Wednesday, July 3, 2024
Home » බෝතලයෙන් පානයෙන් දිවි බේරුණු එකම ධීවරයා හම්බන්තොට රෝහලට ඇතුළත් කෙරේ

බෝතලයෙන් පානයෙන් දිවි බේරුණු එකම ධීවරයා හම්බන්තොට රෝහලට ඇතුළත් කෙරේ

by yasara
July 1, 2024 10:39 am 0 comment

මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක දියරයක් මත්පැන් වර්ගයක් යැයි සිතා පානය කිරීමෙන් දිවි බේරුණු එකම ධීවරයා නාවික හමුදා “විජයබා” නෞකාව භාරගෙන තිබෙයි.

ඒ අනුව එම ධීවරයා මේ වන විට හම්බන්තොට රෝහල වෙත භාර දී ඇති බව වාර්තාවෙයි.

“ඩෙවෝන් 05” බහුදින ධීවර යාත්‍රාවෙන් මුහුදු ගිය ධීවරයින් 06 දෙනෙකු මෙලෙස මුහුදේ පාවෙමින් පැමිණි දියරයක් පානය කර තිබිණි.

ඔවුන්ගෙන් සිව් දෙනෙකු එම ධීවර යාත්‍රාව තුළදීම ජීවිතක්ෂයට පත්ව තිබෙයි

සෙසු ධීවරයන් දෙදෙනා විදෙස් නෞකාවක් විසින් මුදාගෙන ඇති අතර එහි සිටි තවත් ධීවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි නාවික හමුදාව පැවසුවේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x