Home » රවින්ද්‍ර ජඩේජාත් ජාත්‍යන්තර 20යි 20 පිටියට සමු දෙයි

රවින්ද්‍ර ජඩේජාත් ජාත්‍යන්තර 20යි 20 පිටියට සමු දෙයි

by chanaka
June 30, 2024 8:04 pm 0 comment

20 යි 20 ජාත්‍යන්තර පිටියෙන් සමු ගන්නා බව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක රවින්ද්‍ර ජඩේජා නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

ඊයේ (29) පැවති ලෝක කුසලාන තරගාවලිය ජය ගැනීමෙන් අනතුරුව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරුවෙකු වන විරාට් කෝලි සහ රෝහිත් ශර්මා ද ජාත්‍යන්තර 20 යි 20 පිටියට සමු ගන්නා බව නිල වශයෙන් ප්‍රකාශ කළේය.

ඒ අනුව 20යි 20 ජාත්‍යන්තර පිටියට සමු දුන් තෙවන ඉන්දීය ක්‍රිකට් ක්‍රිඩකයා රවින්ද්‍ර ජඩේජා වේ.

35 හැවිරිදි වියේ පසුවන ජඩේජා පවසන්නේ තමා ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමට 20යි 20 ලෝක කුසලානය දිනා ගැනීමට හැකිවීම සදා අමතක නොවන ජයග්‍රහණයක් බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x