Home » හවුති ප්‍රහා­ර­යට ලක් වූ ගල්අ­ඟුරු නැව රතු මුහුදේ ගිලෙයි

හවුති ප්‍රහා­ර­යට ලක් වූ ගල්අ­ඟුරු නැව රතු මුහුදේ ගිලෙයි

by damith
July 1, 2024 1:06 am 0 comment

ග්‍රීසි­යට අයත් ගල්අ­ඟුරු නෞකා­ව­කට එල්ල වූ හවුති ප්‍රහා­ර­යෙන් සති­ය­කට පසු රතු මුහුදේ ගිලී ගිය බව බ්‍රිතාන්‍ය නාවික වෙළෙඳ මෙහෙ­යුම් මධ්‍ය­ස්ථා­නය තහ­වුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසු­ගිය ජූනි මස 12 වැනිදා හවුති කැර­ලි­ක­රු­වන් විසින් මිස­යිල ප්‍රහා­ර­යක් එල්ල කිරී­මෙන් සහ දුරස්ථ පාල­ක­ය­කින් හසු­රු­වන පුපු­රන ද්‍රව්‍ය පැටවූ බෝට්ටු­වක් එම නෞකාවේ ගැටී පුපු­රුවා හැරී­මට සැලැ­ස්වී­මෙන් නෞකාව ගිනි­බත් වූ බව වාර්තා වේ.

ගල්අ­ඟුරු නෞකාව පිපිරී ගිනි ගැනී­මෙන් පසු එහි සිටි කාර්ය මණ්ඩ­ලයේ සාමා­ජි­ක­යන් අමෙ­රි­කානු හමු­දාව විසින් බේරා ගනු ලැබීය. එහෙත් ඒ මොහොතේ නෞකාවේ යාන්ත්‍රික කුටියේ සිටි සාමා­ජි­ක­යකු අතු­රු­දන් වී තිබිණි.

හවුති ප්‍රහා­ර­යෙන් රතු මුහු­දේදී ගිලී ගිය දෙවැනි නෞකාව මෙය වන අතර, මීට පෙර පසු­ගිය මාර්තු­වේදී බ්‍රිතා­න්‍ය­යට අයත් ටොන් 41,000කගෙන් සම­න්විත පොහොර නෞකා­වක් හවුති ප්‍රහා­ර­යෙන් සති දෙක­කට පසු රතු මුහුදේ ගිලී ගොස් තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x