Home » සර්බි­යාවේ ඊශ්‍රා­යල තානා­පති කාර්යා­ලය ඉදි­රි­පි­ටදී පොලිස් නිල­ධා­රි­ය­කුට ඊත­ල­ය­කින් විදලා

සර්බි­යාවේ ඊශ්‍රා­යල තානා­පති කාර්යා­ලය ඉදි­රි­පි­ටදී පොලිස් නිල­ධා­රි­ය­කුට ඊත­ල­ය­කින් විදලා

by damith
July 1, 2024 1:09 am 0 comment

සර්බි­යාවේ බෙල්ග්‍රේඩ් අග­නු­වර ඊශ්‍රා­යල තානා­පති කාර්යා­ලය ඉදි­රි­පිට දී නාඳු­නන පුද්ග­ල­යකු විසින් එල්ල කරනු ලැබූ ඊතල ප්‍රහා­ර­ය­කින් පොලිස් නිල­ධා­රි­යකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එරට අභ්‍ය­න්තර කට­යුතු පිළි­බඳ අමා­ත්‍ය­ව­රයා වාර්තා­ක­රු­වන්ට ප්‍රකාශ කර ඇත්තේ පසුව එම පොලිස් නිල­ධා­රියා විසින්ම තැබූ වෙඩි පහ­ර­කින් ඊතල ප්‍රහා­ර­කයා මිය ගිය බවය.

ඊත­ලය එල්ල වී ඇත්තේ මිලොස් ජෙව්රෙ­මො­වික් නමැති එම පොලිස් නිල­ධා­රි­යාගේ ගෙල ප්‍රදේ­ශ­යට වන අතර, මේ වන විට ඔහුට සැත්ක­මක් සිදු කර ඇත. ඔහුගේ තත්ත්වය බර­ප­තළ නොවන බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

එම ඊතල ප්‍රහා­රය සිදු කළ පුද්ග­ලයා සර්බි­යානු ජාති­ක­යකු බවත්, ඔහු ඉස්ලාම් දහ­මට නැඹුරු වූ පුද්ග­ල­යකු බවත් හෙළි වී ඇති අතර, එය ත්‍රස්ත ප්‍රහා­ර­යක් බවට නිරී­ක්ෂ­ණය වී ඇතැයි ද වාර්තා වේ.

ඊශ්‍රා­යල තානා­පති කාර්යා­ලය ඉදි­රි­පිට ඇති ගොඩ­නැ­ඟි­ල්ලක් අසල ගැවසී ඇති එම පුද්ග­ලයා පසුව බෑග­ය­කින් දුන්නක් පිට­තට ගෙන එම ඊතල පහර පොලිස් නිල­ධා­රියා ඉලක්ක කර­මින් එල්ල කර ඇති බව මූලික පරී­ක්ෂ­ණ­යේදී අනා­ව­ර­ණය වී තිබේ. එය සිදු­වන අව­ස්ථා­වේදී ඊශ්‍රා­යල තානා­පති කාර්යා­ලය වසා දමා තිබූ බව ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x