Friday, July 5, 2024
Home » IMF හැර වෙනත් මාර්ග­යක් නැහැ අන්තර්ජාතික ප්‍රජාව ඉදිරියේ රට බාල්දු නොකර සියලු දෙනා සහය දෙන්න – ජනා­ධි­පති නීතිඥ යූ. ආර්. ද සිල්වා

IMF හැර වෙනත් මාර්ග­යක් නැහැ අන්තර්ජාතික ප්‍රජාව ඉදිරියේ රට බාල්දු නොකර සියලු දෙනා සහය දෙන්න – ජනා­ධි­පති නීතිඥ යූ. ආර්. ද සිල්වා

by damith
July 1, 2024 6:20 am 0 comment
  • පුළුල් ආයෝ­ජ­න­ව­ලට රට විවර කරන්න ඕනෑ
  • දීර්ඝකාලීන බදු දීමේ ප්‍රති­පත්ති අනු­ග­ම­නය කළ යුතුයි
  • අර්බුද සඳහා ස්ථිර විස­ඳු­මක් ඕනෑ

ජන­පති ජාතිය අමතා කළ ප්‍රකා­ශය, හෙට දින පාර්ලි­මේ­න්තුව අමතා කිරී­මට නිය­මිත ප්‍රකා­ශය, ජාතික වශ­යෙන් වැද­ගත් කරු­ණක් වන ණය ගැට­ලුව සඳහා ලබා දෙන විස­ඳුම් සහ උදා වී තිබෙන තත්ත්වය තුළ පක්ෂ, විපක්ෂ මන්ත්‍රී­වරු සහ ජන­තාව සතු වග­කීම කුම­ක්දැයි යනාදී කරුණු කාරණා ගැන ජනා­ධි­පති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා සමඟ කළ සාක­ච්ඡා­වකි මේ.

අපේ රට පසු­ගිය අවු­රුදු කිහි­පය තුළ විශාල ආර්ථික අර්බු­ද­යක සිර වුණේ ණය ගෙවී­මට අස­මත් වීම සහ සංචිත හිඟය නිසයි. ඒ ගැන පසු­ගිය දා ජනා­ධි­ප­ති­ව­රයා ජාතිය අමතා විශේෂ ප්‍රකා­ශ­යක් සිදු කළා. එදා සහ අද තත්ත්වය පිළි­බඳ ඔබේ අද­හස මොන වගේ ද ?

ඇත්තෙන්ම රට බංකො­ලොත් කියන වච­නය එත­රම් සුදුසු වච­න­යක් නොවෙයි. 2022 අප්‍රේල් මාස­යේදී මහ බැංකු අධි­ප­ති­ව­රයා සඳ­හන් කළේ ඒ අව­ස්ථාව වන විට රට ලබා ගත් ණය ගෙවන්න තරම් හැකි­යා­වක් අප රට සතුව නැති බවයි. ඒ ප්‍රකා­ශය සමඟ තමයි අපේ රට බංකො­ලොත් කියන අද­හස මතුව ආවේ. මේ වච­නය ඇත්තෙන්ම එත­රම් සුදුසු වච­න­යක් නොවෙයි. මේ නිසා අපේ රටට තිබූ අවා­සිය තවත් වැඩි වුණා. ඇත්තෙන්ම ඇති වූ මේ තත්ත්ව­යට හේතු වුණේ රටේ ආදා­යම් සම්පූ­ර්ණ­යෙන්ම වාගේ ඇහිරී යාමයි.

