Home » මීග­මුව-කොච්චි­කඩේ ක්‍රිප්ටෝකරන්සි ජාවා­ර­මට විදේ­ශි­කයෝ 205ක් මාට්ටු

මීග­මුව-කොච්චි­කඩේ ක්‍රිප්ටෝකරන්සි ජාවා­ර­මට විදේ­ශි­කයෝ 205ක් මාට්ටු

20-20 ලෝක කුස­ලා­න­යට ඔට්ටු ඇල්ලූ ‍ඉන්දි­යා­නුවෝ 126ක් ඒ අතර

by damith
July 1, 2024 1:10 am 0 comment

සංචා­රක වීසා මඟින් මෙර­ටට පැමිණ නීති විරෝධී ලෙස සංවි­ධා­නා­ත්ම­කව අන්ත­ර්ජා­ලය ඔස්සේ විවිධ ජාවා­ර­ම්වල නිර­තව සිටි විදේ­ශි­ක­යන් 205 දෙනෙක් ගෙවී­ගිය සතිය තුළ අත්අ­ඩං­ගු­වට ගැනී­මට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සහ කොච්චි­කඩේ පොලි­සිය සමත්ව තිබේ.

මේ අතර වැඩි දෙනෙක් ඉන්දි­යා­නු­වන් වන අතර එම ගණන 136ක් බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු තොර­තුරු සඳ­හන් කළේය. මෙම ඉන්දි­යා­නු­වන් කොච්චි­කඩේ සහ බත්ත­ර­මුල්ල ආශ්‍රි­තව අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. 20/20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලිය ඉල­ක්ක­ර­ගෙන ඔවුන් අන්තර් ජාලය ඔස්සේ ඔට්ටු සූදුවේ ද නිර­තව සිට ඇති බව ද විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණය වී ඇත.

මෙම වැට­ලීම් මාලාවේ ආස­න්න­තම වැට­ලීම සිදු­වන්නේ පසු­ගිය 28 දින රාත්‍රියේ මීග­මුව, කුඩා­පා­ඩුව ප්‍රදේ­ශ­යේ­දීය. සංචා­රක වීසා මගින් පැමිණි චීන ජාති­ක­යන් පිරි­සක් එම ප්‍රදේ­ශයේ හෝට­ල­යක රැඳී සිටි­මින් ක්‍රිප්ටෝ කරන්සි ජාවා­රම සිදු­කර ඇත.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් එම ස්ථානයේ කරන ලද වැට­ලීමේ දී චීන ජාතික කතුන් තිදෙ­නක් සහ චීන ජාති­ක­යන් තිස් දෙනෙක් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. එමෙන්ම පරි­ග­ණක, දුර­ක­තන විශාල ප්‍රමා­ණ­යක් එම ස්ථානයේ තිබී අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. සංචා­රක විසා මඟින් පැමිණ මාස දෙකක පමණ කාල­යක් එම හෝටල් සංකී­ර්ණයේ කොට­සක් කුලී පද­නම මත ලබා ගනි­මින් ඔවුන් මෙම ජාවා­රමේ නිර­තව සිට ඇත. ඇතැම් චීන ජාති­ක­යන් සතුව විදෙස් ගමන් බල­පත්‍ර ද තිබී නැත.

මීට පෙර ඉකුත් 27 දින බස්නා­හිර පළාත් බුද්ධි කොට්ඨා­සයේ කොච්චි­කඩේ උප ඒක­කයේ නිල­ධා­රීන්ට ලැබුණු තොර­තු­ර­කට අනුව පල­ඟ­තු­රෙයි ප්‍රදේ­ශයේ පිහිටි සොලි­යු­ෂන් ප්‍රයි­වට් ලිමි­ටඩ් යන නමින් පව­ත්වා­ගෙන ගිය අන්ත­ර්ජා­ල­යෙන් මුදල් ජාවා­රම් කරන ස්ථාන­යක් වැට­ලීය. 20/20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලියේ තරග සඳහා ඔට්ටු අල්ලා ඇත්තේ මෙම ස්ථාන­යෙනි.

එම වැට­ලී­මේදී ඉන්දි­යානු ජාති­ක­යන් 37 දෙනකු අත්ත­ඩං­ගු­වට ගත් අතර මොවුන් සතුව තිබී පරි­ග­ණක 67ක් සහ තවත් උප­ක­රණ තොග­යක් ද සොයා ගත් අතර මෙම වැට­ලීම කොච්චි­කඩේ පොලි­සිය විසින් සිදු­ක­රන ලදි. මෙම වැට­ලී­මෙන් අන­තු­රුව බත්ත­ර­මුල්ල ඇතුළු තවත් ස්ථාන කිහි­ප­යක වැට­ලීම් කිහි­ප­යක් සිදු­කර තිබේ. මෙම වැට­ලී­ම්ව­ලින් අත්අ­ඩං­ගු­වට ගන්නා ලද ඉන්දි­යානු ජාති­ක­යන් ගණන 136කි.

පසු­ගිය 24 දින අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මීග­මුව ප්‍රදේ­ශයේ ඒ ජේ විලා සහ රිච් විලා සංචා­රක ස්ථාන­වල වැට­ලී­මක් සිදු­කර ඇති අතර එහි ශ්‍රී ලංකි­ක­යන් දෙදෙ­නෙක් ඇතුළු 33 දෙනකු අත්අ­ඩං­ගු­වට ගෙන ඇති අතර ඔවුන් ද ක්‍රිප්ටෝ කරන්සි ජාවා­රමේ යෙදී ඇත. ඔවුන් අතර පාකි­ස්ථානු ජාති­ක­යන් 21ක් නේපාල ජාති­ක­යන් 02ක්, ඇල්ජී­රි­යා­නු­වන් 02ක්, ඉන්දි­යා­නු­වන් 02ක් බංග්ලා­දේශ ජාති­ක­යන් 01ක් මාල­දි­ව­යින් ජාති­ක­යෙක්, ඉන්දු­නී­සි­යානු ජාති­ක­යෙක් සිට ඇත.

මෙම ස්ථාන­වල පරි­පා­ලන කට­යුතු සිදු­කර ඇත්තේ චීන ජාති­ක­යන් විසිනි. එය සිදු­කළ චීන ජාතික කාන්තාව සහ පිරිමි පුද්ග­ල­යන් දෙදෙනා පසු­ගිය 26 දින රටින් පිට­වී­මට උත්සාහ ගනිද්දී ගුවන් තොටු­පො­ළේදී අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

තව දුර­ටත් මෙවැනි ජාවා­රම් සිදු­වේ­දැයි යන්න පිළි­බඳ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව පුළුල් විම­ර්ශ­න­යක් සිදු­ක­ර­මින් සිටී.

උපාලි කරු­ණා­රත්න, කටාන - බර්ටි වීර­සිංහ, කොච්චි­කඩේ - ඩී. මිහි­දු­කුල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x