Home » සේවා කාලය නොස­ලකා රජයේ විධා­යක සේවා ගණයේ නිල­ධා­රීන්ට රු. 25,000ක මාසික දීම­නා­වක්

සේවා කාලය නොස­ලකා රජයේ විධා­යක සේවා ගණයේ නිල­ධා­රීන්ට රු. 25,000ක මාසික දීම­නා­වක්

by damith
July 1, 2024 1:18 am 0 comment

රාජ්‍ය සේවයේ විධා­යක සේවා ගණයේ නිල­ධා­රීන්ට රුපි­යල් 25,000ක විශේෂ මාසික දීම­නා­වක් අද (01) දින සිට ක්‍රියා­ත්මක වන පරිදි ගෙවී­මට රජය තීර­ණය කර තිබේ. මෙතෙක් සේවා කාලය මත පද­නම්ව ගෙවන ලද විශේෂ දීම­නාව වෙනු­වට සේවා කාලය නොස­ලකා රුපි­යල් 25,000ක විශේෂ මාසික දීම­නා­වක් ගෙවී­මට පසු­ගිය (24) වැනිදා පැවැති ඇමැති මණ්ඩල රැස්වී­මේදී තීර­ණය කර ඇත.

ඒ අනුව මෙම දීම­නාව ශ්‍රී ලංකා ඉංජි­නේරු සේවයේ, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ සේවයේ සහ ශ්‍රී ලංකා මිනි­න්දෝරු සේවයේ නිල­ධා­රීන්ට ද හිමිවේ. ඊට අදාළ චක්‍ර­ලේ­ඛය රාජ්‍ය පරි­පා­ලන හා ස්වදේශ කට­යුතු, පළාත් සභා හා පළාත් පාලන අමා­ත්‍යාං­ශයේ ලේකම් ප්‍රදීප් යස­රත්න මහ­තාගේ අත්ස­නින් යුතුව අමා­ත්‍යාංශ ලේක­ම්ව­රුන්, පළාත් ප්‍රධාන ලේක­ම්ව­රුන්ට හා දෙපා­ර්ත­මේන්තු ප්‍රධා­නීන් වෙත යොමු කර තිබේ.

2025 .06. 26 දිනැති රාජ්‍ය පරි­පා­ලන චක්‍ර­ලේඛ 18/2015 නිකුත් කිරී­මෙන් පසු එම චක්‍ර­ලේ­ඛය සහ එයට අනු­ශාං­ගි­කව නිකුත් කළ චක්‍ර­ලේ­ඛ­වල හිමි­කම සමඟ එයට අති­රේ­කව සේවා­වෙහි/ තන­තු­රෙහි සුවි­ශේ­ෂිතා සැල­කි­ල්ලට ගෙන විශේෂ දීමනා අනු­මත කළ සේවා­ව­ව­ලට/ තන­තු­රු­ව­ලට අයත් නිල­ධා­රීන්ට මෙම චක්‍ර­ලේ­ඛය ක්‍රියා­ත්මක වන දිනට අදාළ විධි­වි­ධාන අනුව හිමි වන දීම­නාව/ දීමනා 25,000ට වඩා අඩු­නම්, ඔවුන්ට එම දීම­නාව/ දීමනා සහ මෙම චක්‍ර­ලේ­ඛය මඟින් හිමි­වන රුපි­යල් 25,000 අතර වෙනස පම­ණක් ගෙවිය යුතු වන අතර, එම දීම­නාව/ දීමනා රුපි­යල් 25,000ට සමාන හෝ ඊට වඩා වැඩි වන්නේ නම්, එම දීම­නාව/ දීමනා මෙම චක්‍ර­ලේ­ඛ­යට අනුව සංශෝ­ධ­නය නොකළ යුතු බව එහි සඳ­හන් වේ.

ඒ අනුව 2020.01.07 දිනැති රාජ්‍ය පරි­පා­ලන චක්‍ර­ලේඛ 18/2015 (IV) මඟින් තාව­කා­ලි­කව අත්හි­ටු­වන ලද අංක 18/2015 (III) දරන 2019.12.07 දිනැති රාජ්‍ය පරි­පා­ලන චක්‍ර­ලේ­ඛය 2024.06.30 දින සිට අව­ලංගු කෙරෙන අතර 2011.12.12 දිනැති අංක 28/2011 දරන රාජ්‍ය පරි­පා­ලන චක්‍ර­ලේ­ඛය අනුව ශ්‍රී ලංකා ඉංජි­නේරු සේවයේ නිල­ධා­රීන්ට 2023.11.12 දිනැති අංක 23/2013 දරන රාජ්‍ය පරි­පා­ලන චක්‍ර­ලේ­ඛය අනුව ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ සේවයේ නිල­ධා­රීන්ට මෙන්ම අමප/13/1466/533/016 හා 2013.10.31 දින පැවැති ඇමැති මණ්ඩල රැස්වී­මේදී එළැඹි අංක 41.07 තීර­ණය අනුව ශ්‍රී ලංකා මිනි­න්දෝරු සේවයේ නිල­ධා­රීන්ට එකී විධි­වි­ධාන අනුව ගෙවනු ලබන දීමනා 2024.07.01 දින සිට ගෙවනු ලැබේ.

මෙම චක්‍ර­ලේ­ඛය මහා භාණ්ඩා­ගා­රයේ එක­ඟ­තාව ඇතිව නිකුත් කර ඇති අතර මෙම චක්‍ර­ලේඛ විධි­වි­ධාන 2024.07.01 දින සිට ක්‍රියා­ත්මක වේ.

නුවන් කොඩි­කාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x