ඒක බංකො­ලොත් වීමක් විදි­හට හැඳි­න්වීම නිසා රටේ ප්‍රති­රූ­පය තව­දු­ර­ටත් විනාශ වුණා. ඇත්තෙන්ම අද මතු­පි­ටින් බලන අය ගෝඨා­භය රාජ­පක්ෂ මහතා වෙත රට අසා­ර්ථක වීමේ චෝද­නාව එල්ල කර­නවා. එහෙත්, ඒක සාධා­රණ චෝද­නා­වක් නොවෙයි. 1977 දී රටට නව ආර්ථික ක්‍රම­යක් ආරම්භ වුණා. ඒ සමඟ එතෙක් වැසී තිබූ ආර්ථි­කය පූර්ණ ලෙස විවර වුණා. එතැ­නදි අප කළ යුත්තේ මොකක්ද නොකළ යුත්තේ මොකක්ද කියල අපට තේරුම් ගන්න බැරි වුණා. අපි රටක් විදි­හට ණය මතම යැපෙන තැන­කට වැටුණා. නිෂ්පා­දන ආර්ථි­ක­යක් ඇති කර ගෙන ලබා ගත් ණය ගෙවීමේ ක්‍රමය වෙනු­වට පැමිණි සියලු පාල­ක­යන් ණය අරන් කාලා බීලා ආයේ­මත් ණය ගන්න ක්‍රම­ය­කුයි ක්‍රියා­ත්මක කළේ. එහි කූට­ප්‍රා­ප්තිය තමයි, 2022 දී අප විශාල ණය උගු­ලක සිර­වීම. අය වැය හිඩැස් පුර­වනු ලැබුවේ තවත් ණයක් අර­ගෙ­නයි. අපට ආද­ර­යට නොවෙයි. තව තවත් පොලී ලබා ගන්න පුළු­වන් නිසා ලෝක ණය දෙන ආය­ත­නත් අපට දිගින් දිග­ටම ණය ලබා දුන්නා. අපත් 2022 වන තුරු කොහොම හරි ණය වාරික ගෙවනු ලැබුවා. කොවිඩ් වසං­ග­තය, පාස්කු ප්‍රහා­රය වැනි අර්බු­දය නිසා මෙර­ටට සංචා­ර­ක­යන් පැමි­ණීම ඇන හිටියා. ලෝකයේ සිටින අපේ ශ්‍රමි­ක­යන් මෙර­ටට එවන මුදල් ප්‍රමා­ණය අඩු වුණා. එහි අව­සාන ප්‍රති­ඵ­ලය වුණේ අප ආර්ථික ලෙස ලොකු උගු­ලක පැට­ලී­මයි. ඒ වගේම මේ කාලය තුළ විශාල කම්හල් ප්‍රමා­ණ­යක් වැසුණා. මේ සිය­ල්ලේම ප්‍රති­ඵ­ලය තමයි ලොකු ආර්ථික අර්බු­ද­යක් ඇති­වීම.

ආර්ථික අර්බු­දයේ ප්‍රති­ඵල ලෙස දේශ­පා­ලන අර්බු­ද­ය­කුත් ඇති වුණා නේද?

ඔව්. මෙහි ප්‍රති­ඵ­ලය විදි­හට රට තුළ අසං­වි­ධා­නා­ත්මක එහෙත් බල­වත් ජන නැඟි­ටී­මක් ඇති වුණා. ඒ ජන නැඟි­ටීමේ ප්‍රති­ඵල ලෙස මුලින්ම අග­මැති මහින්ද රාජ­ප­ක්ෂට ධුරය අත­හ­රින්න සිදු වුණා. ඉන්පසු ජනා­ධි­පති ගෝඨා­භ­යට ධුරය අත­හ­රින්න සිදු වුණා. එහෙත්, අර­ග­ලය පැත්තෙන් විකල්ප නාය­ක­යෙක් මතුව ආවේ නැහැ. ඒත්, ඒ මොහොතේ රට අති විශාල අර්බු­ද­ය­කයි තිබුණේ. එය රාජ්‍යයේ පැවැ­ත්මට බල­වත් අභි­යෝ­ග­යක් වුණා. ඒ අව­ස්ථා­වේදී තමයි රනිල් වික්‍ර­ම­සිංහ මහතා මුලින් අග­මැති ධුර­යත්, පසුව ජනා­ධි­පති ධුර­යත් භාර ගත්තේ. ඇත්තෙන්ම ඔහු තමයි ඒ මොහොතේ සිටි පල­පු­රුදු සහ ජ්‍යෙෂ්ඨම දේශ­පා­ල­න­ඥයා. ඔහු රට භාර ගැනී­මෙන් පසු ක්‍රමා­නු­කූ­ලව අර්බු­දය විස­ඳීම සඳහා ක්‍රම­යක් සකස් කළා.

අයි. එම්. එෆ්. එක අපිට විත­රක් වාසි විදි­හට වැඩ කරන්නෙ නෑ. අග­තියේ සිටින පාර්ශ්වය වුණේ අපයි. ඒ නිසා අප රජ­යක් විදි­හට සාකච්ඡා කර යම් අත­ර­මැද තැන­කට පැමි­ණියා.

එසේ පැමිණි විස­ඳුම් පිළි­බඳ සමා­ජයේ නොයෙක් විවේ­චන ඇති වුණා නේද ?

මූලි­ක­වම එය සිදු වුණේ ගෝඨා­භය රාජ­පක්ෂ ආණ්ඩුව බල­යට පැමිණි විග­සයි. ආණ්ඩු­වට ආදා­යම ලැබෙන බදු ක්‍රම ඉවත් කිරී­මයි. එවක සිටි මුදල් අමා­ත්‍යාං­ශයේ නිල­ධා­රීන් ඒ සඳහා වග­කි­ව­යු­තුව තිබෙ­නවා. සීනි බදු ඉවත් කිරීම වගේ දේවල් නිසා රජ­යට හිමි විය යුතු ආදා­යම ලොකු පංගු­වක් අහිමි වුණා. මේ තත්ත්වය තුළ මූල්‍ය අර­මු­දලේ ඉල්ලීම වුණේ බදු ප්‍රති­ප­ත්තිය නිසි විදි­හට ක්‍රියා­ත්මක කරන ලෙසයි. එදා නිසි විදි­හට බදු ප්‍රති­පත්ති ක්‍රියා­ත්මක කළා නම්, සාමාන්‍ය ජන­තාව මත මෙත­රම් අප­හ­සු­තා­වක් ඇති වෙන්නෙ නෑ.

