Home » නීති­වි­රෝධී සංක්‍ර­ම­ණි­ක­යන්ගේ පැමි­ණීම වැළැ­ක්වී­මට එක්ව­දෝ­රය වීසා රහි­තව රටට ඇතු­ළු­වීම අත්හි­ටු­වයි

නීති­වි­රෝධී සංක්‍ර­ම­ණි­ක­යන්ගේ පැමි­ණීම වැළැ­ක්වී­මට එක්ව­දෝ­රය වීසා රහි­තව රටට ඇතු­ළු­වීම අත්හි­ටු­වයි

by damith
July 1, 2024 1:07 am 0 comment

අක්‍ර­ම­වත් සහ නීති­වි­රෝධී අයු­රින් සංක්‍ර­ම­ණි­ක­යන්ගේ වර්ධ­න­යක් සිදු­වීම හේතු­වෙන් අද සිට චීන පුර­වැ­සි­යන්ට වීසා රහි­තව රටට ඇතු­ළු­වීමේ අව­ස්ථාව අත්හි­ටු­වන බව ඉක්ව­දෝ­රය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දකුණු අමෙ­රි­කාව, මධ්‍යම අමෙ­රි­කාව හා මෙක්සි­කෝව හරහා පා ගම­නින් දිගු සංචා­ර­යක යෙදෙ­මින් පසු­ගිය කාලය ඇතු­ළත දහස් සංඛ්‍යාත චීන පුර­වැ­සි­යන් එක්ව­දෝ­ර­යට ඇතුළු වී ඇතැයි ද, එය එරට සංක්‍ර­ම­ණි­ක­යන්ගේ අර්බු­දය ඉහළ දැමී­මට හේතු වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

දේශ­සීමා මුර සංචාර සංඛ්‍යා­ලේ­ඛ­න­ව­ලට අනුව පසු­ගිය වසරේ දෙසැ­ම්බර් මාස­යේදී පම­ණක් එරට නිරි­ත­දිග දේශ­සී­මා­වෙන් රටට ඇතුළු වන චීන ජාති­ක­යන්ගේ ප්‍රමා­ණය හය­ද­හස ඉක්මවා ගොස් තිබූ බවත්, මේ වසරේ මැයි මාස­යේදී එය 3,600ක් ලෙස වාර්තා වූ බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

අන­ව­සර සංක්‍ර­ම­ණි­ක­යන්ගේ වර්ධ­නය සීමා කිරීම සඳහා මේ වසරේ මුල් භාග­යේදී මෙක්සි­කෝව ප්‍රධාන දේශ­සී­මාවේ නව මුර­පො­ළ­වල් පිහි­ටු­වී­මට සහ අමෙ­රි­කා­වට යෑම සඳහා වැඩි­පුර භාවිත කරන දේශ­සීමා මාර්ග­වල මුර සංචාර වැඩි කිරී­මට එක්ව­දෝර රජය පිය­වර ගෙන තිබේ. එහි ප්‍රති­ඵ­ල­යක් ලෙස නීති­වි­රෝධී සංක්‍ර­ම­ණි­ක­යන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට එක්ව­දෝ­ර­යට හැකිවී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x