Home » කෝටි දෙකක රන් හංගාගෙන හරිත මාව­තෙන් ලිස්සා යන්න ගිය ගුවන් මඟියා රේගු භාර­යට

කෝටි දෙකක රන් හංගාගෙන හරිත මාව­තෙන් ලිස්සා යන්න ගිය ගුවන් මඟියා රේගු භාර­යට

by damith
July 1, 2024 1:03 am 0 comment

රුපි­යල් කෝටි දෙකක් පමණ වටිනා ස්වර්ණා­භ­රණ තොග­යක් සිය ගමන් මලු තුළ සඟ­වා­ගෙන හරිත මාවත (Green Channel) ඔස්සේ ගුවන් තොටු­පො­ළෙන් පිට­තට යෑමට තැත් කළ ගුවන් මඟි­යකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිල­ධා­රීන් විසින් පෙරේදා (29) පස්ව­රුවේ අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

යාප­නයේ පදිංචි 47 හැවි­රිදි පුද්ග­ල­යකු වන සැක­කරු සෑම මාස­ය­ක­ටම 3-4 වතා­වක් ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගම­න්වල යෙදුණු පුද්ග­ල­යෙකි.

සාමා­න්‍ය­යෙන් ප්‍රංශය, එංග­ල­න්තය, ජර්ම­නිය, රුසි­යාව වැනි රට­වල සිට කටු­නා­යක ගුවන් තොටු­පොළ වෙත පැමි­ණෙන ගුවන් මඟීන් එත­රම් දැඩි පරීක්ෂා කිරී­ම­කට ලක් නොකෙ­රෙති. කෙසේ වෙතත් මොහු පිළි­බඳ ඇති වූ සැකය මත නවතා අහඹු ලෙස පරීක්ෂා කිරී­මේදී මේ ස්වර්ණා­භ­රණ තොගය සොයා­ගෙන අත්අ­ඩං­ගු­වට ගැනී­මට හැකි වී තිබේ. ඔහු රැගෙන ආ ගමන් මලු තුළ වූ ග්‍රෑම් 995ක් බරැති මාල 2ක්, අත් පල­ඳ­නා­වක් සහ මුද්දක් රේගු නිල­ධා­රීන් විසින් මෙහිදී අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. රේගු නිල­ධා­රීහු මේ ගුවන් මඟියා අත්අ­ඩං­ගුවේ තබා­ගෙන වැඩි­දුර විම­ර්ශන කට­යුතු සිදු කර­මින් සිටිති.

කටු­නා­යක - ටී.කේ.ජී. කපිල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x