Home » කෝටි 2,089ක මත්ද්‍රව්‍ය වනා­ත­වි­ල්ලුව උඳු­නේදී අළු කරයි
2019-2020 වස­ර­ව­ලදී ඇල්ලූ

කෝටි 2,089ක මත්ද්‍රව්‍ය වනා­ත­වි­ල්ලුව උඳු­නේදී අළු කරයි

by damith
July 1, 2024 1:15 am 0 comment

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශයේ නිල­ධා­රින් සහ නාවික හමුදා නිල­ධා­රින් විසින් ගැඹුරු මුහුදේ 2020 වසරේ දී සහ 2019 වස­රේදී සිදු කළ වැට­ලී­ම්ව­ලින් අත්අ­ඩං­ගු­වට ගත් රුපි­යල් කෝටි 2,089.5කට අධික වටි­නා­ක­ම­කින් යුතු මත්ද්‍රව්‍ය කිලෝ 1208යි ග්‍රෑම් 756ක් පුත්ත­ලම වනා­ත­වි­ල්ලුව ලැක්ටෝස් වත්තේ ඉදි කළ අධි­බ­ලැති උඳු­නේදී පෙරේදා (29) ගිනි තබා විනාශ කරන ලදී.

පොලිස් දෙපා­ර්ත­මේ­න්තු­වට අයත් මෙම උඳුන පසු­ගිය මැයි 01 මහ­ජන ආර­ක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් විවෘත කර­මින් මත්ද්‍රව්‍ය කිලෝ 400ක පමණ ප්‍රමා­ණ­යක් ගිනි තබා විනාශ කරන ලදී. පෙරේදා එම උඳු­නට දමා විනාශ කරනු ලැබුවේ දෙවැනි මත්ද්‍රව්‍ය තොග­යයි. මෙලෙස විනාශ කරන ලද්දේ 2020 අප්‍රේල් මස 1දා මත්ද්‍රව්‍ය කාර්යාං­ශයේ නිල­ධා­රින් හා එක්ව නාවික හමුදා නිල­ධා­රින් ගැඹුරු මුහු­දේදී අත්අ­ඩං­ගු­වට ගත් පාකි­ස්තාන ජාති­ක­යන් 09 දෙනා සන්ත­කයේ තිබී පොලිස් භාර­යට ගන්නා ලද අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 614.36ක්. ප්‍රථ­ම­ව­රට ලංකා­වෙන් හඳු­නා­ගන්නා ලද කෙට­මින් මත්ද්‍රව්‍ය කිලෝ 581.36ක් සහ 2019 නොවැ­ම්බර් මස සහ 2020 වසරේ අප්‍රේල් මස 22දා මත්ද්‍රව්‍ය නාශක කාර්යාං­ශය අත්අ­ඩං­ගු­වට ගන්නා ලද හොරො­යින් කිලෝ 13.686ක් වේ. පසු­ගිය 24 වනදා කොළඹ මහා­ධි­ක­ර­ණ­යේදී මත්ද්‍රව්‍ය නාශක කාර්යාං­ශයේ නිල­ධා­රින් විසින් භාර ගන්නා ලද මේ මත්ද්‍රව්‍ය තොගය පොලිස් විශේෂ බළ­කායේ ආර­ක්ෂාව යටතේ පුත්ත­ලම ලැක්ටෝස් වත්ත වෙත ගෙන යන ලද අතර අයිස් තොගය 29 වෙනි­දාද අනෙ­කුත් මත්ද්‍රව්‍ය ඊයේ (30) දින­යේදී ද විනාශ කර ඇත.

මේ මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරීම විනි­වි­ද­භා­ව­ය­කින් සිදු කිරීම සඳහා අධි­ක­රණ විනි­සු­රු­ව­රුන්, අන්ත­රා­ය­කර ඖෂධ පාලක මණ්ඩ­ලයේ නියෝ­ජි­ත­යන්, රජයේ රස පරී­ක්ෂක සහ මාධ්‍ය­වේ­දීන් මෙන්ම මත්ද්‍රව්‍ය නිවා­රණ කාර්යාං­ශයේ නියෝ­ජි­ත­යන්, එක්ව සිටි­යහ.

සුභා­ෂිණී සේනා­නා­යක, පුත්ත­ලම අති­රේක - හිරාන් ප්‍රියං­කර ජය­සිංහ, මාර­විල සමූහ - මිහිර විජේ­සේ­කර, වනා­ත­වි­ල්ලුව සමූහ - ප්‍රියං­කර කළු­ප­හන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x