Home » කිසිදු අපේ­ක්ෂ­ක­ය­කුට බහු­ත­ර­යක් නෑ ඉරාන ජනා­ධි­ප­ති­ව­ර­ණවය දෙවැනි වට­යට

කිසිදු අපේ­ක්ෂ­ක­ය­කුට බහු­ත­ර­යක් නෑ ඉරාන ජනා­ධි­ප­ති­ව­ර­ණවය දෙවැනි වට­යට

by damith
July 1, 2024 1:08 am 0 comment

ඉරා­නයේ හිටපු ජනා­ධි­පති ඉබ්‍රා­හිම් රයිසි මාරා­න්තික හෙලි­කො­ප්ටර් අන­තු­ර­කින් ජීවි­ත­ක්ෂ­යට පත්වී­මෙන් පසු එරට පැවැති හදිසි ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී කිසිදු අපේ­ක්ෂ­ක­ය­කුට බහු­තර ඡන්ද ප්‍රති­ශ­ත­යක් ලබා­ගත නොහැ­කි­වීම හේතු­වෙන් දෙවැනි වටයේ ඡන්ද විම­සීම 5 වැනිදා පැවැ­ත්වී­මට නිය­මි­තව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වසර 1979 ඉරාන විප්ල­ව­යෙන් පසු එරට මැති­ව­ර­ණ­යක් දෙවැනි වටය දක්වා ඇදී ගිය පළමු අව­ස්ථාව මෙය බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

පසු­ගිය ජූනි 28 වැනිදා පැවැති ඉරාන ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වූ අපේ­ක්ෂ­ක­යන් සිව්දෙනා අතු­රින් දෙදෙ­නකු ඉදි­රි­යට පැමි­ණී­මට සමත් වූවද, ඡන්ද භාවි­තය වාර්තා­ගත අයු­රින් පහළ වැටීම හේතු­වෙන් බහු­තර ඡන්ද ප්‍රති­ශ­ත­යක් ලබා­ගත නොහැකි වූ බව වාර්තා වේ. ඒ අනුව ලබන 5 වැනිදා ඡන්ද විම­සීම සිදු වන්නේ පළමු වට­යේදී වැඩිම ඡන්ද ප්‍රති­ශ­ත­යක් ලැබූ අපේ­ක්ෂ­ක­යන් දෙදෙනා අතර බව ද වාර්තා වේ. මිලි­යන 61කට වැඩි ඡන්ද­දා­ය­ක­යන් පිරි­සක් අතු­රින් ඡන්දය භාවිත කර ඇත්තේ 40%ක ප්‍රමා­ණ­යක් බව ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x