Friday, July 5, 2024
Home » තරුණ කෘෂි ව්‍යව­සා­ය­කත්ව ගම්මාන පිහි­ටු­වීමේ සතිය අද සිට

තරුණ කෘෂි ව්‍යව­සා­ය­කත්ව ගම්මාන පිහි­ටු­වීමේ සතිය අද සිට

by damith
July 1, 2024 5:55 am 0 comment

තරුණ කෘෂි ව්‍යව­සා­ය­කත්ව ගම්මාන පිහි­ටු­වීමේ සතිය අද (01) සිට මේ මස 07 වැනි දින දක්වා ක්‍රියා­ත්මක වේ.

කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අම­ර­වීර මහ­තාගේ උප­දේ­ශ­ක­ත්වය යටතේ එම අමා­ත්‍යාං­ශය විසින් මෙරට තරුණ ප්‍රජාව කෘෂි­කර්ම හා වැවිලි කර්මා­න්ත­යට ආක­ර්ෂ­ණය කර­ගැ­නීමේ අර­මු­ණින් තරුණ කෘෂි ව්‍යව­සා­ය­කත්ව ගම්මාන වැඩ­පි­ළි­වෙ­ළක් ආරම්භ කර තිබේ.

නියමු ව්‍යාපෘ­ති­යක් වශ­යෙන් 2023දී ගම්මාන 11ක් තෝරා­ගෙන මේ වැඩ­පි­ළි­වෙළ ආරම්භ කළ අතර, එම ගම්මා­න­වල ක්‍රියා­ත්මක කළ සියලු ව්‍යාපෘති සාර්ථ­කවී තිබේ. එබැ­වින් අද (01) සිට මේ මස 07 වැනි දින දක්වා තරුණ කෘෂි ව්‍යව­සා­ය­කත්ව ගම්මාන පිහි­ටු­වීමේ සති­යක් ප්‍රකා­ශ­යට පත් කිරී­මට කට­යුතු යොදන ලෙස ඇමැ­ති­ව­රයා උප­දෙස් දී තිබිණි.

ඒ අනුව දිස්ත්‍රික්ක 25ම නියෝ­ජ­නය වන පරිදි ගම්මාන 160ක් තරුණ කෘෂි ව්‍යව­සා­ය­කත්ව ගම්මාන ලෙස තෝරා­ගෙන සංව­ර්ධන කට­යුතු ආරම්භ කෙරෙන අතර, සියලු ව්‍යාපෘති සඳහා තරුණ ප්‍රජාවේ නියෝ­ජ­න­යට ප්‍රමු­ඛ­ත්වය දෙනු ඇත. එමෙන්ම එක් ගම­කට පළමු අදි­යර යට­තේදී රුපි­යල් මිලි­යන 10ක් වශ­යෙන් ගම්මාන 160ට රුපි­යල් මිලි­යන 1600ක් වෙන් කිරී­මට කැබි­නට් අනු­මැ­තිය ලැබී තිබේ.

මේ ගම්මා­න­වල විශේෂ ව්‍යාපෘ­ති­යක් වශ­යෙන් එක් ගම­කින් පවුල් 20ක් තෝරා­ගෙන කුකුළු පාල­නය සඳහා අවශ්‍ය පහ­සු­කම් ලබා දීමට නිය­මි­තය. ඒ අනුව එක් පවු­ල­කට ලේයර් වර්ග­යට අයත් කුකුළු පැට­වුන් 50ක් බැගින් දෙයි. ගම්මාන 160 තුළ පවුල් 3200ක් තෝරා­ගන්නා අතර, ඔවුන් අතර බෙදා හරින කුකුළු පැට­වුන් ප්‍රමා­ණය 160,000කි. මේ තරුණ ව්‍යව­සා­ය­කත්ව ගම්මාන තුළ මීට අම­ත­රව ස්වයං­රැ­කියා වශ­යෙන් ක්‍රියා­ත්මක කිරීම සඳහා වන ව්‍යාපෘති රැසක් සඳහා අවශ්‍ය තාක්ෂ­ණික සහ මූල්‍ය ආධාර දීමට ද සැල­සුම් කර ඇත.

බුද්ධිකා ඉඹු­ලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x