196
2024 T20 ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායමට තවමත් සිය රටට ගමන් කිරීමට නොහැකිව බාබඩෝස්හි රැඳී සිටීමට සිදු වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ වන විට කැරිබියානු කලාපයට බලපා ඇති සුළි කුණාටු සහ අයහපත් කාලගුණික තත්ත්වය නිසා ගුවන් ගමන් අත්හිටුවා තිබීම මෙයට හේතුව වී තිබෙයි.
ඒ අනුව ඉන්දීය කණ්ඩායමට තවත් පැය 36ත් 48ත් අතර කාලයක් බාබඩෝස්හි රැඳී සිටීමට සිදු වන බව වාර්තා වෙයි.