Home » බස් ගාස්තු 5.27%කින් පහ­ළට

බස් ගාස්තු 5.27%කින් පහ­ළට

අවම ගාස්තුව රු.28යි

by damith
July 1, 2024 1:17 am 0 comment

බස් ගාස්තු සංශෝ­ධ­නය ජාතික ප්‍රති­ප­ත්ති­යට අනු­කූ­ලව කිරී­මට කට­යුතු කරන බව සමස්ත ලංකා පෞද්ග­ලික බස් හිමි­යන්ගේ සංග­මය සඳ­හන් කරයි.

ඒ අනුව ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට එම සංශෝ­ධන ක්‍රියා­ත්මක කරන බව ‘දින­මිණ‘ සිදු කළ විම­සී­ම­කට පිළි­තුරු දෙමින් එම සංග­මයේ ලේකම් අංජන ප්‍රියං­ජිත් මහතා පැව­සීය.

බස් ගාස්තු සිය­යට 5.27කින් අඩු කරන බවත් ඒ හේතු­වෙන් රුපි­යල් 30ක් වන අවම බස් ගාස්තුව රුපි­යල් 28ක් වන බවත් හෙතෙම පැව­සීය.

බස් ගාස්තු අඩු­වීමේ වාසිය 100%ක්ම මගී ජන­තාව ලබා­ගැ­නී­මට නම් අනි­වා­ර්යෙන්ම මාරු සල්ලි රැගෙන එන ලෙස මගී ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටින ඒ මහතා සෑම ගාස්තු අව­ස්ථා­ව­ක­දීම මේ රුපි­යල් දෙක, තුන, පහ වගේ මාරු කාසි ගැට­ලුව ඇති වීමට ඉඩ ඇති බව ද කියා සිටි­යේය.

‘ආණ්ඩුව පිළි­ගත්තා මින් ඉදි­රි­යට, ඒ කියන්නේ ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ දී සිදු­වෙ­නවා නම් ඩීසල් මිලෙහි අඩු­වී­මක් මේ අඩු­වීම කිසි­සේත් බස් ගාස්තු අඩු­වී­ම­කට බල­පෑ­මක් සිද්ධ කරන්නේ නෑ කියන එක­ඟ­තාව මත මේ 5.27%ක බස් ගාස්තු අඩු­වී­ම­කට අපි එකඟ වන්නේ. අපි පැහැ­දි­ලිව කිය­නවා ආණ්ඩුව විසින් යම් යම් චක්‍ර­ලේඛ ගෙනල්ලා මේ ප්‍රවා­හන සේවාව අත්‍ය­වශ්‍ය සේවා­වක් කර අපේ වෘත්තීය ක්‍රියා­මාර්ග පස්සට හකු­ළන්න ආණ්ඩුව උත්සාහ කර­න­වා­නම් අපි එයට කිසි­සේත් පසු­බට වන්නේ නැහැ යැයිද හෙතෙම වැඩි­දු­ර­ටත් කියා සිටි­යේය.

මේ සම්බ­න්ධ­යෙන් ජාතින ගම­නා­ග­මන කොමි­ෂන් සභා­වෙන් කළ විම­සු­ම­කදී එම කොමි­ෂන් සභාව සඳ­හන් කරනු ලැබුවේ අද (01) දහ­වල් නව මිල සංශෝ­ධ­නය සම්බ­න්ධ­යෙන් නිවේ­ද­නය නිකුත් කරන බවය.

සුභා­ෂිණී සේනා­නා­යක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x