අදත් බදු පැහැර හරින පිරි­සක් ඉන්නවා. එවැනි කණ්ඩා­යම් සොයා බදු අය කර ගැනී­මෙන් ජන­තාව අප­හ­සු­තා­වට පත්වීම් වළක්වා ගන්න පුළු­වන්. හිස­ර­ද­යට කොට්ට මාරු කරන ක්‍රම­යක් තව­දු­ර­ටත් නඩත්තු කළ යුතු නෑ. දැන් කළ යුත්තේ ඇති වෙන්න පුළු­වන් නව අර්බුද සඳහා ස්ථිර විස­ඳු­මක් ඇති කිරී­මයි. ජනා­ධි­ප­ති­තු­මාගේ කතා­වෙන් පවා ඒ පිළි­බඳ ඉඟි­යක් පළ වුණා. ඔහු පවා විශ්වාස කර­නවා නැවත අයි එම්. එෆ්. නොයන්න නම් මෙරට තුළ නව නිෂ්පා­දන ආර්ථික ක්‍රම­යක් ක්‍රියා­ත්මක කළ යුතු බවට.

ණය අර්බු­දය කළ­ම­නා­ක­ර­ණය කිරීම පිළි­බඳ දොස් නඟන පාර්ශ්ව එසේ නොවන්නේ නම් කරන්න ඕනෑ කුමක්ද කියල ප්‍රකාශ කරන්නෙ නැහැ.?

ඔව්. අපි රටක් විදි­හට මේ වගේ අර්බු­ද­කාරී අව­ස්ථා­වක යන්න පුළු­වන් සුදු­සුම මාර්ගයේ තමයි මේ ගමන් කරනු ලබන්නෙ. අපි කැමැති වුණත්, අක­ැමැති වුණත් මෙයින් එහා විකල්ප මාර්ග­යක් නෑ. ඒ නිසා මේ මොහො­තේදී සියලු දෙනා යම් කාල­යක් හෝ එක්ව කට­යුතු කරන්න ඕනෑ. නව ආර්ථික පනත මඟි­නුත් ඒ පිළි­බ­ඳව තමයි අව­ධා­නය යොමු කරනු ලබන්නෙ. ඒ වගේම නැවත රාජ්‍ය සම්පත් විකි­ණීමේ වික­ල්පය වෙනු­වට පුළුල් ආයෝ­ජ­න­ව­ලට රට විවර කරන්න ඕනෑ. විකි­ණීම වෙනු­වට දීර්ඝකාලීන බදු දීමේ ප්‍රති­පත්ති අනු­ග­ම­නය කළ යුතුයි. එවැනි දුර දිග බලන ප්‍රති­පත්ති මඟින් රට නැවත සාමාන්‍ය තත්ත්ව­යට පත්කි­රී­මට පුළු­ව­න්කම ලැබෙ­නවා. දැන් කළ යුත්තේ කෙටිකාලීන බල ව්‍යාපෘති නොව රට ගැන සිතා වැඩ කළ හැකි ක්‍රම­යක් වෙත සිය­ල්ලන් යොමු වීමයි. මෙහිදී විප­ක්ෂ­යට පම­ණක් නොවෙයි, ආණ්ඩු­ව­ටත්, රාජ්‍ය නිල­ධා­රීන් වෙතත් ලොකු වග­කී­මක් තියෙ­නවා.

රාජ්‍ය නිල­ධා­රීන් වෙත තිබෙන්නේ මොන විදිහේ වග­කී­මක් ද?

රාජ්‍ය නිල­ධා­රීන් බහු­ත­ර­යක් වග­කීම් තේරුම් අරන් වැඩ කරනු ලබ­නවා. සුළු­තර පිරි­සක් උක­ටලී, නැත්නම් තම වග­කීම් නොත­ක­මින් කට­යුතු කර­නවා. ඔවු­න­ටත් ලොකු වග­කී­මක් තියෙ­නවා.

ඒත්, මේ වන විට විකල්ප අද­හස් ඇති කණ්ඩා­යම් ණය යෝජනා පිළි­බඳ විවිධ අද­හස් පළ කර­නවා. මේ අද­හස් කෙත­රම් දුරට යථා­ර්ථ­වාදී ඒවා ද?

