Home » දරුවන් දෙදෙ‍නෙකු දියේ ගිලි මිය යයි

දරුවන් දෙදෙ‍නෙකු දියේ ගිලි මිය යයි

by chanaka
June 30, 2024 10:02 am 0 comment

කඳාන උතුරු බටගොඩ ප්‍රදේශයේ පිහිනුම් තටාකයක සහ කිලිනොච්චිය ඉරණ මඩු වැවේ දිය නාමින් සිටි දරුවන් දෙදෙනකු දියේ ගිලි මිය ගොස් තිබේ.

කඳාන පිහිනුම් තටාකයේ ගිලි මිය ගොස් ඇත්තේ අවුරුදු පහක දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි දරුවකු වන අතර, ඔහු තවත් දරුවන් කීපදෙනෙකු සමග පිහිනුම් තටාකයේ දිය නාමින් සිට ඇත.

මේ අතර කිලිනොච්චිය ඉරණමඩු වැවේ යාළුවන් පිරිසක් සමග දිය නෑමට ගිය අනෙක් පාසල් සිසුවා දියේ ගිලි අතුරුදන්ව ඇති අතර පොලිසිය සහ ප්‍රදේශවාසින් එක්ව දරුවා සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x