Wednesday, July 3, 2024
Home » ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු වෙනුවෙන් තවදුරටත් සහය දක්වන බව අමෙරිකාව කියයි

ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු වෙනුවෙන් තවදුරටත් සහය දක්වන බව අමෙරිකාව කියයි

by chanaka
July 1, 2024 4:42 pm 0 comment

ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් වීමෙන් පසුව ද ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු වෙනුවෙන් තව දුරටත් සහය දැක්වීමට සූදානම් බව අමෙරිකාව පවසයි.

එරට භාණ්ඩගාරයේ ආසියානු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කැප්‍රෝත් මහතා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරත්වයේ යරා යාමේ නියමිත දිශාව කරා ගමන් කිරමින් තිබීම හේතුවෙන් ණය ප්‍රතිව්‍යහුගතකරණය සඳහා සෙසු රටවල් එකගත්වය පළ කළ බවයි.

හෙතෙම මේ බව සඳහන් කළේ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සමග මුදල් අමාත්‍යාංශයේ දී අද (01) පැවැති හමුවක දී ය.

ණය ප්‍රතිව්‍යුහගතකරණය වෙනුවෙන් අමෙරිකානු රජය දැක් වූ සහයට සිය කෘතඥතාව පළ කළ ඇමැති සේමසිංහ මහතා කියා සිටියේ දෙරට අතර පවතින ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතාව තව දුරටත් ශක්තිමත් කරමින් අමෙරිකාව ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබා දෙන සහයෝගය අගය කරන බවයි.

සාකච්ඡාවේදී ආර්ථික සහ අනෙකුත් ප්‍රතිසංස්කරණ නිසි පරිදි පවත්වා ගැනීමට ශ්‍රී ලංකාව දක්වන කැපවීම අගය කෙරිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x