Home » මන්ත්‍රී­තුමා පසු­පස පන්නා­ගෙන ගිහින් පොලු­ව­ලින් ගහ­නවා මම දැක්කා
මන්ත්‍රී අම­ර­කීර්ති අතු­කෝ­රළ ඇතුළු ත්‍රිපු­ද්ගල ඝාතන නඩුව

මන්ත්‍රී­තුමා පසු­පස පන්නා­ගෙන ගිහින් පොලු­ව­ලින් ගහ­නවා මම දැක්කා

මන්ත්‍රී­ව­ර­යාගේ රියැ­දුරු ලෙස සේවය කළ සමන් කුමාර සාක්ෂි දෙයි

by damith
July 1, 2024 1:04 am 0 comment

“අර­ලි­ය­ගහ මන්දි­රයේ පැවති මහින්ද රාජ­පක්ෂ මහ­තාට සමු­දීමේ රැලි­යට සහ­භාගි වී අපි 2022. 05. 09 වෙනිදා ආපහු පොලො­න්න­රු­වට යන ගම­නේදී නිට්ට­ඹුව නග­ර­යට එන විට පිරි­සක් පොලු අර­ගෙන පාරේ හිටියා. ඔවුන් අපි ගිය පාරේ වාහන නව­ත්ත­මින් තමයි හිටියේ. අපේ වාහ­න­යත් නව­ත්තලා කිහිප දෙනෙක් පොලු අර­ගෙන ඇවිත් උඹලා කොහෙද ගියේ කියලා ඇහුවා. මන්ත්‍රී­තුමා කිව්වා, අපි වෙඩින් එක­කට ගියා කියලා. ඒ එක්කම ඔවුන් කිව්වා, වාහ­න­යෙන් බැහැ­පල්ලා කියලා. පස්සේ අපි වාහ­න­යෙන් බැහැලා මන්ත්‍රී­තු­මයි ආර­ක්ෂක නිල­ධා­රි­යයි ආපහු කොළඹ පැත්තට ගියා. මම නිට්ට­ඹුව පැත්තට වෙන්න පාර අයිනේ හිටියා. පොලු අර­ගත්ත පිරිස වාහනේ දොර ඇරලා පරීක්ෂා කළා. ඒ එක්කම ඔවුන් කිව්වා, මන්ත්‍රී­ව­ර­යෙක් මන්ත්‍රී­ව­ර­යෙක් කියලා. ආපහු මන්ත්‍රී­තුමා පසු­පස පන්නා­ගෙන ගිහින් පොලු­ව­ලින් ගහ­නවා මම දැක්කා. මම ඒ ළඟ තිබූණ කොන්ක්‍රීට් පාරක් දිගේ දුව­ගෙන ගියා.”

2022 මැයි මස 09 වැනි දින අර­ග­ලය පැවති දින­යේදී නිට්ට­ඹුව නග­ර­යේදී පාර්ලි­මේන්තු මන්ත්‍රී අම­ර­කීර්ති අතු­කෝ­රළ මහතා ඇතුළු ත්‍රිපු­ද්ගල ඝාතන නඩු­වේදී එම අව­ස්ථා­වේදී මන්ත්‍රී­ව­ර­යාගේ රියැ­දුරු ලෙස කට­යුතු කළ සමන් කුමාර (38) මහතා නියෝජ්‍ය සොලි­ස්ටර් ජන­රාල් ජනක බණ්ඩාර මහ­තාගේ මෙහෙ­ය­වීම මත පැමි­ණිල්ලේ සාක්ෂි දෙමින් ගම්පහ මහා­ධි­ක­ර­ණ­යේදී එසේ පැව­සීය.

රුවන් පති­රණ, සහන් මාපා බණ්ඩාර සහ රශ්මි සිංග­ප්පුලි යන ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල හමු­වේදී මේ නඩුව විභාග කෙරේ.

පසු­ගිය 27 වැනි දින පැවති මේ නඩු­වේදී පැමි­ණිල්ලේ සාක්ෂි­ක­රු­වන් ලෙස පුද්ග­ල­යන් පස් දෙනකු අධි­ක­ර­ණ­යට කැඳවා තිබිණි.

මේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් පුද්ග­ල­යන් 41 දෙන­කුට එරෙ­හිව නීති­ප­ති­ව­රයා විසින් අධි­චෝ­දනා ගොනු කර තිබේ.

