Wednesday, July 3, 2024
Home » මෙරට ඩිජි­ටල් ආර්ථික ක්ෂේත්‍ර­යට සිංග­ප්පූ­රුවේ සහාය

මෙරට ඩිජි­ටල් ආර්ථික ක්ෂේත්‍ර­යට සිංග­ප්පූ­රුවේ සහාය

by damith
July 1, 2024 6:03 am 0 comment

මෙරට ඩිජි­ටල් තාක්ෂණ හා ආයෝ­ජන ක්ෂේත්‍රයේ සන්ධි­ස්ථා­න­යක් සල­කුණු කර­මින් තාක්ෂණ අමා­ත්‍යාං­ශයේ සංවි­ධා­ය­ක­ත්ව­යෙන් පසු­ගිය 25 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැ­ත්වෙන DigiEcon Global Investment සමු­ළු­වට එක්වන “සිංග­ප්පූරු මූල්‍ය අධි­කා­රියේ (MAS) මූල්‍ය තාක්ෂණ අංශ (FINTECH) ප්‍රධානී සොප්නෙන්දු මොහන්දි මහතා ප්‍රමුඛ නියෝ­ජිත පිරිස සහ ශ්‍රී ලංකා මහ­කො­ම­සා­රිස් සෙන­රත් දිසා­නා­යක මහතා අතර හමු­වක් පසු­ගි­යදා (21) පැවැ­ත්විණි.

එහිදී මේ සංචා­රයේ ඇති වැද­ග­ත්කම අව­ධා­ර­ණය කර­මින් අද­හස් දැක්වූ මහ­කො­ම­සා­රි­ස්ව­රයා පැව­සුවේ DigiEcon Global Investment -2024 සමු­ළු­වත් සමඟ ක්ෂේත්‍රයේ නව අවස්ථා සොයා යෑමත් තාක්ෂණ ප්‍රග­ති­යත් උදෙසා වන ශ්‍රී ලංකාවේ මාර්ග සිති­යම දිග හැරෙන බවත්, අදාළ සෑම ක්ෂේත්‍ර­යක්ම නියෝ­ජ­නය වන පරිදි සාධා­ර­ණී­යව ශ්‍රී ලංකාව මේ වෙනු­වෙන් කැප­වනු ඇති බවත්ය.

මොහන්දි මහ­තාගේ නාය­ක­ත්ව­යෙන් යුතු මේ නියෝ­ජිත පිරි­සට සිංග­ප්පූරු මූල්‍ය අධි­කා­රියේ (MAS)නියෝජ්‍ය අධ්‍යක්ෂ අල්වි­න්දර් සිං, Law Asia නිර්මාතෘ සහ MAS යටතේ ස්ථාපිත ආණ්ඩු ප්‍රධා­නීන්, ව්‍යාපා­රික ප්‍රජාව, බුද්ධි­ම­තුන් සහ සිවිල් සමා­ජය සමඟ සම්බන්ධ වෙමින් තාක්ෂ­ණික නවෝ­ත්පා­ද­නය හා එම යෙද­වුම් මූල්‍ය තාක්ෂණ ක්ෂේත්‍ර­යට අදාළ කර­ගැ­නීම පිළි­බඳ කට­යුතු කරන ලාභ නොල­බන ආය­ත­න­යක් වන Elevandi මණ්ඩ­ලයේ ජ්‍යෙෂ්ඨ උප­දේ­ශක ඩාටෝ පෝල් සුප්‍ර­ම­නි­යම් ,නැන්යැංග් තාක්ෂණ විශ්ව­වි­ද්‍යා­ලයේ, ජනා­ධි­පති කාර්යා­ල­යට අනු­බද්ධ ගෝලීය අලෙ­වි­ක­රණ හා උපා­ය­මාර්ග පිළි­බඳ ඒක­කයේ අධ්‍ය­ක්ෂිකා, Elevandi උප­දේ­ශිකා ප්‍රීති දව්රා යන මහත්ම මහ­ත්මීහු අයත් වෙති. මේ සමු­ළු­වේදී තාක්ෂණ රාජ්‍ය ඇමැති කනක හේරත් මහ­තාගේ ආරා­ධ­නය පරිදි “ඩිජි­ටල් තාක්ෂණ පරි­ව­ර්ත­නය වේග­වත් කරන්නා වූ නව ආයෝ­ජන ආදර්ශ “ තේමා­වෙන් යුතු සංවාද මණ්ඩ­ප­යට මොහන්දි මහතා එක්වනු ඇත.

මොහන්දි මහතා ප්‍රමුඛ FINTECH නියෝ­ජිත පිරිස ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා හමු­වී­මට ද නිය­මි­තය. එම හමු­වේදී ඩිජි­ටල් පොදු යටි­තල පහ­සු­කම්, කුඩා හා මධ්‍ය පරි­මාණ ව්‍යව­සාය ක්ෂේත්‍රයේ ගෝලීය සම්බ­න්ධතා සහ ධර­ණීය මූල්‍ය පාල­නය වැනි කාරණා සාක­ච්ඡා­වට ලක්වනු ඇත.

සිංග­ප්පූරු නියෝ­ජිත පිරි­සගේ මේ සංචා­රයේ ප්‍රමුඛ අර­මුණු වන්නේ ඩිජි­ටල් ආර්ථික ක්ෂේත්‍ර­යේදී ශ්‍රී ලංකා රජය සහ උසස් අධ්‍යා­පන ආය­තන සමඟ සහ­යෝ­ග­යෙන් කට­යුතු කර­මින් ඩිජි­ටල් ආර්ථි­ක­යක් තුළ මූල්‍ය තාක්ෂ­ණය වර්ධ­නය කරන අතර ඩිජි­ටල් සාක්ෂ­ර­තාව සහ ඩිජි­ටල් තාක්ෂ­ණික සවි­බ­ල­ගැ­න්වී­මට ඇති හැකි­යාව සොයා බැලී­මයි.

එසේම ශ්‍රී ලාංකික ශිෂ්‍ය­යන් වෙත ඩිජි­ටල් මූල්‍ය තාක්ෂණ ක්ෂේත්‍රයේ පශ්චාත් උපාධි අධ්‍යා­පන (MA,PhD) ශිෂ්‍යත්ව වැඩ­ස­ට­හ­නක් සඳහා ඩිජි­ටල් මූල්‍ය පිළි­බඳ ආසි­යානු ආය­ත­නයේ (Asian Institute of Digital Finance) සහ සිංග­ප්පූ­රුවේ නැන්යැංග් තාක්ෂ­ණික විශ්ව­වි­ද්‍යා­ලයේ ( NanyangTechnology University ) අව­ස්ථාව දීමට ඇති හැකි­යාව පිළි­බඳ විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­ෂන් සභාවේ සභා­පති සහ විශ්ව­වි­ද්‍යාල බල­ධා­රීන් සමඟ සාකච්ඡා කිරී­මට ද නිය­මි­තය.

මේ හමු­වට සිංග­ප්පූරු මූල්‍ය අධි­කා­රියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අල්වි­න්දර් සිං සහ Elevandi මණ්ඩ­ලයේ ජ්‍යෙෂ්ඨ උප­දේ­ශක ඩාටෝ පෝල් සුප්‍ර­ම­නි­යම්, මහ කොම­සා­රිස් කාර්යා­ලයේ ඇමැති (වාණිජ) යසන්ත යද්දෙහි මහ­ත්වරු එක් වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x