ්‍ය විය­දම පියවා ගැනී­මට ප්‍රමා­ණ­වත් ආදා­ය­මක් නොලැබූ රටක්. ඒ හේතු­වෙන් සෑම රජ­ය­ක­ටම විශාල වශ­යෙන් දේශීය සහ විදේ­ශීය ණය ගැනී­මට සිදු වුණා. එය ද ප්‍රමා­ණ­වත් නොවන විට මුදල් මුද්‍ර­ණය කිරී­මට සිදු වුණා.

පසු­ගිය වසරේ අපේ රටේ සිය­ලුම බදු සහ බදු නොවන මාර්ග­ව­ලින් ගත් ආදා­යම රුපි­යල් ට්‍රිලි­යන තුනයි. පසු­ගිය වසරේ රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, සමෘද්ධි අස්වැ­සුම ඇතුළු සහ­නා­ධාර, පොලී ගෙවීම් සඳහා ට්‍රිලි­යන 4.7ක් වැයවී තිබෙ­නවා. එලෙස දරා තිබෙන අම­තර විය­දම සිදු කර තිබෙන්නේ සෑම සති­ය­කම ශ්‍රී ලංකා මහ බැංකුව භාණ්ඩා­ගාර බිල්පත් වෙන්දේසි කර ගන්නා ණය මුද­ල්ව­ලින්.

දේශ­පා­ල­න­ඥ­යන් විසින් මේ සැබෑ තත්ත්වය ජන­තා­වට පැහැ­දිලි නොකි­රීම මත මේ සරල සත්‍ය ජන­තා­වට තේරුම් ගැනී­මට නොහැ­කිවී තිබෙ­නවා. පසු­ගිය දශක හතර පුරා­ව­ටම සෑම සංව­ර්ධන කට­යු­ත්තක්ම සිදු කර තිබෙන්නේ දේශීය සහ විදේ­ශීය වශ­යෙන් ගත් ණය­ව­ලින්. එම මුදල් ප්‍රමා­ණ­වත් නොවන විට මහ බැංකුව විසින් මුදල් මුද්‍ර­ණය කර තිබෙ­නවා. අව­සා­නයේ ගත් ණය ගෙවා ගැනී­මට නොහැකි තත්ත්ව­ය­කට රට පත්වුණා. එලෙස මුහුණ දුන් මූල්‍ය අර්බු­ද­යෙන් රට ගල­වා­ගැ­නී­මට විදේ­ශීය විශේ­ෂඥ ආය­ත­න­වල සහාය ගැනී­මට ද සිදු වුණා. ඒ අනුව මූල්‍ය අර්බුද කළ­ම­නා­ක­ර­ණය කිරී­මට ප්‍රංශයේ ලසාර්ඩ් සමා­ග­මත්, නීති­මය කට­යුතු කළ­ම­නා­ක­ර­ණය කිරී­මට ක්ලිෆර්ඩ් හාන්සි සමා­ග­මත් කට­යුතු කළා. පසු­ගි­යදා ජනා­ධි­ප­ති­ව­රයා විසින් ජාතිය අමතා සිදු කරන ලද විශේෂ කතා­වේදී ණය ප්‍රති­ව්‍යු­හ­ගත කිරීමේ කට­යු­තු­ව­ලදී සහාය දීම පිළි­බඳ එම ආය­ත­න­ව­ලට විශේෂ ස්තූති­යක් ද පිරි­නැ­මුවා.

රට තුළ මෙවැනි අර්බු­ද­යක් ඇති­වනු ඇති බව හඳු­නා­ගත් ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­රයා ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ සහාය ඒ වෙනු­වෙන් ගැනී­මට සැර­සෙන අව­ස්ථා­වේදී කැබි­නට් මණ්ඩ­ලයේ බොහෝ දෙනකු ඊට විරු­ද්ධ­ත්වය පළ කළා.