මෙහිදී නියෝජ්‍ය සොලි­ස්ටර් ජන­රාල් ජනක බණ්ඩාර මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් වැඩි­දු­ර­ටත් සාක්ෂි දුන් පුෂ්ප කුමාර මහතා මෙසේ ද කීවේය.

“සිද්ධිය වූ දින­යේදී අර­ලි­ය­ගහ මන්දි­රයේ රැස්වී­මට එන්න පාන්දර පහයි තිහට විතර පොලො­න්න­රු­වෙන් අපි පිටත් වුණා. මැදි­රි­ගි­රිය ප්‍රාදේ­ශීය සභාවේ හිටපු සභා­ප­ති­ව­ර­යාත්, හිටපු පළාත් සභා මන්ත්‍රී­තු­මාත්, තවත් මුස්ලිම් මිතු­රන් දෙදෙ­නෙ­කුත් අපේ වාහනේ ආවා. එදා පෙර­වරු 9.30ට විතර අර­ලි­ය­ගහ මන්දි­රයේ රැස්වී­මට අපි පැමි­ණියා. රැස්වීම දහ­වල් දොළ­හයි තිහට විතර ඉවර වෙලා ඇමැති සිරි­පාල ගම්ලත් මහ­තාගේ බත්ත­ර­මුල්ලේ නිවෙ­සට අපි දවල් කෑමට පිටත් වෙලා ගියා. ඒ අව­ස්ථා­වේදී හාරි­ස්ප­ත්තුවේ ගුණ­ති­ලක රාජ­පක්ෂ මහ­ත්ත­යාත් අපි කට්ටිය එක්ක ආවා. දවල් කෑම කාලා එකයි හත­ළි­ස්ප­හට විතර පොලො­න්න­රු­වට යන්න පිටත් වුණා. චන්ද්‍ර­සේන මහ­ත්ත­යාත් මහේස් මහ­ත්ත­යාත් අපිත් එක්ක හිටියා.

අපි හෝක­න්දර, අතු­රු­ගි­රිය අධි­වේගී මාර්ගය ඔස්සේ කඩ­ව­තට පැමිණ නුවර පාරෙන් ඇවිත් යළිත් මීරි­ග­මින් අධි­වේගී මාර්ග­යට යන්නයි පිට­ත්වෙලා ආවේ. කඩ­ව­තින් පිටත් වෙලා නුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ එන­කොට නිට්ට­ඹුව නග­ර­යේදී සවස 2.15ත් 2.30ත් වගේ වෙලා­වෙදි තමා මේ සිද්ධිය ඇති වුණේ.

මම මන්ත්‍රී­තු­මාගේ රියැ­දු­රෙකු ලෙස 2012 ඉඳලා රැකි­යාව කර­නවා. මුලදී පළාත් සභා මන්ත්‍රී­ව­ර­යකු ලෙසත්, පසුව පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ර­යකු ලෙසත් මන්ත්‍රී­තුමා කට­යුතු කළා.

එම ගමන සඳහා අපි පිටත් වුණේ පොලො­න්න­රුව දිස්ත්‍රික් සම්බ­න්ධී­ක­රණ කමි­ටුවේ සභා­ප­ති­ව­රයා හැටි­යට මන්ත්‍රී­ව­ර­යාට ආර්ථික සංව­ර්ධන අමා­ත්‍යාං­ශ­යෙන් දී තිබූ KG 2649 දරන මෙරූන් පාට ජීප් රථ­යෙන්.

අපි වාහ­න­යෙන් බැස්ස වෙලා­වේදී මන්ත්‍රී­තු­මයි ආර­ක්ෂක නිල­ධා­රි­යයි කොළඹ පැත්තට පයින් යනවා දැක්කා. ඒ වෙලා­වේදී මම ඒ ළඟ තිබුණු කුඩා කොන්ක්‍රීට් පාරක ඇවි­ද­ගෙන ගිහින් ළඟ තිබුණු ගෙද­ර­කට කිව්වා මට හැංගෙන්න තැනක් දෙන්න කියලා. ඒ වෙලාවෙ ඒ ගෙදර හිටිය තරු­ණි­යක් කිව්වා, වැසි­කි­ළියේ හැංගෙන්න කියලා. මම එහෙම හැංගිලා ඉන්න කොට පොලු අර­ගත්තු පිරි­සක් ඒ ගෙද­ර­ටත් ආවා. ඇවිත් මාව අල්ලා­ගෙන හොඳ­ටම පහර දුන්නා. පොලු­ව­ලින් හෙල්මට් එක­කින් පහර දුන්නා. මගේ කලි­ස­මත් ගලවා ගත්තා. කලි­සම් සාක්කුවේ මගේ සල්ලි, හැඳු­නු­ම්පත, බිරි­ඳගේ ඒ. ටී. එම්. කාඩ්පත තිබුණා.

