Wednesday, July 3, 2024
Home » චීන කොමියුනිස්ට් පක්ෂයේ 103 වැනි සංවත්සරය නිමිත්තෙන් සංගීත සංධ්වනියක්  

චීන කොමියුනිස්ට් පක්ෂයේ 103 වැනි සංවත්සරය නිමිත්තෙන් සංගීත සංධ්වනියක්  

by chanaka
July 1, 2024 9:22 pm 0 comment

චීන කොමියුනිස්ට් පක්ෂයේ 103 වැනි සංවත්සරය නිමිත්තෙන් සංගීත සංධ්වනි ප්‍රසංගයක් පැවැත්වේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉතිහාස ප්‍රදර්ශන ශාලාවේ දී ඊයේ (30) එම ප්‍රසංගය පැවැත්විණ.

පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුව, චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය හා චීන මාධ්‍ය සමූහය විසින් එය සංවිධාන කරනු ලැබීය.

චීන රජයෙන් පිදෙන කොමියුනිස්ට් පක්ෂය හා සම්බන්ධ උසස්ම උපහාරයක් වන ‘ජූලි පළමුවැනිදා පදක්කම්’ ලාභීන්, ‘දේශයේ පරමාදර්ශී පුද්ගලයන්’ ලෙස නම් කරන ලද විශිෂ්ටයන් සහ පක්ෂයේ බිම් මට්ටමේ විශේෂ නියෝජිතයන් සහ බෙයිජිං නගරවාසීන් ඇතුළුව 800 ක පමණ පිරිසක් එම ප්‍රසංගය නැරඹීමට එක්ව සිටියහ.

සංස්කෘතික අතින් බලවත් රටක් ගොඩනැගීම පිළිබඳ ඉහළ අභිලාෂය මෙම ප්‍රසංගයේ දී පිළිබිඹු විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x