Home » උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට

උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට

by chanaka
June 30, 2024 11:16 am 0 comment
train

රාත්‍රි තැපැල් දුම්රිය පීලි පැනීමෙන් ඇනහිට තිබු උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට පත්කර ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, පීලි පැනීමට ලක් වු දුම්රියේ එන්ජිම නාවලපිටිය සහ හැටන් දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග නඩත්තු අංශයේ සේවකයින් විසින් පීලිගත කිරිමෙන් අනතුරුව එම මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට පත්කළ බවයි.

බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය කරමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රිය පීලි පැනීමෙන් අද (30) අලුයම සිට උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x