මගේ ඔළුව, නළල, නහය තුවාල වෙලා ලේ ගලන්න පටන් ගත්තා. එතැ­නට ආපු තවත් පිරි­සක් මෙයා රැකි­යා­වනේ කරන්නේ කියලා කිව්වා. පස්සෙ මට කලි­ස­ම­කුත් ගෙනත් දුන්නා. එතැන හිටපු අය රුපි­යල් 5000ක් දීලා ගමට යන්න කිය­ලත් කිව්වා. ඒකත් උදුරා ගත්තා, පස්සේ ආපු කට්ටි­යක්. ඒ වෙලාවේ මම කරු­වල වැටෙ­නකං ඉඳලා සවස හයයි තිහට විතර මාව කෙනෙක් එක්ක­ගෙන ගිහින් නිට්ට­ඹුව ලංගම ඩිපෝවේ බස් එක­කට ගොඩ කරලා ඕකට වෙලා ඉන්න කියලා කිව්වා.

පස්සේ එතැ­නට ලංගම නිල­ධා­රි­ය­කුත් ආවා. ඇවිල්ලා මගෙන් තොර­තුරු විම­සුවා. පහු­වදා උදේ අටට විතර මම නිට්ට­ඹුව පොලි­සි­යට ගියා. එහිදී පොලි­සිය මගෙන් කට­උ­ත්තර ගත්තා. ඒ මැයි දහ වෙනිදා. මගේ නළලේ තුවා­ල­යට මැහුම් දහ­යක් විතර දාන්න සිදු වුණා.

දවල් වන විට මන්ත්‍රී­තු­මාගේ නෝනයි පුතයි පොලි­සි­යට ආවා. මම ඔවුන් එක්ක පොලො­න්න­රුවේ ගිහින් ඉස්පි­රි­තාලෙ නතර වෙලා දවස් පහක් ප්‍රති­කාර ගත්තා. මන්ත්‍රී­තු­මයි ආර­ක්ෂක නිල­ධාරී ගුණ­ව­ර්ධ­නයි තවත් අය­කුයි ඝාත­නය කරලා කියලා දැන­ගත්තේ එහිදී. ටීවී එකෙ­නුත් ඒ ගැන මම දැන ගත්තා.

ජූනි තිස් එක් වෙනිදා හඳු­නා­ගැ­නීමේ පෙර­ට්ටු­ව­කට ඉදි­රි­පත් කළා. පස්දෙ­නකු හඳු­නා­ගත්තා. මන්ත්‍රී­තු­මාට උදලු මිට­කින් පහර දුන් කෙනයි පොලු අතේ තියා­ගෙන හිටපු කෙන­කුයි දෙදෙ­නකු මම එහිදී හඳු­නා­ගත්තා. දැන් දැක්කොත් හඳු­නා­ගන්න අමා­රුයි.”

මෙහිදී සාක්ෂි­කරු අධි­ක­රණ ශාලා­වේදී පළමු වන විත්ති­කරු, අට වන විත්ති­කරු සහ දාහත් වන විත්ති­කරු හඳු­නා­ගනු ලැබු­වේය. තවද මන්ත්‍රී­ව­රයා ගමන් ගත් වාහනේ අම­තර ටය­රය සහ පිටි­පස දොර අධි­ක­ර­ණ­යේදී සාක්ෂි­කරු හඳු­නා­ගනු ලැබු­වේය.

විත්තියේ නීතිඥ ලාල් කුමා­ර­පේළි මහ­තාගේ හරස් ප්‍රශ්න­ව­ලට පිළි­තුරු දෙමින් සාක්ෂි­කරු මෙලෙස ද කීවේය.

