Home » රෙඩ්බානා වත්තේ දැරි­යක කෙලෙ­සු­වැයි රූප­ලා­වණ්‍ය ශිල්පියා රක්ෂිත බන්ධ­නා­ගා­ර­යට

රෙඩ්බානා වත්තේ දැරි­යක කෙලෙ­සු­වැයි රූප­ලා­වණ්‍ය ශිල්පියා රක්ෂිත බන්ධ­නා­ගා­ර­යට

by damith
July 1, 2024 1:03 am 0 comment

දුම්ම­ල­සූ­රිය රෙඩ්බානා වත්තේ පදිංචි වයස අවු­රුදු 10ක දැරි­යක අක්කර 8 ප්‍රදේ­ශ­යේදී දූෂ­ණ­යට ලක් කිරීම සම්බ­න්ධ­යෙන් 31 හැවි­රිදි රූප­ලා­වණ්‍ය ශිල්පි­යකු දුම්ම­ල­සූ­රිය පොලිස් ස්ථානය මඟින් පෙරේදා (29) අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

සැක­කාර රූප­ලා­වණ්‍ය ශිල්පියා එම දූෂ­ණ­යට ලක් වූ දැරි­යගේ මාමා කෙනකු බවත්, එම සැක­කාර මාමා විසින් එම දැරිය දූෂ­ණ­යට ලක් කර ඇත්තේ මෙයට වසර දෙක­කට පෙර බවත් පොලි­සිය පව­සයි. සැක­කරු අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව රිමාන්ඩ් බන්ධ­නා­ගා­ර­ගත කර තිබේ. දුම්ම­ල­සූ­රිය පොලිස් ස්ථානය මඟින් සිද්ධිය සම්බ­න්ධ­යෙන් වැඩි­දුර විම­ර්ශන සිදු කරයි.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x