Home » සම්පන්දන් අභාවප්‍රාප්ත වෙයි

සම්පන්දන් අභාවප්‍රාප්ත වෙයි

by damith
July 1, 2024 1:19 am 0 comment

හිටපු විපක්ෂ නායකවරයකු සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර්. සම්බන්ධන් මහතා ඊයේ රාත්‍රියේ කොළඹ පුද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය. මිය යන විට අනූ එක් වන වියේ පසුවූ ඒ මහතා කලක් රෝගාතුරව සිටියේය. නීතිඥයෙක් වූ ඒ මහතා, 1977 සිට 1983 දක්වා සහ 1997 සිට 2000 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ද 2015 සැප්තැම්බර් සිට 2018 දෙසැම්බර් දක්වා විපක්ෂ නායකවරයා ලෙස ද කටයුතු කළේය. ඔහු යාපනයේ ශාන්ත පැට්‍රික් විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ද , කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය, ත්‍රිකුණාමලයේ ශාන්ත ජෝශප් විද්‍යාලය සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇත. ඒ මහතාගේ අවමංගල්‍ය කටයුතු සම්බන්ධයෙන් අද දින දැනුම් දීමට නියමිතය.

රසුර දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x