ලබන ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් කවු­රුන් ජනා­ධි­පති වුණත්, අපේ ආර්ථික අර්බු­දය විසඳා ගැනී­මට වෙනත් මාර්ග­යක් නැහැ. කෙත­රම් උඩඟු කතා කීවද අයි. එම්.එෆ්. සමඟ සාක­ච්ඡා­වේදී ලොකු වෙන­සක් වෙන්නේ නැහැ. මේ මොහොත අත්හදා බැලීම් කර­න්නට සුදුසු වෙලා­වක් නොවෙයි දැන් අපි අයි. එම්. එෆ්. ක්‍රියා­ව­ලිය තුළ සැල­කිය යුතු ප්‍රමා­ණ­යක් ඉදි­රි­යට ඇවිත්. දැන් ආපසු හැරෙන්න බෑ. ඒ වාගේම වෙනත් සුදුසු විකල්ප මාර්ග­ය­කුත් නෑ. අපේ නිෂ්පා­දන ක්‍රියා­ව­ලිය ශක්ති­මත් කිරීම් කරන අත­ර­තුර සිය­ල්ලන් අවං­කව රට වෙනු­වෙන් කැප වෙන්න ඕනෑ. වංචාව, දූෂ­ණය, අල්ලස් වැනි වැරදි මාර්ග ඇහි­රිය යුතුයි. අයි.එම්.එෆ්. මේ ගැන අපට මාර්ගෝ­ප­දේ­ශ­යක් ද ලබා දී තිබෙන අතර ජනා­ධි­ප­ති­ව­රයා අයි.එම්.එෆ්. කළ­ම­නා­ක­ර­ණය පිළි­බඳ පාර්ලි­මේ­න්තු­වට දැනුම් දීමට නිය­මි­තව තිබෙන්නේ හෙට දින­යේ­දීයි. මෙම දැනුම් දීමෙන් පසු මන්ත්‍රී­ව­රුන්ගේ කැමැත්ත ලබා ගැනීමේ යෝජ­නා­වක් ඉදි­රි­පත් වීමට ඉඩ තිබෙ­නවා.

මේ යෝජ­නාව පිළි­බඳ මන්ත්‍රී ප්‍රති­චා­රය කුමක් වෙන්න පුළු­වන් ද?

අයි. එම්. එෆ්. යෝජනා සිය­යට සිය­යක් හොඳයි සාර්ථ­කයි කියල කියන්න තරම් මා ඉක්මන් වෙන්නෙ නෑ. කොහො­මත් සිය­යට සිය­යක් හොඳ දෙයක් ඉදි­රි­පත් වෙනවා යැයි කවුරු හරි හිත­නවා නම්, ඒක ලොකු වැරැ­ද්දක් විදි­හ­ටයි මම නම් සිතන්නේ. මේ ජනා­ධි­පති කතාව පාර්ලි­මේ­න්තුව තුළ පරා­ජය වුණා යැයි සිතමු. එහෙත්, එයින් අයි. එම්. එෆ්. යෝජ­නා­ව­ලට කිසිදු හානි­යක් වෙන්නෙ නෑ.

එහෙත්, එහෙම වුණාම අප රට කිසිම ඒක­ම­තිකභාව­යක් නැති රටක් විදි­හට අන්තර් ජාතික ප්‍රජාව ඉදි­රියේ හෑල්ලු­වට ලක් වෙනවා. ඒ වගේම සුළු, සුළු අඩු­පාඩු තිබු­ණත් මේ වගේ ජාතික වශ­යෙන් වැද­ගත් කාර­ණ­ය­කට එරෙහි වන්නේ අව­ස්ථා­වා­දීන් පිරි­සක් පම­ණයි. අද ප්‍රධාන විපක්ෂ කණ්ඩා­යම් දෙක විදි­හට ජාතික ජන බල­වේ­ගය සහ සමගි ජන බල­වේ­ගය අයි.එම්.එෆ්. යෝජ­නා­වට විරුද්ධ බව කියන්නෙ නැහැ. ඔවුන් ක්‍රම­වේ­ද­යක් විදි­හට ජනා­ධි­පති ගත් ක්‍රියා­මා­ර්ග­යට එක­ඟයි. ඔවුන් එහි තිබෙන තාක්ෂ­ණික කරුණු ගැනයි, සඳ­හන් කරන්නෙ. අනා­ග­ත­යේදී ජාතික ජන බල­වේ­ගයේ ආණ්ඩු­වක් පැමි­ණි­යත්, සමගි ජන බල­වේ­ගයේ ආණ්ඩු­වක් ආවත් ඔවු­නට ජනා­ධි­පති රනිල් ගත් මේ ක්‍රියා­මා­ර්ගය සම්පූ­ර්ණ­යෙන්ම පිටුදකින්න බැහැ.

උදිත ගුණ­ව­ර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x