හේවා­හැට, කිවු­ල­තැන්න, තොල­බෝ­තැන්න, අපො­න්සු­වත්ත මාර්ගය ප්‍රති­සං­ස්ක­ර­ණ­ය කරමින්

හේවා­හැට, කිවු­ල­තැන්න, තොල­බෝ­තැන්න, අපො­න්සු­වත්ත මාර්ගය ප්‍රති­සං­ස්ක­ර­ණ­ය කරමින්

ඉන් අන­තු­රුව අභි­යෝග රාශි­යක් මාධ්‍යයේ රට භාර ගත් රනිල් වික්‍ර­ම­සිංහ ජනා­ධි­ප­ති­ව­රයා මේ අර්බු­ද­යෙන් රට ගලවා ගැනී­මට පව­තින අව­සන් අව­ස්ථාව ලෙස සල­ක­මින් අව­සන් ණය දෙන්නා වශ­යෙන් සැල­කෙන ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සමඟ විස්තීර්ණ ණය ගිවි­සු­ම­කට එළැ­ඹුණා. 2027 දක්වාම සියලු සංව­ර්ධන කට­යුතු සිදු කරන්නේ එම ණය ගිවි­සුම යටතේ ලැබෙන ණය ආධාර අනු­වයි. නැවත වතා­වක් ණය­වර ලිපි­යක් නිකුත් කිරී­මට හැකි ආකා­රයේ ජාත්‍ය­න්තර විශ්වා­ස­යක් ඇති කර­ගෙන තිබෙන්නේ ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ විස්තීර්ණ ණය ගිවි­සුම අනු­වයි. මීට පෙර දහ­සය වතා­වක් මෙවැනි ගිවි­සුම් අත්හැර දමා තිබෙ­නවා. මේ ගිවි­සුම අත්හැර ගිවි­සුම් එක­ඟතා අත­හැර දමා කවු­රුන් රජ­යක බලය ගත්තත් සති දෙකක කාල­ය­ක්වත් එය පව­ත්වා­ගෙන යෑමට හැකි­යා­වක් ලැබෙන්නේ නෑ. IMF විස්තීර්ණ ණය ගිවි­සුම් එක­ඟ­තා­ව­ලට සහ විදේ­ශීය ණය ගිවි­සු­ම්ව­ලට එකඟ නොවී රට බේරා ගැනී­මට හැකි­යා­වක් නෑ. මේ එක­ඟ­තා­ව­ලට එළැ­ඹෙනු ලැබුවේ ඉතා­මත් සංකීර්ණ ක්‍රියා­ව­ලි­යක ප්‍රති­ඵල ලෙසයි. ඉන්දි­යාව, චීනය, ජපා­නය ඇතුළු රට­වල් ගණ­නා­වක රාජ්‍ය නාය­ක­යන් සමඟ ජනා­ධි­ප­ති­ව­රයා ඒ වෙනු­වෙන් විශේෂ සාකච්ඡා වට ගණ­නා­වක් පැවැ­ත්වූවා. ඒ අනුව ඇති කර ගත් එක­ඟතා අනුව පසු­ගිය සතියේ අත්සන් කරන ලද ගිවි­සු­මට අනුව දීර්ඝ කාලීන වශ­යෙන් ගත් ණය ගෙවා අව­සන් කිරීම පිළි­බඳ ශ්‍රී ලංකා රජය හා ජන­තාව වශ­යෙන් අනු­ග­ම­නය කළ යුතු මාර්ගෝ­ප­දේ­ශන මාලා­වක්‌, ප්‍රති­පත්ති මාලා­වක් සකස් කර තිබෙ­නවා. එලෙස එකඟ වූ කොන්දේසි කිසිදු හේතු­වක් මත වෙනස් කිරීමේ හෝ අත­හැර දැමීමේ හැකි­යා­වක් නෑ. එසේ වුව­හොත් ලෝකය නැවත වතා­වක් අපේ රට අත්හැර දම­නවා. කිසිදු රටක සහාය හිමි වන්නේ නෑ. ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල, ආසි­යානු සංව­ර්ධන බැංකුව, ලෝක බැංකුව ඇතුළු ජාත්‍ය­න්තර සංවි­ධා­න­වල සහ­යෝ­ගය ආධා­ර­ව­ලින් තොරව කිසිදු සංව­ර්ධන ව්‍යාපෘ­ති­යක් සිදු කිරීමේ හැකි­යා­වක් නෑ. මේ සත්‍යය තේරුම් නොග­නි­මින් සුරුට්ටු කඩ­යක් හෝ පව­ත්වා­ගෙන නොගිය පිරි­සක් ආණ්ඩු බලය ඉල්ලා සිටි­යාට ඔවුන්ට රජ­යක් පව­ත්වා­ගෙන යෑමට හැකි­යා­වක් නෑ. ලෝකය යන දිශාව තේරුම් නොග­නි­මින් අපේ රට තුළ පව­තින ළිං මැඬි මාන­සි­ක­ත්වය හේතු­වෙන් රටට ප්‍රමා­ණ­වත් විදේශ ආයෝ­ජන ලැබී නෑ.

