Wednesday, July 3, 2024
Home » IOC සහ සයිනොපෙක් ඉන්ධන මිල ගණන් ද වෙනස් වෙයි

IOC සහ සයිනොපෙක් ඉන්ධන මිල ගණන් ද වෙනස් වෙයි

by chanaka
July 1, 2024 9:02 am 0 comment

ලංකා IOC සමාගම සහ සයිනොපෙක් සමාගමද ඉන්ධනවල මිල ගණන් අද (‍01) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.

ඒ අනුව ලංකා IOC සමාගමට අයත් ඉන්ධනවල මිල, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිලට සමාන වන අයුරින් සංශෝධනය කරන බව එම සමාගම සඳහන් කරයි.

ඒ අනුව ඔක්ටෙන් 92 පෙට්‍රල් ලීටරය රුපියල් 11කින්, ඔක්ටෙන් 95 පෙට්‍රල් ලීටරය රුපියල් 41කින් සහ සුපර් ඩීසල් මිල රුපියල් 22කින් අඩුකර තිබේ.

ඔක්ටෙන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 344ක්වන අතර ඔක්ටෙන් 95 පෙට්‍රල් ලීටරයේ නව මිල රුපියල් 379කි.

මේ අතර සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 355ක් ලෙස සටහන්ව තිබුණි.

එමෙන්ම, ලංකා සුදු ඩීසල් මිල සහ ලංකා භූමිතෙල් මිල සංශෝධනය කර නොමැති අතර, එය පැවති මිල ගණන් යටතේම අලෙවිකරන බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව නිවේදනය කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x