“2012 වසරේ සිට රියැ­දු­රෙකු වශ­යෙන් මන්ත්‍රී­තුමා ළඟ සේවය කර­නවා. මන්ත්‍රී­තු­මාට රියැ­දු­රකු අවශ්‍ය බව දැන­ගත්ත නිසා තවත් හිත­ව­තකු මාර්ග­යෙන් එම රැකි­යා­වට ගියා. මට වයස අවු­රුදු තිස් අටයි. විවා­හ­කයි. දරු­වන් දෙදෙ­නෙකු සිටි­නවා. පොලු අර­ගෙන පිරි­සක් වාහ­නය නතර කළා. පහ­ළො­වක් දාහ­තක් විතර පිරි­සක් එහි හිටියා. මහ පාරෙත් පදික වේදි­කා­වෙත් කට්ටිය හිටියා. වේලාව දෙකයි හත­ළිස් පහට තුනට විතර ඇති. මැදි­රි­ගි­රියේ ප්‍රාදේ­ශීය සභාවේ සභා­පති වික්‍ර­මා­රච්චි මහ­ත්තයා අපි සමඟ හිටියා. නිට්ට­ඹුව පොලි­සි­යට දුන්න කට­උ­ත්ත­රය නිවැ­රදි බව දන්නවා. සභා­ප­ති­තුමා දිග­ටම අපි එක්ක හිටියා. ජීප් රථය නව­ත්තපු තැන පන­හක හැටක විතර පිරි­සක් හිටියා. වාහ­න­යට යන්න පාරේ ඉඩ තිබු­ණත් මහ­ත්තයා කිව්වා නතර කරන්න කියලා. මඟුල් ගෙද­රක ගියා කියලා මන්ත්‍රී­තුමා කිව්වේ. ඒ වෙලාවේ මන්ත්‍රී­තුමා සහ ආර­ක්ෂක නිල­ධා­රියා යන­කොට කට්ටි­යක් ඔවුන් වට­ක­ර­ගෙන පහර දෙනවා දුටුවා.”

මෙහිදී විත්තිය වෙනු­වෙන් පෙනී සිටි ජනා­ධි­පති නීතිඥ උපාලි මොහොට්ටි මහ­තාගේ හරස් ප්‍රශ්න­ව­ලට පිළි­තුරු දෙමින් සාක්ෂි­කරු මෙසේ ද කීවේය.

“රතු පාට ටී ෂර්ට් එකක් ඇඳලා තොප්පි­යක් සහ මාක්ස් එකක් දාපු කෙනෙක් මන්ත්‍රී­තු­මාට පොල්ල­කින් ගහ­නවා දැක්කා. ජූනි මස 10, 15 සහ 25 දින­ව­ලදී අවස්ථා තුන­කදී පොලි­සි­යට ප්‍රකාශ දී තිබෙ­නවා.

පොලි­සියේ ප්‍රකාශ මත හඳුන්වා දීම ගැන කිසි­වෙකු හඳු­නා­ගත්තේ නෑ. ඡායා­රූප වීඩියෝ පට බලලා පුද්ග­ල­යන් හඳු­නා­ගත්තා කියන එක පිළි­ගන්නේ නෑ.

රූප­වා­හි­නි­යෙ­නුත් මගේ ඇස් දෙකෙ­නුත් මන්ත්‍රී­තු­මාට පහර දෙනවා දුටුවා. මන්ත්‍රී­තු­මාට කෙනෙක් ගහ­නවා දැක්කා කියලා කිව්වේ රතු­පාට ටී ෂර්ට් එකක් ඇඳ­ගෙන ගහපු කෙනා දැක්කේ නැති නිසා කියන එක පිළි­ගන්නේ නෑ.”

රජයේ ජ්‍යෙෂ්ඨ අධි­නී­තිඥ ඔස­වල් පෙරේරා, රජයේ නීතිඥ ධනුෂ්ක රාහු­බද්ධ මහ­ත්ව­රුන් සමඟ නියෝජ්‍ය සොලි­ස්ටර් ජන­රාල් ජනක බණ්ඩාර මහතා නීති­ප­ති­ව­රයා වෙනු­වෙන් පෙනී සිටි­යහ.

වැඩි­දුර විභා­ගය ජූලි මස 28 වැනි දිනට කල් තැබිණ.

කිරි­ඳි­වැල - උපාලි රණ­වීර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x