ඉදි­රි­යේදී ලෝක බැංකු ව්‍යාපෘ­ති­යක් යටතේ මහ­නු­වර නග­රය සුහුරු හරිත නග­ර­යක් බවට පත් කිරී­මට විදුලි බස් රථ දෙසී­යක් ධාව­න­යට එක් කිරීමේ ව්‍යාපෘ­ති­යක් ක්‍රියා­ත්මක වෙනවා. පසු­ගිය සතියේ ණය ගෙවීම පිළි­බඳ ගිවි­සු­ම්ව­ලට එළ­ඹුණු බැවින් ඒ පිළි­බඳ සාකච්ඡා නැවත ආරම්භ කිරී­මට හැකි වෙනවා.

ඉතා­මත් නිවැ­ර­දිව රට නැවත ගොඩ­නැ­ඟී­මට නිශ්චිත පැහැ­දිලි වැඩ­පි­ළි­වෙ­ළක් සහි­තව වඩා හොඳ රටක් හෙට දිනයේ ඇති කිරීම සඳහා ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා විශාල වෙහෙ­සක් දර­මින් කට­යුතු කර­නවා. රට පත්ව තිබෙන අර්බු­ද­යෙන් ගලවා ගැනී­මට නිසි වැඩ­පි­ළි­වෙ­ළක් සහිත මාර්ගයේ ගමන් කිරී­ම­කින් තොරව කිසිදු විස­ඳු­මක් මේ ගැට­ලු­ව­ලට නෑ. සිදු­ක­රන ලද සාකච්ඡා සාර්ථක කර­ගැ­නීමේ අන­තු­රුව නත­රවී ඇති සියලු සංව­ර්ධන කට­යුතු නැවත ආරම්භ කිරී­මට හැකි­යාව ලැබෙනු ඇති බව මා විශ්වාස කර­නවා.”

රාජ්‍ය සංව­ර්ධන සහ නිර්මාණ නීති­ගත සංස්ථාවේ සභා­පති කුෂාන් දේවින්ද, පාත හේවා­හැට හිටපු ප්‍රාදේ­ශීය සභා සභා­පති රණ­සිංහ යාපා බණ්ඩාර මහ­ත්ව­රුන්, හිටපු පළාත් පාලන ආය­තන නියෝ­ජි­ත­යන්, මාර්ග සංව­ර්ධන අධි­කා­රිය මධ්‍යම පළාත් අධ්‍යක්ෂ මහේ­න්ද්‍රන් විජේ­පාල මහතා ඇතුළු නිල­ධා­රීන්, ප්‍රදේ­ශයේ රාජ්‍ය නිල­ධා­රීන්, ප්‍රදේ­ශ­වා­සීන් ඇතුළු විශාල පිරි­සක් මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

අසේල කුරු­ළු­වංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x