Home » ප්‍රේම­දා­සගේ පුතා නොවු­ණා­නම් සජිත් නාග­රික මන්ත්‍රී කම­ක­ට­වත් සුදුසු නෑ

ප්‍රේම­දා­සගේ පුතා නොවු­ණා­නම් සජිත් නාග­රික මන්ත්‍රී කම­ක­ට­වත් සුදුසු නෑ

by damith
July 1, 2024 1:16 am 0 comment

සජිත් ප්‍රේම­දාස මහතා පක්ෂ නාය­ක­යකු වෙන්න තිබෙන එකම සුදු­සු­කම ආර්. ප්‍රේම­දාස මහ­තාගේ පුතා­වීම ලෙස බොහෝ අය හිතන බවත් සජිත් සිතන්නේ ද එලෙ­සම බවත්, එහෙත් බැරි වෙලා­වත් ඔහු ආර්. ප්‍රේම­දා­සගේ පුතා නොවු­ණා­නම් නගර සභා­වක නාග­රික මන්ත්‍රි ධුර­යක් සඳ­හා­වත් සුදුසු පුද්ග­ල­යෙක් නොවන බව ජාතික ජන බල­වේ­ගයේ නායක, පාර්ලි­මේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසා­නා­යක මහතා පෙරේදා (29) දින කළු­තර පැවැති ජන හමු­වක් අම­ත­මින් පැවැ­සීය. මන්ත්‍රී­ව­රයා එසේ පැවැ­සුවේ ‘පුන­රු­ද­යට රටම එකට’ යන මැයෙන් ජාතික ජන බල­වේ­ගය විසින් ජනා­ධි­ප­ති­ව­ර­ණය ඉලක්ක කර පැවැත්වූ කළු­තර දිස්ත්‍රික් ප්‍රථම ජන හමු­වේ­දීය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දක්ව­මින් අනුර කුමාර දිසා­නා­යක මහතා මෙසේ ද පැවැ­සීය. ‘අපිට මත­කයි පසු­ගිය මැති­ව­ර­ණ­ය­කදී සජිත් ප්‍රේම­දාස මහතා පැව­සුවා ඔවුන්ගේ ආණ්ඩු­ව­කදී හොරු ඇල්ලීමේ රාජ­කා­රිය හරි­යට කිරීම සඳහා සරත් ෆොන්සේකා මහ­තාට පොලිස් ඇමැ­ති­කම දෙන බව. ජන­තාව ඒ වෙලාවේ බොහෝම සන්තෝස වුණා. ඒත් අද ඒ පක්ෂයේ සභා­ප­ති­ව­රයා වන සරත් ෆොන්සේකා ආණ්ඩු­වක් පත්වෙන්න කලින්ම කැසිනෝ මුද­ලා­ලි­ලා­ගෙන් සල්ලි අර­ගන්න හොරෙක් අල්ල­ගෙන. ඒ නිසා ඒ ගැන අපි කතා කරන්න අව­ශ්‍යම නෑ කිය­ලයි හිතෙන්නේ.

ඉත්තෑ­පාන සමූහ - ප්‍රේම­ති­ලක පෙර­මුණ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x